Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Nine Arches Bridge (Demodara)

Gotuwala, Demodara


Stunning Harry-Potter-esque vistas of trains and trees. Also, the Nine Arch Bridge is an iconic brick-and-stone built bridge.



එය මනරම්ය. දැවැන්තය. ප්‍රෞඩය. ඉදින් මට සිත් වූයේ මොහොතක් රැඳී එහි සුන්දරත්වය රස විඳින්නටය. නිර්මාණකරනය සොයා බලන්නටය.

'දෙමෝදර ආරැක්කු නවයේ පාළම' - යමෙකු බදුලු පුරවරයට පා තබන්නේද දුන්හිඳ දිය ඇල්ලත්, මුතියංගන විහාරයත්, දෝව විහාරයත්, ඇල්ලෙහි ස්වභාව සෞන්දර්යයත් ඔහු ගත් සිත් පිනවද්දී දෙමෝදර දුම්රිය ස්ථානයෙහිත්, ආරුක්කු නවයේ පාළමෙහිත් නිර්මාණකරනයන් ඔහු වෙත විදහා පානුයේ අප මුතුන් මිත්තන්ගේ තාක්ෂණික දැනුමයි. ලක් වැසියනගේ ශ්‍රමයත් ඉංග්‍රීසීනගේ තාක්ෂණයත් මුසුව හෙළ දීපය ගොඩ නැගෙමින් තිබූ යුගයක ඉංග්‍රීසීනගේ ශ්‍රමයට හෙළයකුගේ තාක්ෂණය මුසුව දෙමෝදර ප්‍රදේශයෙහි ආරුක්කු නවයක පාලමක් ඉදිවූ බැව් ඔබ දන්නවාද?

ඉතිහාස කථාව

ඔහු නමින් වැලිමඩ කැප්පෙටිපොල පෙල්ලිවින්නේ අප්පුහාමි විය. උපන්නේ 1885 දීය. නැටුමට උපන් හපන් අප්පුහාමි මළ පොතේ අකුරක් දන්නා අයෙකු නොවේ. දිනක කළු පහන ප්‍රෙද්ශයේ වාද නැටුමකට ගිය අප්පුහාමිට සිදු වූයේ වාදයෙන් පරාදව පැන යාමටය. නැටුම් ඇඳුම් පිටින් කැලේට පැනගත් අප්පුහාමි රෑ මද්දහනේ ගොඩවූයේ දෙමෝදර පාලම් වැඩ බිමටය. යන එන මං නොමැතිව සිටි අප්පුහාමිට එහි ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවාගෙන් ලැබුණේ සතුටුදායක ප්‍රතිචාරයකි. පසු දින සිට දෙමෝදර වැඩ බිමෙහි කම්කරුවකු ලෙසින් වැඩ ඇරඹූ අප්පුහාමි නොබෝ කලකින් සෑම දෙනාගේම සිත් ඇද බැඳ ගත්තේය. ඔහු වැඩටද හපනෙකි. එබැවින් ඔහුට පී. කේ. (පෙල්ලිවින්නේ කැප්පෙටිපොල) බාස් නමින් නමක්ද පට බැඳිනි.

දෙමෝදර බිං ගෙයිහි ඉදිකිරීම් කටයුතු නිම වත්ම කඳු දෙක යා කරමින් ඉදිවීමට නියමිතව තිබූ දුම්රිය මාර්ගයෙහි වැඩ කටයුතු හිටි හැටියේම ඇණ හිටියේය. මන්ද යත් කඳු අතර භූ විෂමතාවන් මිනුම් කොට යවා එංගලන්තයේදී නිමවා මෙරටට ගෙන ආ යකඩ පාලම දිගින් මදි බැව් පෙනීම නිසාවෙනි. ඉංජිනේරුවාද තම දිවි හානිකර ගැනීමට තරම් කලකිරී සිටියේය. දස අතේ කල්පනා කරමින් සිටි ඉංජිනේරුවා නොයෙක් අයගෙන් අදහස් විමසුවද නිසි විසඳුමක් ලැබුණේ නැත. විසඳුම තිබූයේ හෙළයකු සතුවය. අප්පුහාමි කඳු දෙක යා කරමින් පාලම තැනීමෙහි වගකීම අතට ගත්තේය.

කඳු දෙක මධ්‍යයේ මඩ ගොහොරුව කළු ගල් ගිලී, පිරී යන තුරුම කඳු මුදුන්හි සිට කළු ගල් කුට්ටි පෙරළූ අප්පුහාමි ප්‍රථමයෙන් ශක්තිමත් පාදමක් තැනුවේය. දැන් ඉංජිනේරුවා අප්පුහාමිය. සුද්දෝ වැඩ කරති. අඩි 2ක් දිග අඟල් 8ක් පළල් අඟල් 3ක් උස සහ අඩියක් දිග අඟල් 8ක් පළල අඟල් 3ක් උස කළු ගල් කැට එකිනෙක මත තැබෙමින් ප්‍රධාන ආරුක්කුව අඩි 97ක උසකින් සහ සෑම ආරුක්කුවක්ම පාහේ අඩි 24යි අගල් 6ක පළලකින්ද යුතුව කඳු දෙක අතර වූ අඩි 300ක කපොල්ල යා කරමින් 1913 දෙමෝදර පාලම ඉදිවී හමාර විය.

නමුදු ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවාට පාලම මතින් දුම්රිය ගමන් කරවීමට බියක් විය. ඊට අප්පුහාමිගෙන් වූයේ අතිශය විශ්වාසය දනවන පිළිතුරකි. එනම් දුම්රිය ගමන් කර අවසාන වන තුරු ප්‍රධාන ආරුක්කුව යට ඔහු නිදාගන්නා බවය. ඉංජිනේරුවාගේ සැකය දුරු විය. දුම්රිය, ඇල්ල සිට දෙමෝදර දක්වා නිරුපද්‍රිතව ගමන් ගත්තේය. අප්පුහාමිට ඉංග්‍රීසි රජයෙන් රිදී කාසි මළු 8ක් තෑගි ලෙසින්ද වැඩ කල කාලයට වැටුප්ද හිමිවිය. ඉදින් පසුව 1921 මාර්තු 21වැනි දින දෙමෝදර ආරුක්කු නවයේ පාලම පොදු ගමනා ගමන සේවාව සඳහා විවෘත විය.

පිහිටීම

කොළඹ, බදුල්ල ප්‍රධාන මාර්ගයෙහි කොළඹ සිට කිලෝමීටර 215කට ආසන්න දුරකින් දෙමෝදර මං සන්ධිය පිහිටා ඇත. එතැන් සිට ගම්මාන මධ්‍යයේ වැටුණු මාර්ගයක කිලෝමීටර 5කට අධික පාගමනකින් අනතුරුව දෙමෝදර පාලමට මෙපිටින් වූ බිංගෙය වෙත පිවිසිය හැකිය. ආරුක්කු නවයේ පාලම මුණ ගැසෙනුයේ බිං ගෙය තුලින් මීටර 100ක පමණ දුරක් ගමන් කල පසුවය. මේ හැරුණු කොට ඇල්ල දුම්රිය ස්ථානයෙහි සිට හා දෙමෝදර දුම්රිය ස්ථානයෙහි සිටද දුම්රිය මාර්ගය ඔස්සේම පැමිණ ආරුක්කු නවයේ පාලම වෙත පිවිසිය හැකිය. තවද හල්පේ විද්‍යාලයට ආසන්නයෙන්ද ගම්මාන මධ්‍යයේ වැටුණු කිලෝමීටර 3ට ආසන්න දුරකින් යුත් පිවිසුම් මං පෙතක්ද ඇත. එබැවින් කොළඹ - බදුල්ල හෝ කොළඹ - පස්සර බස් රථ අංක 99හි පැමිණියද දෙමෝදරින් හෝ හල්පෙන් බැස ගමනේ ඉතිරිය ත්‍රීරෝද රථයක අධාරයෙන් හෝ පාගමනින් නිමා කිරීමට සිදුවේ.

උදෑසන 9.10ට, 10.40 ‍හෝ සවස 3.20ට පෙර එහි ලඟා වීමට හැකි වුවහොත් ආරුක්කු නවය මතින් දුම්රිය ධාවනය වන අයරු නැරඹීමටද ඔබට හැකි වනු ඇත. පා ගමන විඩා බර නොවුනද එහි අපූර්වත්වය නැංවීමට ස්වාභාවික පළතුරු යුෂ වීදුරුවක් රස බැලීමට කදිම ස්ථානයන් දෙකක් දෙමෝදර පාලම අසල පිහිටා තිබේ. පාලම පාමුලට බැසිය හැකි අඩි පාරක්ද පාලම ආරම්භයෙහි සහ අවසානයෙහි පිහිටා ඇත. පාලම පාමුලින් ගලා යන සිහිල් දිය දහර ඔබට මඳ විරාමයක පහස ගෙන එනු නොඅනුමානය. ආරුක්කු නවයට ආසන්නයේ පිහිටි කඳු පන්ති දෙක අතුරින් එකක් මුළුමනින්ම පයිනස් වගාවක් වන අතර අනෙකෙහි අඩකට ආසන්න ප්‍රමාණයක පමණක් ස්වාභාවික වන ගහනයක් දක්නට ඇත. ඉතිරිය තේ වගාවකි.

‍ජෛව විවිධත්වය

  • නිය දිගු මා හික් මීයා, කැළෑ හික් මීයා, රිළවා, රත් උණහපුළුවා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන ක්ෂීරපායී සත්ව විශේෂයන් ද
  • වළි කුකුළා, පොම්පදෝරු බටගොයා, ගිරා මලිත්තා, ලේ පිට මහ කෑරලා, බොරග දෙමලිච්චා, රත් මූණත් කොට්ටෝරුවා, ශ්‍රී ලංකා සැළලිහිණියා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන පක්ෂි විශේෂයන් ද
  • Common Rose, Common Jay, Plain Tiger වැනි අලංකාර සමනළ විශේෂ ඇතුළු සමනළ විශේෂ රැසක් ද
  • දඟර දණ්ඩා, සිවුරුහන් ලන කටුස්සා, පිනුම් කටුස්සා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන උරග විශේෂයන් ද දුන්හිඳ ඇල්ල අවට පරිසරයෙහි ජීවත් වෙති.

TIP

Try to be there before 9.10 AM to see the train.

Address

Gotuwala, Demodara

Directions

You need to hike about 3 km from Halpe School through the village

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
Avatar for dpolwatte
2

4/5

0

dpolwatte

It's an amazing architectural wonder not to miss. Really beautiful.

Avatar for dpolwatte
2

4/5

0

dpolwatte

It's an amazing architectural wonder not to miss. Really beautiful.

See 5 Comments