Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Olive Garden Restaurant and Bakers

No. 162/24, New Kandy Road, Pittugala, Malabe


A popular spot in Malabe where you can drop in for a fine quick bite.



පහුගිය දවසක අපි ගියානේ කැලණියේ වෝටර් වර්ල්ඩ් එක බලන්න. උදැහැනැක්කෙ ම ඒකට ගිහින්, දවල්ට ලිබර්ටි එකේ ෆිල්ම් එක බලන්න එන්න තමයි අපේ ප්ලෑන තිබුණේ. ඒ නිසා ම ඔන්න කඩුවෙලට ඇවිදින් අපි 177ක නැග්ගා. හැබැයි මාලබේ හරියට එද්දී බඩේ පණුවෝ බොක්සිං ගහන්න ගත්තේ තරගෙට වගේ. ෆිල්ම් එක බැලිල්ල පැත්තකින් තියපු අපි පිට්ටුගල හරියෙන් බැස්සේ බඩගින්න ඉවසගන්න බැරිකමටමයි.

මේ පැත්තේ තියෙන ඔලිව් ගාර්ඩන් රෙස්ටෝරන්ට් එක ගැන සෑහෙන්න ලොකු රෙකමදාරුවක් මගේ යාළුවෙක් දීලයි තිබුණේ. ඒ නිසා අරහේ මෙහෙ රස්තියාදු වෙන්නේ නැතුව අපි කෙළින් ම ගියේ එතැනට.

තැන

කිව්වත් වගේ මේක තියෙන්නේ මාලබේ පිට්ටුගල හරියේ. කඩුවෙල පැත්තේ ඉඳලා එනවනම් මාලබේ ස්ලිට් එක පහු කරගෙන පොඩ්ඩ දුරක් ආවනම් හරි. වම් අත පැත්තේ පාර අයිනේ ම තියෙන නිසා ලේසියකට මඟ හැරෙන්නේ නැහැ. මේකේ අල්ලපු වැටේ තමයි අවන්හල රෙස්ටෝරන්ට් එක තියෙන්නෙත්.

ඔලිව් ගාර්ඩන් එකේ තට්ටු දෙකයි. තමන්ගේ ගානේ බෝතලයක් දෙකක් ගෙනැල්ලා පොඩි පාටියක් දාන්න කැමති අයට උඩ තට්ටුව කියාපු පොට් එක. ඕපන් රූෆ්ටොප් එකක් තියෙන නිසා වටේපිටේ ලස්සනත් බලාගන්න ඇහැකි. පහළ තට්ටුවේ තියෙන්නේ බත් කඩේ. කරුමෙට වගේ අපි ගිය දවසේ මේකේ ඒසී එක කැඩිලා. ලයිටුත් ඩිම් වෙලා. ඒ නිසා ටිකක් රස්නෙයි වගේ ම කළුවරයි. හැබැයි කැමති අයට ඕනේ නම් එළියේත් වාඩිවෙන්න පුළුවන්. කොන්ක්‍රීට් පුටු මේස එහෙම දාලා තියෙනවා.

කෑම බීම

ඔලිව් ගාර්ඩන් කිව්ව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ මේකේ මික්ස් රයිස් එක. ඒ හැරුණා ම මෙයාලාගේ මෙනුවේ බුරියානි, රයිස් ඇන්ඩ් කරි වගේ දේවලුත් තියෙනවා. බීම වර්ග විදියට ෆෘට් ජූස්, මිල්ක්ෂේක් ගන්න ඇහැකි. හැබැයි අපි මෙහෙට ගිය දවසේ වැරැද්දක්ද මන්දා ඔය බීම මුකුත් නැහැ. ඒ නිසා අපි බීමට ගත්තේ කොකාකෝලා බෝතලයක්. කෑම විදියට ඕඩර් කළේ බුරියානි (රු.350) එකකුයි, සුප්‍රසිද්ධ මික්ස් රයිස් (රු.250) එකකුයි.

ෂහ්! කිව්වත් වගේ මේ මික්ස් රයිස් එක පංකාදු පහයිනෙ. එක දවසක් කෑවොත් හැමදාම කන්න හිතෙන සයිස්. කන බත් කටක් කටක් ගානේ හැපෙන තරමට චිකන් කෑලි. බතත් නියමෙට සීසනින් කරලා. ඇත්තමයි මේක කන්න චිලි පේස්ට් එකකුයි, සෝස් ඩිංගකුයි තිබුණ ම හොඳටෝ ම ඇති. රුපියල් 250ට දෙන්නෙක්ට ශේප් එකේ කන්න පුළුවන් සයිස් පෝෂන් එකක් ලැබෙනවා.

බුරියානි එක ගැන අපේ ඒ හැටි මනාපයක් නැහැ. බත් ගොඩක් එක්ක ලොකු චිකන් කෑල්ලක්, සලාද කොලයක්, තම්බපු බිත්තරයක් සහ අන්නාසි පෙත්තක් මේකට ලැබුණා. හැබැයි බත් එකෙන් බුරියානි රසක් ආවේ නැහැ. චිකන් එකත් ඔහේ බැදපු එකත්. ඒකෙ උඩින් දාපු සෝස්වල රස ඇරෙන්න, මේකේ කියන්න තරම් ලොකු රසක් දැනුණේ නැහැ.

සර්විස් එක

ඔලිව් ගාර්ඩන් එකේ තියෙන්නේ සෙල්ෆ් සර්විස්. කවුන්ටරේට ගිහින් බිල දාගෙන ෂෝකේස් එක ළඟින් බත් එක ගන්න තමයි තියෙන්නේ. දවල් 12 වගේ පහු වෙද්දී මේකට පුදුම සෙනගක් පිරෙනවා. හැබැයි ඒකයි කියල නෑ, සටපට ගාලා කෑම ටික ගන්න පුළුවන්.

අවසාන වශයෙන්

මාලබේ හරියෙන් යද්දී බඩගින්නක් ආවොත් කටට රසට බත් කටක් කන්න හොඳ තැන්වලින් එකක් තමයි මේක. ගණනුත් ශේප්නේ. ලොකු බත් පිඟානක් ලැබෙන නිසා බඩ පිරෙන්න කන්නත් ඇහැකි. මතක් කරලා අර මික්ස් රයිස් එක කන්න අමතක කරන්න එපා හොඳද.


TIP

Try the Mix Rice.

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

User Reviews
D
1

2/5

0

dilithvithanage

Once we ate the "Super mix rice" with a super hekarella. So don't overrate this place.

D
1

2/5

0

dilithvithanage

Once we ate the "Super mix rice" with a super hekarella. So don't overrate this place.

See 3 Comments