Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

New Summer Garden Restaurant & Guest House

Peellagoda, Unawatuna.


A nice place to get booze in the evening at beach, Cabanas with Thai & Chinese Bites.



“හම්මෙ!, යං යං සෙනිකව ගොඩට. අම්බානක බඩගිනියි බං”

කරා බෝට්ටුවට ගොඩවුනේ තඩි ඈනුමකුත් ඇරගෙනම. කොහොම වුනත් කතාව ඇත්ත, මොකද උදේ 8-9, 11-12 ඩයිව් දෙකක් දැම්මට පස්සෙ ඉතිං... අනික, කස්ටිය උදේටත් හරියට කාලා හිටියෙ නෑනෙ.

කොහොම හරි ගොඩට ඇවිත් බඩු බාහිරාදිය පිළිවෙලක් කරල ඉවර වෙන්නත් කට්ටිය පැය භාගයක් විතර ගියා. ඔය අතරට කරා, කඩේ අයියට ටෝක් කරල හිතේ හැටියට කියාපු රෙස්ටුරන්ට් දෙක තුනකුත් අහගෙන. හීන් සැරේට මං ලඟට ඇවිත් විස්තරේ කිව්වා. ආයෙ ඉතිං බල බල ඉන්න දෙයක් නෑනෙ, මම සෙනිකව කට්ටිය දැනුවත් කරල ලඟම තියෙන රෙස්ට් එක ටාගර්ට් කලා. මොකද ඇත්තම කියනවනං, ඒ වෙද්දි මටත් ඇවිද ගන්න ලොකු පණක් තිබ්බෙ නෑ. බඩගින්න නේ..!

උණවටුන හංදියෙන්, ගාල්ල-මාතර මේන් රෝඩ් එකට ආපු අපි හෙමින් සැරේ මාතර පැත්තට ඇදුනෙ, ඩයිවර්ස් ලෑන්ඩ් අයියා, හොඳයි කියපු සමර් ගාර්ඩ්න් රෙස්ටුරන්ට් එක හොයාගෙන.

අනේ, කියන්න සන්තෝසයි යාළු කිලෝමීටර භාගයක් යන්න ඕන වුනේ නෑ, මෙන්න තියෙනව උසට උසේ, පොඩි බෝර්ඩ් ලෑල්ලකුත් ගහල. පරණ ස්ටයිල් එකට හදපු, දෙපලු ලී දොර දැක්කාම නං අමුතුම ගතියක් ඇඟට එන්නෙ. රෙස්ට් එක ඉස්සරහ ලොකු ගස් දෙකකුත් තියෙන නිසා වට පිටාවම හොඳ හැටි කූල්. වැඩේ කියන්නෙ එළිය ලස්සනට තිබුනට මේකෙ ඇතුල සෑහෙන්න සරලයි. ඒසී. මුකුත් එහෙමත් නෑ. කෙලින්ම බීච් එකට මුහුණපාලා හදල තියෙන්නෙ. රෙස්ට් එක ඇතුලෙ වගේම, බීච් එකේ දාලා තියෙන කබානා වලත් සෙට් වෙන්න පුලුවන්. එහෙම නැත්තං පොඩි ඇලට් එකක් දාන්නත් නරකම නෑ. හැබැයි හැන්දෑවරුවක තමයි. නැත්තං පිච්චිලා මැරෙන්න වෙන්නෙ, අව්වට.

දහ දොළොස් දෙනෙක්ට වාඩි වෙන්න පුලුවන් ලොකු මේසයක් තිබුන නිසා අපේ කස්ටිය දඩිබියට ඒක අල්ලගෙන. කිට්ටුව පාත මේසෙක සුද්දො ටිකක් බියර් බෝතල් දෙකක් හිස් කරනව. අපිට ඉතිං ඒවයින් වැඩක් නෑනෙ. හිනාවක් දාගෙන ඉස්සරහට ආපු වේටර් මල්ලිට කියල සෙනිකව කෑම මෙනු දෙකක් ගෙන්න ගත්ත. ඒ අතරට ඉතිං ඔය කූල් වතුර බෝතල්, හැඳි ගෑරුප්පු, පිඟන් එහෙමත් මේසෙට ආවෙ නැතුව නෙවෙයි. කොහොම හරි කට්ටියට විනාඩි 5ට කෑම ටික තෝරල ඉවරයි.

“මේ, මටයි, මුටයි, අචලයටයි බීෆ්, ෆ්‍රයිඩ් නූඩ්ල්ස් එකක් (රු. 625) ඕන”

කරා වැඩේට බැස්සා.

“අපිට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් (රු. 725)”

ඉස්සරහ පේළියෙ ඉඳපු ගෑණු ළමයි ටික.

“මටයි, පුතාටයි ෆිෂ් ෆ්‍රයිඩ් රයිස් එකක් (රු. 625) ෂේප්. ආ.. තව වෙජි සැලඩ් එකකුත් (රු. 350) ඕන”

අපේ ඉන්සට්‍රක්ටර් අයියා.

මට දැන් පිස්සු වගේ. වෙලාවට එතනට ඇවිත් හිටිය වේටර් මල්ලි ඕඩරේ ලියාගත්තෙ.

“සර්, ෆිෆ්ටීන් මිනිට්ස් විතර යාවි”

“ආ අවුලක් නෑ. ෂේප්”

මම පැනපු ගමන් උත්තර දුන්නෙ, හදිස්සියෙ අපේ එකෙක්ට තව කෑම ජාතියක් මතක් වෙලා ඕඩර් කරයි කියල බයට. වෙලාවට එහෙම වුනේ නෑ.

බඩගින්නෙ මැරෙන්න හද හද ඉඳපු කස්ටිය, ඉන්ස්ට්‍රක්ටර් අයියත් එක්ක ඊස්ට් කෝස්ට් ඩයිව් ගැන චැට් එකක. කෑම ඕඩ්ර් කලා කියල තියා මේසෙට එනකංවත් ගාණක් නෑ. ඒ අස්සෙ වේටර් මල්ලිත් රියිස්, නූඩ්ල්ස්, සැලඩ් ඔක්කොම මේසෙට ගෙනැල්ලා.

හ්ම්ම්.. ඒත් පොඩි අඩු පාඩුවක් වගේ! සෝස්, චිලී පේස්ට් පේන්න නෑනේ..

“ඒ.., මේ මල්ලි. සෝස්, චිලී පේස්ට්?”

“අනේ සොරි සර්, චිලි පේස්ට් නං ඉවරයිනෙ. සෝස් ගේන්නං”

“හුටා!”

මොනව කරන්නද? හිත හදාගෙන කස්ටිය වැඩේට බැස්සා. මම ඉස් ඉස්සෙල්ලාම කියල අත ගැහුවෙ බීෆ් නූඩ්ල්ස් එකට. හම්මේ ඒකෙ සයිස් එක. ගැඹුරු තෙලේ බැදපු අඟලෙ විතර බීෆ් කෑලිත් තොගයක් මික්ස් කරල. කැරට්, ලීක්ස්, බෝංචි, ළූණු එහෙමත් මදි නොකියන්න දාලා තියෙනව. හැබැයි නූඩ්ල්ස් එකේ සැර නං හොඳටෝම මදි. කොහෙද ඉතිං චිලි පේස්ට්වත් නෑනෙ සැර හදාගන්න. විශේෂයෙන් කියන්න තරං රසක් නැති වුනාට කටකට එක ගාණෙ තරම් බිෆ් කෑලි මික්ස් කරල නිසා හිතේ හැටියට කෑ හැකි. අනික සෝස් ටිකකුත් එකතු වුනාම ඔය නියමෙට තියෙන්නෙ.

ඒකට බලන්න තිබ්බෙ මික්ස් රයිස් එක. කරුමෙ කියන්නෙ ඒකෙ අන්තිම කට දෙක තමයි මට කන්න සෙට් වුනේ. ඒත් පුදුමෙ කියන්නෙ, අන්තිම වෙලත් ඉස්සො, දැල්ලො, චිකන් කෑලි හොඳ හැටි තිබුනනෙ. හිතා ගන්න බෑ ඉතිං. ඒත් මොකෝ බැදපු මාළු කෑලි, ඉස්සො, දැල්ලො වගේම කටට රහට ලොකුවට චිකන් කෑලි එහෙමත් හැපෙද්දි. දැල්ලො තම්බල ගම්මිරිස් දාලා තමයි පදම් කරල තිබුනෙ. මාළු, ඉස්සො ටික ගැඹුරු තෙලේ බැදල. චිකන් එක තම්බල ගම්මිරිස් දාලා පදම් කරල බැදලා, කැරට්, ලීක්ස්, බෝංචි හීනියට ලියල එකතු කරලා, හිතා ගන්න පුලුවන්නේ.. ආයෙ රසයි සුවඳයි දෙකම පංකාදු පහයි.

ෆිෂ් රයිස් එකේ නං කියන්න ඒ හැටි ලොකු දෙයක් නෑ. කොහොම හරි අම්බානක බැදපු මාළු කෑලි නම් එකතු කරල තිබුනා. අතරින් පතර කැරලි වෙන්න බැදපු බිත්තර කෑලිත් තිබුනා. ඒත් රයිස් එක නම් ෆුල් නෝර්මල්. ඇත්තටම චිලි පේස්ට් නැති අඩු පාඩුව නිසා නූඩ්ල්ස් එකේ වගේම රයිස් වලත් සැර ගතිය නැති අවුල හොඳටම දැනුන.

ඒ අඩුපාඩුව ලාවට හරි මකා ගත්තෙ වෙජි සැලඩ් එකෙන්. කැරට්, ගෝවා, අන්නාසි, පිපිඤ්ඤා, ලීක්ස්, බෝංචි පොඩියට ලියල, රස පදමට ගම්මිරිස් ලුණු එහෙමත් එකතු කරල, ‘ටොප්’ සැලඩ් එක. ඇඹුල් රසත් ගාණට. හැබැයි ඉතිං කට්ටිය අතරෙ සෙනිකව වාශ්ප වෙලා ගිය නිසා තියාගෙන රස බලන්න චාන්ස් එකක් සෙට් වුනේ නෑ.

කෑම ප්ලේට් තුන වුනාට මොකද කස්ටිය අට දෙනෙක් කාලත් අන්තිමට හැම එකකම වගේ පොඩ්ඩ පොඩ් ඉතුරුයි. ඒ ටිකට වග කියපු එකෙකුත් හිටියා. මෙන්ෂන් කරන එක හරි නැති නිසා නොකියා ඉන්නං.

කොහොම හරි ඉස්මුරුත්තාවට එනකං කාලා ඉඳපු අපි ජූස් එකක් බොන්න කියල මෙනු බැලුවට සෙට් වෙන එකක් හරියට තිබ්බෙ නැති නිසා ඒ වැඩේ අල්ලල දැම්මා. බිල ගෙවල දාලා කූල් වතුර බෝතල් දෙකකුත් ගෙන්න ගත්තෙ, තෙල් කෑවට පස්සෙ ඇඟේ රඟේ හොඳ හැටි දන්න නිසා. ඒ කොහොම වුනත් ආයෙ උණවටුන පැත්තෙ ආවොත් නම් ඉතිං සමර් ගාර්ඩ්න් එකටම තමයි ගොඩ වෙන්නෙ. නැත්තං ඉතිං සුද්දො යන තැන් වලට ගිහින් පර්ස් එක උගස් කරන්න කියලයැ?


TIP

Try Thai or Chinese

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment