Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Odara Caterers

212/10, Ward place, Borella


Odara Caterers is an awesome rice & curry place which they combines tasteful ambiance with bath kade prices.



ගියේ නම් බොරැල්ලට වෙන වැඩකට.

ඒත්… ස්කූල් ටයිම් සෙට් වුණා කියන්නකො ආපහු එන්න හැරෙද්දි ම.

“මොකෝ බං කරන්නෙ. පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නෙ.”

“ඒක නේන්නං. මේකෙ ගියොත් නම් අද කන්න වෙන්නෙ නෑ බං. මං කියන්නං. මෙහෙන් කොහෙන් හරි බත් ටිකක් බඩට දාගෙන යමු.”

“සිරා සීන් එක. හොඳ අයිඩියා එක බං. ඒනම් පයින් ම අදිමුද බත් කඩයක් පැත්තට?”

“එළ එළ. කොහොමත් පාරෙන් එහා පැත්තෙ තමයි. මේ පැත්තෙ නම් හරිහමන් කඩයක් නෑ මගෙ මතකෙ හැටියට”

කතා වෙලා… දෙන්න ඔන්න උමං මාර්ගය දිගේ ලයින් වුණා ටවුන්හෝල් පාර පැත්තට. ලයින් වෙලා… කෙළින්ම ඇල්ලුවෙ 190 බස් හෝල්ට් එක පිටිපස්සෙ තියෙන නෙළුම් කොලේට.

යකඩෝ! කෑම තියා.. එක ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ එතන.

“මේහ්, වෙන ලයින් එකක් බලමු බං. මෙතන හිටියත් එකයි, ට්‍රැෆික් එකේ ඔෆිස් එකට ගියත් එකයිනෙ”

සද්ද නැතුව කඩෙන් එළියට බැහැපු අපි දෙන්න බස් හෝල්ට් එකට ඇවිදගෙන ආවෙ, ‘දැන් මොකද කරන්නේ.. කියල’ කල්පනාවෙන්. දෙයියන්ට පින් සිද්ධ වෙන්න අපිට ඒ හැටි රස්තියාදු වෙන්න වුණේ නෑ කියන්නකො. පෙර පිනකට දෝ… ඔන්න අපේ පිටිපස්ස පොඩි පාරෙ ම තවත් බත් කඩයක්. ආයෙ,  හෙවිල්ලක් බැලිල්ලක් නෑ දෙන්නම අඩියට දෙකට කඩේ ඇතුළෙ.

ඊටත් කඩේ සෙනඟත් නෑ. අපි හිතුවෙ කෑම ඉවර වෙලාවත්ද කියල. එහෙමත් නෑ. පොඩි පොඩි එළවළු මදි පාඩු ටිකක් විතරයි තිබ්බෙ.

ඒකට මොකෝ කියල ඕං සරිතුයි මායි ගත්ත බත් දෙකක්. එකක් සුදුබත් චිකන් (රු. 250). අනික රතු බත් බැදපු මාළු (රු. 200). ඒ විතරක් නම් බැරියැ හිතේ සන්තෝසෙට කියල රස බලන්න ගත්තනෙ ඉස්සො පෝෂන් එකකුයි (රු. 150), කිරි මාළු එකකුයි (රු. 150), චිකන් ඩෙවිල් එකකුයි (රු. 200), බැදපු තෝර මාළු පෙත්තකුයිත් (රු. 100). අරගෙන ඉතින් දැන් මරේ කියල ඔන්න… දෙන්න දෙසනව දෙපැත්තෙ ඉඳගෙන.. කිව්වට විශ්වාස කරන්න යාළු සෝමාලියන් කාරයොන්ට නැවක් සෙට්වුණා වගේ.

ඇත්තටම බත් එක රසයි හොඳේ. චිකන් එක පංකාදුයි! සුපිරිම කියන්නෙ ආයෙ, සුපිරිම. හිතාගන්න බෑ මොනව දාලා හදලද කියල, කොහොම හරි පිස්සු හැදෙන රසක් තියෙන්නෙ. මිරස් තුනපහ නම් දාලා තියෙනව නියම පදමට. කොටින්ම කුක්ට සම්මානයක් දුන්නත් මදි ගානයි. ඇයි අප්පේ… චිකන් කෑල්ලටත් මිරිස් තුනපහ, ලුණු ඇඹුල් අඩුමකුඩුම පදම හොඳ හැටි අල්ලලනෙ.

ඒ අතරට පරිප්පු හින්දුම සෙට් වුණාමනෙ, සැහ්! තොලකට ලෙව කැවෙනව. හැබැයි එකක්, ඒ පරිප්පුවලට දාලා තිබ්බෙ රියල් පොල් කිරි නෙවෙයි. කිරි ගහට ඇන්න වගේ ඒවා රෙඩිමේඩ් පොල් කිරි. මොකද කිරි රස අඩුයි… උකු ගතිය වැඩියි.. අර වෙලාවට ලෝබ නැතුව රම්පෙ කරපිංච, තුනපහ ටික දාලා තිබ්බෙ. නැත්නම් බාග වෙලාවට රස අවුල් යන්නත් ඉඩ තිබ්බ.

ම්ම්… ඔන්න බණ්ඩක්කා තෙල් දැමුම නම් ෆුල් ෆ්‍රෙෂ්. ළපටි බණ්ඩක්කවලින් අරගෙන තෙල් ගතියත් ළාවට තියෙන්න, රම්පෙ කරංපිංච ලූනු වගේම මිරිස්, අමු මිරිස් ටිකත් හොඳ හැටි දාලා… ඇත්තටම කටගැස්මට වුණත් අවුලක් නැති ගානයි.

නෝකෝල් එකක් හදල තිබ්බ, ඒකෙත් කිරි රස එහෙම හොඳ හැටි තිබ්බ. හැබැයි මම වැඩිය ආස නැති නිසා වැඩිය කෑවෙ නෑ.

අන්න ඒකට කොළ මැල්ලුම. සුප්ප ඈ… කලවම් පලා මැල්ලුම වුණාට මොකද.. පොල්, ලූනු, අමු මිරිස් පදමට දාලා පොඩ්ඩක් මළවල එහෙම අරගෙන තිබුණා, කන්න කන්න ආසයි හොඳේ.

උම්බලකඩ නොතිබ්බට මගෙ හිතේ පොල් සම්බෝලෙත් හොඳට තිබ්බ වෙන්න ඕන. මොකද සරිත්ගෙ පිඟානෙ අන්තිම වෙද්දි පොල්සම්බෝල චුට්ටක්වත් ඉතුරු වෙලා තිබ්බෙ නෑනෙ .

ඔක්කොමත් හරි ඉස්සො එකත්! හරියටම හරි කිව්වලු. හොද්ද නම් එච්චර රස නෑ මොකද රියල් පොල් කිරි නොදාපු නිසා. ඒත් ඉස්සො, හොඳ ෆ්‍රෙෂ් බඩු ඈ… ටොප් එකට ගම්මිරිස්, තුනපහ, කිරි පදම අල්ලල, විශේෂයෙන්ම රතු බත් එකට නම් කියාපුම. කිව්වට විශ්වාස කරන්න යාළු කිරි මාළු එකත් එලෙසමයි. අම පදමට ගම්මිරිස්, අමු මිරිස්වලින් සැර වෙලා… ෂැහ්, රෝස් පාන් ගෙඩියක් එහෙම තිබ්බ නම්.. තාම කනව, තාම කනව!

තරු 5ක් දෙන්න බැරි වුණාට දවලට බැදපු තෝර මාළු පෙත්තෙත් තිබ්බෙ අමුතුම ගතියක්. විශේෂයෙන්ම පපඩම් නැති බත් එකේ කටගැස්මට උදව් වුණේ ඒ මාළු පෙත්ත. හැබැයි නිකම් නෙවෙයි, චිකන් ඩෙවිල් එකට ආපු සෝස් පාරත් එක්ක ගැළපිලා.

සත්තයි, ඒක නම් මාරම ඩෙවිල් එකක් ඈ… තඩි චිකන් කෑල්ලක් වගේම ලූනු, මාළුමිරිස්, අමු මිරිස්, කැරට් මදි පාඩු ඔක්කොමත් එක්ක, හිතා ගන්න බැරි විදියට රස වෙලානෙ. ගලේ කෙටුව වගේ කිව්වහැකි ඒ ඩෙවිල් එක නම් දාලා තියෙන්නෙ හොඳ බයිට් බාස් කෙනෙක්. ඇයි අප්පේ… සැර පදමෙ ඉඳන් සියල්ලම… ෆ්‍රයිඩ් රයිස්වලට නෙවෙයි බයිට්වලටමනෙ…

වැඩිය ඕන නෑ, දෙන්න කාපු කෑමක් කියන්නෙ, කාලා කාලා ඉවර කරගන්න බැරුව අන්කිමට ඩෙවිල් කෑල්ල ඔතාගෙන ආවෙ. හප්පේ… ඇත්තටම ඒ වගේ කඩ නම් හැංගිලා තියෙන එක හොඳයි. මොකද නැත්නම් මිනිස්සුන්ගෙන් බේරෙන්න බැරි වෙනව, කෑම දීල ම!


TIP

Try Kiri Malu & Red Rice

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment