531, High Level Rd, Nugegoda
Closed right now
Play billiards with chill beer! And.. a delicious dinner too.
ඔළුව කොලොප්පං ම වෙලා තියෙන වෙලාවට... රිලැක්ස් වෙන්න මොකක්ද කරන්න හොඳ? හැබැයි බොන එක නැතුව!
දස අතේ කල්පනා කළා යාළු, පැයක් හමාරක් විතර ම. බැරිම තැන තමයි අල්ලල දාලා ගෙදර යන්න හැදුවෙ. “ගිහින් නිදාගන්නව අප්ප එක්කො. එපා වෙලා තියෙන්නෙ”
මම, නැගිට්ට පුටුවෙන්. නැගිලට ලට්ටලොට්ට ටිකත් පැක්කරගෙන, බෑග් එක ගත්ත කරට. අරගෙන දොර ළඟට, එන්න හම්බවුණේ නෑ...
“බුද්ධී... බුද්ධී… කොහෙද යන්න හදන්නේ?” දන්න අඳුනන හොඳම එකා, දොර ළඟ කියන්නකො.
“යනව බං යන්න ගෙදර. එපා වෙලා තියෙන්නෙ, වැඩ කරනව කරනව ඉවරයකුත් නෑ... ඒකෙන් අපිට ඇති සෙතකුත් නෑ රෙද්ද...”
“අයියෝ, ඇයි බ්‍රෝ මේ! ඕවා ප්‍රශ්නද බං... ඉඳාන්කො, ඉඳාංකො මං කියන්න. යමංද පොඩි බියර් එකක් ගහන්න. උබව කාලෙකින් සෙට්වුණෙත් නෑනෙ. පොඩියට මං කියන්නෙ, පොඩියට. පොඩියට බියර් එකක් ගහන ගමන් හෙමීට පූල් පාරකුත් ගහමු. ආයෙ, ඔය ප්‍රශ්න කොහෙන් ගියාද නෑ. දන්නෝනෙ ඉතින්… කිව්වොත්”
“ම්... හ… මං මේ බොන්නෙ නැතුව මොකක්හරි කරන්න පුලුවන්ද කියල බං බැලුවෙ. ඒත් අවුලක් නෑ, උබනෙ. යමං යමං”
“අන්න... ඒකනෙ බ්‍රෝ! මෙහ්, මං දන්න ප්ලේස් එකක් තියෙනව ළඟම මචං, දෙල්කඳ. සර්විස් එකත් සුපිරි. පූල් ටේබල් ටිකත් අලුත්ම අලුත්. මොකෝ කියන්නෙ එතනට යමංද?”
“යමං යමං, උබ කියන කොහේ හරි කමක් නෑ මං එනව”
කතාබහේ අවසානය එනකොට ඇත්තටම අපි බස් හෝල්ට් එකටත් කිටටු කරල. ඉතින්... දෙල්කඳට යන්න මොන වීල්ද කියල, දෙන්න නැග්ල සනිකව ම එවෙල ආපු කොට්ටාවකට. නැගල, එක විනාඩි පහයි...
“අඩෙහ් මේකද? මේ ඔලිම්පික් එකනෙ බං. මං මෙතනට ඇවිල්ල තියෙනව. හැබැයි ඒ දවස්වල. ඒත්... ඒ කාලෙ නම් මේක පජාතයි බං. කොටින්ම බයිට් ජාතිත් දෙක තුනයි කියන්නකො තිබ්බෙ”
“ඒම තමයි බං... කඩ පටන් ගන්නකොටනෙ. දැං බලාංකො ගිහිල්ල කොහොමද කියල”
කෙළින්ම ඇල්ලුවෙ පැත්තෙ පඩිපෙළෙන් උඩම තට්ටුවට.
දොර ඇරගෙන ඇතුලට ගියත් හරි... පිස්සු කොර වුණා යාළු. කිරිටොයිය වගේ පූල් ටේබල් තුනක් තියෙනව දිලිසි දිලිසි. රූම් එකත් ඒසී කරල, පැත්තකින් පොඩියට සෙට්වෙන අයට ටේබල් 2-3කුත් දාලා... ෂැහ්! කියල වැඩක් නෑ හොඳේ්. ඒ විතරක් නම් බැරියැ, එක විනාඩියක් වටපිට බලන්න වුණේ නෑ, සේවක මිත්‍රය අපේ ළඟ.
“ආහ් මල්ලි, කොහොමද? කාලෙකට පස්සෙ නේ. ටේබල් එකක් ගන්නවද?”
“ඔව් ඔව් අයිය... පැය දෙකකට (රු. 1000) දාන්න. ඒකයි, අපිට බියර් දෙකකුත් ගේන්න. අර... ඔයා වෙනදට ගේන පෝක් ඩෙවිල් (රු. 850) එකයි, චීස් කොත්තුවයිත් (රු. 650) ඕන හොඳේ”
“ආ... එළ එළ. ඒනං දැංම පටන් ගන්න. මං අතන මේසෙට ඇරේන්ජ් කරන්නං ඈ”
“ඕ...කේ... තෑන්ක්ස් අයියෙ”
ඇත්තම කියනව නම් ඒ වෙද්දි ම මගෙ ඔළුවෙ තිබ්බ ප්‍රශ්න සියල්ල අමතක වෙලා යාළු. ස්ටෑන්ඩඩ් ම පූල් ටේබල් ටිකේ හැඩ දැකල ස්ටික් එකක් අතට ගන්නකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ. යාළුව බෝල සෙට් එක හැදුව. මම බ්රේක් එක ගත්ත.
සෑ වෑව් කියන්න... බෝල ටික යනව නිකම් චීස් කැපෙන්න වගේ, සුපිරිම ඈ. ඒ අතරට ඈතින් ඔන්න පේනව...
අයිය හෙමින් සැරේ බෝතල්, බයිට් ටික මේසෙට ගලපනව.
“බුද්ධි, සොටක් දාගෙන ම බහිමු”
“ඔව් ඔව් බං. යං, සොටක් දාමු”
හෙමිහිට වීදුරුවට පිරුණු බියර් ටිකෙන් උගුරක් දෙකක්, චිර්ස් පාරකුත් එක්කම බඩට. ඊට පස්සෙ කෙළින්ම මගෙ අත ගියේ, පෝක් එකට. දන්නැද්ද ඉතින්, පෝක් කිව්වාම අපිට.
කෑල්ලයි දෙකයි කෑවෙ යාළු, රස නහර පිනාගියා මදි නොකියන්ට. හප්පේ... ඒකෙ රස. අනික සැර ගතියත් තියෙනවා... හායි හූයි ගෑවෙන්ට. මොකද ලෝබ නැතුව මාලුමිරිස්, රතු මිරිස්, ලූනු දාලනෙ ඩෙවිල් එකට. ඒ විතරක් නෙවෙයි, සියලුම පෝක් කෑලි බැදලත් එක්ක. ඇඟිලි පුරුකක් සයිස් පෝ්රක් කෑලි 10-12ක්... ඒ අතරෙ තෙල් කෑලි තියෙන්න ඇති ඕන නම් තුන හතරක්… සෝස් එක්ක පදමට ඩෙවිල් කරලා,
බයිට් එකට ඉතින්... තව මොනවද කියල හිතෙන ගානයි මචං!
අන්න හැදෙන කඩ ඈ... පෝක් කෑල්ලෙන් දෙකෙන් පස්සෙ මට අනිවා කොත්තුවත් රස බැලීමේ අවශ්‍යතාවයක් ආවා. මොකද පෝක් එක එහෙම නම් කොත්තුව?
බඩේ බත් වගේ, ආයෙ කිව්වට! කොත්තුවනෙ කොත්තුව. පත්තුවෙනව නිකම් බෝර තුවක්කුව වගේ. පුදුම රසක් යාළු ඒකෙත්. හිතාගන්න බෑ මොනව දාලා හදලද කියල. හැබැයි කිරිගහට ඇන්න වගේ කිව්වහැකි, බොරු නැතුව චීස් කෑලි නම් දෙක තුනක්ම දාලා තියෙනව, අනිත් කඩවල වගේ යෝගට්, කිරි දාන එක අඩු කරල. ඒ විතරක් නෙවෙයි, සැරත් නූලට කියන්නකො. ගම්මිරිස් තමයි මගෙ හිතේ ගොඩක් ම. ඒත් බැලූ බැල්මට රතු මිරිස්, මාලුමිරිසුත් අඩු නැතුව. ඔක්කොමත් හරි තඩි රෝස්ට් චිකන් පලුවක්... හීනියට ඉරල ඉරල දාලා තියෙනවා... ගන්න ගන්න කටේ චිකන් හොඳේ!
ඒ විදියට බයිට් තියෙද්දි ඉතින්... බීම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ යාළු. අවංකයෙන්ම කියන්නම්, මතකෙ හැටියට අන්තිමට ඔරලෝසුවෙ කටු පේනකොට වෙලාව තිබ්බෙ 11යි ගානක්.
ඊට පස්සෙ බලද්දි, උදේ 10යි ගානක්, ඕං...
Closed right now
Cuisine
Price Range
Dish Types
Noodles Eggs Kottu Fried Rice Pork Chicken Fried Chicken Fish Cuttlefish Alcoholic Beer Bites
Ratings Breakdown
HQ is one of the best places in Kandy to pop in…
An awesome place to get booze and a delicious meal for…
4/5
RasikaGen
:\