Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

5/5

Nihonbashi (ODEL)

ODEL, 5 Alexandra Place, Colombo 7


Nihonbashi is one of our most famous restaurants - they serve the best sushi in the city, fact. This is the place for Japanese fine cuisine.



නිහොන්බාෂි කොළඹ තියෙන අවල්හල් අතරින් ජනප්‍රියම තැන්වලින් එකක්. ඒකට හේතුව ඔවුන් නගරයේ තියෙන හොඳම සුෂි පිළිගන්වන නිසයි. මෙය ජපන් අහාර සඳාහා කදිම අවන්හලක්. එයාලගේ හොඳම හෝටලේ, හොන්තෙන් තියෙන්නේ ගෝල්ෆේස් ටෙරස් එකේ. මෙතන මෙනූ එකනම් මිල අධික වගේම දීර්ඝයි. ජපන් ක්‍රමයට ලස්සනට පිළියෙල කළ වාඩිවෙන අසුන් සහිත මෙහි තියෙන්නේ සෙන් ආකාරයේ වටපිටාවක්.

ඔඩෙල් එකේ තියන අවුට්ලට් එක සුෂි බාර් එකක්. මෙතන තියෙන්නේ නිහොන්බාෂි එකේ තියෙන කෑම වර්ග වලින් කොටසක් විතරයි. මෙතනින් කන එක ටිකක් ලාභදායකයි. ජයික් එකේ තියෙන අවුට්ලට් එකනම් ඔඩෙල් අවුට්ලට් එකයි නිහොන්බාෂි එකයි අතරමැද එකක් කියන්න පුළුවන්. ඒක හොන්තෙන් තරම් අරුමෝසමුත් නෑ, ඔඩෙල් අවුට්ලට් එකට වඩා දිග මෙනූ එකකුත් තියෙනවා.

නිහොන්බාෂි එකත් එක්ක ඔබ ලබන අත්දැකීම වෙනස් වෙනවා ඔබ යන ඒ ගොල්ලන්ගේ අවන්හල අනුව. හොන්තෙන් එක අලංකාර ස්ඛෝපභෝගී වටපිටාවත් එක්ක අපූරු රසයක් ඔබට දේවි. ඔඩෙල් ඔබට දෙන්නේ ඉක්මන් රසවත් කෑම වේලක්.

කෑම

නොහොන්බාෂියේ හැම කෑමක්ම උපමතෘකා යටතේ විස්තර කරන්න වටිනවා. නමුත් අපි ඒක කෙටියෙන් විස්තර කරන්න බලනවා.

මේ අවන්හලේදී අපට කිසිමදාක බලාපොරොත්තු කඩවෙන අත්දැකීමක් ලැබිලා නැහැ. ඉක්මන් සුෂි එකකට ගියත්, සම්පූර්ණ කෑමවේලකට ගියත් මේ අවන්හල එකම විදියට එයාලගේ තත්වය රැකගෙන සේවය සපයනවා. මම නම් වඩාත්ම කැමති ග්යූ නො තතාකි වලට. මේක වේලපු හරක් මස්, ස්කැලියන් එක්ක පිළිගන්වන දීසියක්. ඒක ටිකක් කාඩි සෝයා සෝස් (හරියටම දන්නේ නැහැ මොනවද කියලා) වගේ එකක් එක්ක තමයි දෙන්නේ. ඒක මම මෙතෙක් කාපු කෑම වලින් හොඳම රස එකක්. Ratatouille චිත්‍රපටියේ තියෙනව මගේ අත්දැකීම කොහොමද කියලා පෙන්නන දර්ශනයක්. ඒක හරියට මොළේ ඇතුළේ ගිනිකෙළි සංදර්ශනයක් යනවා වගේ හැඟීමක්. ඒක දිව්‍යමය රසයක්. කාලම බලන්න.

නිහොන්බාෂි වල සුෂි කදිමයි. ඒවා නගරයේ තියෙන හොඳම සුෂි. අපි තෙක්කා මාකි (ටූනා සුෂි කෑවා. ඒක රුපියල් 480යි. කෑලි 6ක් තිබුණා. එක සැමන් එකක් (රුපියල් 200) සහ එක ප්‍රෝන් නිගිරි එකක් (රුපියල් 180) සහ ග්යූ නො තතාකි තෙමර් (කෑලි දෙකකට රුපියල් 180). මේක පුංචි බත් ගුලියක් එක්ක දෙන  අමු හරක් මස් පෙත්තක්. අපි සුෂි පිඟානකුත්, සුෂි ඉචිබන් (රුපියල් 800) එක්ක කෑවා. ඔක්කොම රසයි. මම සුෂි ගැනනම් වැඩිය දන්නේ නෑ. ඒත් මම හිතන්නේ ඒවා හදන්නේ ඔක්කොම කළමනා ටික හරිම විදියට දාලා කියලා. එයාලා අපනයන තත්ත්වයේ කෑම හදනවා ඒවා ජපානෙට යන්න ඉස්සරවෙලා.

හොන්තෙන්හිදී මම එක දවසක් ඔකොනොමියාකි, ඒ කියන්නේ ටෙප්පනයාකි දීසියක් කෑවා. ඒක හරියට ඝණකම්, පිරුණු පෑන් කේක් එකක් වගේ කෑමක්. ඒකේ දවටනයේ ඉස්සොයි, දැල්ලොයි, එළවළුයි තියෙනවා. ඊට උඩින් මායෝ වගේ සෝස් එකකුත් දාලා තියෙනවා. ඒක උඩින් දාන කුඩු වගේ දේ නම් නියමයි. මම දන්නේ නෑ හරියටම ඒවා මොනවද කියලා, ඒත් පෑන්කේක් එකේ රස්නෙට ඒ කුඩු එහා මෙහා යන්නෙ හරියට සමනල තටු වගෙයි. ඒක හරි ලස්සන දීසියක්. ඒත් පිරවුම් ගොඩක් එක්ක. ඒ නිසා ඔයාලා සුෂි ගොඩක් කන්න බලාපොරොත්තුවෙන් යනවානම් කෑම අණවුම් කිරීමේදී බොහොම සැලසුම් සහගත වෙන්න.

හොන්තෙන් බොහොම මිල අධික හරක් මස් දීසි ගොඩක් ඉදිරිපත් කරනවා. පැය 24කට ඉස්සර වෙලා ඇණවුම් කළයුතු, අඩුම ගානේ දෙකක්වත් ඇණවුම් කළයුතු වාග්යූ බර්ගර් වගේ දේවලුත් මෙතන තියෙනවා. අපේ බලාපොරොත්තුව කෝබේ බීෆ් කන එක. මේක හරිම මිල අධික කෑමක්. ඒක හරියට රත්තරන් කනවා වගේ වැඩක්. අපි අහලා තියෙනවා ඒක පුදුම සහගත කෑමක් කියලා. ඔයාල ඒක කාලා තියෙනවනම් අපිටත් ඒ ගැන කියන්න. අපිටත් ඒක රස බලන්න ආසයි.

අත්දැකීම

හොන්තෙන් විශිෂ්ට කෑම සම්බන්ධ අත්දැකීමක් ගන්න පුළුවන් තැනක්. ඒක පරෙස්සමෙන් සැලසුම් කරලා තියෙන්නේ ඔයාලව සන්සුන්ව, නිසංසලේ තියන්න. හරියටම ජපන් සෙන් ක්‍රමයට. එතන පුද්ගලික කාමර කිහිපයක් තියෙනවා. ඒ හැම එකක්ම ඉඩ කඩ සහිතයි, ඒ වගේම පුංචි ගල් සහිත මල් වත්තකට නැත්නම් දර්ශනීය ලස්සනක් තියෙන තැනකට අල්ලලා තමයි මේ කාමර තියෙන්නේ. කාර්ය මණ්ඩලය මිත්‍රශීලි වගේම ඔබ ගැන බොහොම සැලකිලිමත්. මෙහි අයිතිකරු දර්ශන් හැම ගනුදෙනුකරුවකුටම පුද්ගලිකවම කතා කරවා එයාල ඇත්තටම මෙතන ගැන සතුටුදැයි බලන්න. ඒ වගේම මෙනූ එක iPad එකේ පිළිගන්වපු ලොකේ ප්‍රථම අවන්හලත් මෙකලු. විශේෂ අවස්ථාවකට මේක කදිම තැනක්.

මිල

මෙහි මිල තීරණය වෙන්නේ ඔයාලා කෑම ඇණවුම් කරන ක්‍රමය අනුව. නිහොබාෂි අවන්හලෙන් දරාගන්න පුළුවන් මිලකට කෑම කන්න පුළුවන් වගේම තමයි දරුණු ලෙස මිල අධික කෑම වේලකුත් ගන්න පුළුවන්. ඉහත සඳහන් කෑමවල මිල (අමතරව යකිටොරි දොන් එකකුත් එක්ක - රුපියල් 720) ඔඩෙල්හි අවුට්ලට් එකේදි, ඒ කියන්නේ දෙදෙනෙකුට රුපියල් 3,000ක් විතරයි . ඇත්තටම අපි ඔනෙවට වඩා ඇණවුම් කරල තිබුණා. ඒ කියන්නේ සම්පූර්ණ සුෂි එකක් එක්කෙනෙකුට රුපියල් 1500 ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් කියන එකයි. ඔබ අරුමෝසම් කෑමවලට හරි හරක්මස් වලට හරි ගියොත් නම් ඒවට ගොඩක් මිල වැඩි වෙයි. ඉතිං ඔයාලට ගෙවන්න පුළුවන්නම් ඒවත් කාල බැලුවට වැරැද්දක් නෑනේ නේද? ඔයාලා ගෙවන මුදලට මෙතන කෑමනම් හොඳටම වටිනවා.

නිගමනය

අපි දර්ශන්ට ස්තුතිවෙන්න ඔනේ. එයා අපිට නගරයේ තියෙන හොඳම අවන්හල් දෙකක් ලබාදීලා තියෙනවා. එකක් නිහොන්බාෂි, අනිත් එක තමයි මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්. මේ දෙකේම තියෙන විශේෂ ලක්ෂණය තමයි හැම චූටි දෙයකටම එයාලගෙ තියෙන අවධානය. සරල සුෂි එකකටත්, හරක් මස් පෙත්තකටත් පුදුම රසයක් මවන්න පුළුවන් මෙහෙදි. මේක හොඳම අවන්හල් අතරින් එකක්. මේක කොළඹ තියෙන එක ගැන අපි සතුටුයි.

TIP

Get the gyuu no tataki - it's one of the best things we've ever eaten. They've also got red bean and green tea ice cream - looks good.

Address

ODEL, 5 Alexandra Place, Colombo 7

Directions

ODEL is almost opposite the Dewatagaha mosque near Town Hall, next to Ward Place. Walk right into the main shopping space and Nihonbashi is in a nook opposite Delifrance.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

This place has closed down

Cuisine

Japanese

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Sushi

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
5

Similar Places

See 7 Comments