Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

New Pillawoos on Kew Road

163/1 Kew Road, Colombo 2

  • Open 8 AM to 11 PM everyday


This place does a decentish bath packet for around Rs. 170. Samba rice, dahl, a couple of vegetables curries (gotakola, beetroot, snake-gourd, etc) and sometimes soya, wrapped up with your choice of chicken or fish



මෙතැන හොඳ බත් පාර්සලයක් රු. 170කට මිළදී ගතහැකි ස්ථානයකි. එහි මිළ එය විකුණන අයගේ මූඩ්එක අනුව රු. 10කින් එහි මෙහා වන්නට පුළුවන. සම්බා බත්, පරිප්පු, ගොටුකොළ, රතුඅල, පතෝල වැනි එළවළු කීපයක් හා සමහරවිට සෝයාද, ඔබ කැමති අන්දමින් මස් හෝ මාළුත්, පපඩම් හා බැදපු මිරිසුත් සමග. ඇතැම්විට මට හිතෙනවා මාළුත්, මාළු රස පපඩමුත් එකම තෙලක බදිනවාද කියලාත්. සාමාන්‍ය බත් කඩවල විදිය අනුව ඔවුන් බත් යහමින් දෙන ගමන් පරිප්පුවලට ලෝභයි. ඒ නිසා වැඩිපුර පරිප්පු ඉල්ලන්න අමතක කරන්න එපා.

මෙතැන වෙනත් කෑම වර්ග වන්නේ සාමාන්‍ය පිලාවුස් පිරිනැමුම් වන කොත්තු (චීස්, චිකන් ආදී), රොටි (චිකන් රොටි, චොකලට් රොටි ආදී), බුරියානි හා ඉල්ලීම මත ඔවුන්ගේ ලොකු තාච්චිවල ක්ෂණිකව සැකසෙන  ෆ්‍රයිඩ් රයිස්. පැණි ආප්පත් පිරිනැමෙනවා.

කෑම නරක නැහැ. ඒත් ගොඩක් දුර සොයාගෙන යන්න තරම් දෙයක් නැහැ. ඒත්, ඔබ ඉන්නේ ඒ අවටනම් සහ බඩගිනිනම් ගිහින් බලන්න. සේවාවන් කඩිනම් හා කාර්යක්ෂමයි. ඒත්, ඕනෑවට වඩා ආචාරශීලිත්වයක් බලාපොරොත්තුවන්න එපා. ඒගොල්ලෝ ඒ තරම් උද්‍යෝගී පිරිසක් නොවෙයි. ඒකත් හොඳයි.

නරක දෙය තමයි, නව පිලාවුස් පිහිටා තිබෙන්නේ කුණු එකතුකරන තැනට යාබදව වීම. අඩි කීපයක් ඈතින් කොළඹ නගර සභාවේ දැවැන්ත කුණු ලොරියක් හැමතිස්සේම නවත්වලා. ඒ කියන්නේ කෑම ගන්න යන්න පෙර ඔබ ඔබ ඒ ගඳ ඉවසිය යුතුයි කියායි. එහෙම නැතිනම් ඔබ පාරේ අනෙක්පැත්තෙන් පැමිණිය යුතුයි.

TIP

This seems to be one of the few (perhaps only but we haven't checked) kades in the area that sell Dunhill Switches. Not that you should smoke, ever.

Address

163/1 Kew Road, Colombo 2

Report Inaccuracy

Open 8 AM to 11 PM everyday

Cuisine

Sri Lankan

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment