Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

3/5

The Promenade at ODEL

5 Alexandra Place Colombo 7


Colombo's biggest department store's upscale food court area



හුඟ කාලෙකට කොළඹ ෆුඩ් කෝර්ට්වලින් හොඳම එකට තිබුණේ ODEL එකේ කඩ එකතුවයි. ඒක හැබැයි හරි සැලැස්මක් නැතුව හදල තිබිච්ච කොටසක්. පහුගිය කාලේ ඒ ඔක්කොම කඩල දාල අලුතෙන්ම ෆුඩ් කෝර්ට් එක හදන්න අරගෙන තිබුණා.

තැන

ODEL එක හොයාගන්න එච්චර අමාරු නැහැනේ. කොළඹ පුරහල පහුකරගෙන එන්න. ඊට පස්සෙ වෝඩ් පෙදෙසයි, කොල්වින් ආර් දි සිල්වා මාවතයි හම්බවෙන දි සොයිසා වටරවුමෙ තියෙන්නෙ. ඉස්සර ODEL එක පැත්තෙ ආපු කට්ටියට නං පොඩ්ඩක් පාර මාරුවෙයි මොකද අලුතෙන් දොරවල් තාප්ප එහෙම දාල වෙනස් කරලා තියෙන්නෙ.

දැන් ෆුඩ් කෝර්ට් එක ඇත්තටම කෝර්ට් එකක්; සම්පුර්ණයෙන් වෙනස් කරලා, අඳුරගන්නත් බැහැ වගේ. මැදින් ගහක් තියෙනවා. ඒක වටේ දුඹුරු පොඩි ගොඩනැගිලි ගහල තියෙනවා. තද දුඹුරු වේවැල් පුටු මේස තමයි හැමෝටම වාඩිවෙන්න තියල තියෙන්නෙ. අපි නං කියන්නේ අව්ව් බැහැපු වෙලාවක මෙහෙ ආවනං තමයි වැඩිය හොඳ. තවම අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න වැඩි ආවරණයක් ලබා දීල නැහැ.

පොඩි ස්ටෝල් වගේ කඩවලට දීල තියෙන බිල්ඩිම ඇරුණම තව Sugar රෙස්ටෝරන්ට් එකට වෙනම තැනක් තියෙනවා. ඒ වගේම තව රෙස්ටෝරන්ට් දෙකකට ඉඩකට සකස් කරලා තියෙනවා අපි දැක්කා. තව එලමහන් වයින් බාර් එකකටත් කෑල්ලක් හදල තිබුණා.

කෑම බීම

කන්න බොන්න තැන් කිහිපයක්ම දැනටම ඇරලා තිබුණා; Mabroc Bubble Tea, Il Gelato, Roots, Mango Tree / Jack Tree, Regent, Elephant House, Seafood Shack, Cafe Nihonbashi, Sugar Bistro. අපි Regent එකෙන්, Seafood Shack එකෙන්, Roots එකෙන් කෑම අරං බැලුවා. 

Regent එකේ තියෙන්නෙ බත්. මැටි හට්ටිවල බත්, ව්‍යංජන එහෙම දාල, ලස්සනට තියෙනවා. සේවයත් හරිම සුහදයි. අපේ බීෆ් බත් එකට හොඳ නෙළුම් අල ව්‍යංජනක් වගේම හොඳ වම්බටු මෝජුවකුත් දාල තිබුණේ. ඉතින් හුඟක් හොඳට ඇති කියල අපි බලාපොරොත්තු වුණා. ඒ වුණාට ගෙවපු රු.500ට නං ඒ බත් එක වටින්නේ නැහැ. ලස්සන විතරයි.

Seafood Shack එකේ Dory Fish and Chips (රු.800) එක ඊට වැඩිය හොඳට තිබුණා. සැහැල්ලු බැටර් එකක දවටලා බැදලා තිබුණේ. ඇතුළේ මාළු කෑලිත් අලුත් මාළු. ඉතින් මාර රසයි. හැබැයි මේකේ වුණත් ගාන ටිකක් වැඩියි. මොකද මාළු කෑලි තුනයි තිබුණේ. ඉතුරු ටිකට බැදපු අල කෑලි දාල.

Roots එකෙන් තමයි බොන්න ගත්තේ. Avocado Blast (රු.480) එක අලිගැටපේර, කෙසෙල්, රටඉඳි, වැනිලා, තල් හකුරු මිශ්‍රණයක්. මේක අමුතුයි කියල හිතුණට සැහෙන්න රසයි. හැම අමුද්‍රව්‍යකම රස සමබරව දැනෙනවා. හොඳ රසක් එනවා. නාරං සහ කාබරංකා ජූස් (රු.330) එකත් නියමයි.

අවසාන වශයෙන්

දැන් ෆුඩ් කෝර්ට් එක ඇත්තම ෆුඩ් කෝර්ට් එකක් වගේ. ගස් ටික වැවුණම, කඩවල් ඔක්කොම ඇරලා ඉවරවුණාම නං නියමෙට තියෙයි. එතකං රෑ වෙලාවක සිසිලෙ ගිහිල්ල, ලයිට් වැල් එළියෙන් කෑම කාල බලන්න.

Similar Places

User Reviews
Avatar for Malinthe
21

3/5

0

Malinthe

Nice place to hang in the evenings. Not so much in the day time. Does get crowded quite a bit. Do try the Kottu at Chop Chop. Pretty good.

Avatar for Malinthe
21

3/5

0

Malinthe

Nice place to hang in the evenings. Not so much in the day time. Does get crowded quite a bit. Do try the Kottu at Chop Chop. Pretty good.

See 10 Comments