Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

3/5

One Seven One

171, Old Kottawa Road, Nawinna Maharagama

One Seven One is a well known restaurant in Maharagama for quality pastries, and rooftop dining.

***අපි "වන් සෙවන් වන්" එකට ගිය දවසට පස්සේ දවසේ ම මේ අයගේ මෙනු එක මාරු කරලා තියෙනවා. අලුත් කෑම බීම බොහොමයක් මේ අලුත් මෙනුවට හඳුන්වලා දීපු බවටයි ආරංචිය. ඒ නිසා මේ රිවිව් එක වන් සෙවන් වන් රෙස්ටෝරන්ට් එකේ සාමාන්‍ය පසුබිම ගැන විතරක් දැනගන්න පාවිච්චි කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා***

මහරගම පැත්තේ පදිංචි වෙලා ඉන්න, එහෙමත් නැත්තන් ඒ පැත්තේ රවුම් ගහන උදවියට “වන් සෙවන් වන්” කියන්නේ නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි. පවුල් පිටින් කට්ටිය ගිහින් කෑම කන්න විතරක් නෙවෙයි, රූෆ්ටොප් එකේ පාටි දාන්නත් පුළුවන් තැනක් විදියට මේ රෙස්ටෝරන්ට් එක ප්‍රසිද්ධයි. මෑතකදී ඉඳන් මේකේ සෝෂල් මීඩියාවල දකින්න ලැබුණු කෑමවල ලස්සන පින්තූර නිසා ම, මටත් හිතුණා වෙලාවක් අල්ලලා වන් සෙවන් වන් එකට යන්න. ඉතින් මගේ ඒ ගමන සිද්ධ වුණේ පහුගිය ඉරිදා දවසේ.

තැන

වන් සෙවන් වන් කියන්නේ පරණ කොට්ටාව පාරේ තියෙන රෙස්ටෝරන්ට් එකක්. හරියට ම 171 කියන නොම්මරේ ම පිහිටලා තියෙන තැනක් නිසා තමයි මේකට වන් සෙවන් වන් කියන නම ලැබිලා තියෙන්නෙත්.

මේකේ පහළ ම තට්ටුවේ තියෙන්නේ බේකරිය. බේකරි කෑම, ෂෝට් ඊට්ස් එහෙම ගන්නවානම් පහළින් ගන්න ඇහැකි. එහෙම නැතුව ලොකු මෙනුවෙන් කන්න බොන්න ඕනේ නම්, උඩ තට්ටුවට යන්න පුළුවන්. කිව්වත් වගේ කැමති අයට මේකේ රූෆ්ටොප් ඩයිනින් එහෙමත් තියෙනවා. ඔය පොඩි පාටි ගන්න කියාපු තැන.

කෑම බීම

පඩිපෙළ නැගපු අපි නැවතුණේ දෙවැනි තට්ටුවේ. වාඩිවෙලා විනාඩියක් යන්න වුණේ නැහැ සේවක මිත්‍රයෙක් අපි ළඟට ආවේ මෙනුවකුත් අරගෙන. සැලඩ්, සුප්, වෙනත් ස්ටාටර්ස්, නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස්, කරි වර්ග තමයි මේකේ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ. ඒ හැරුණා ම වන් සෙවන් වන් ස්පෙෂල් ලිස්ට් එකේ සබ්මැරීන්, බර්ගර් එහෙම තිබුණා. හැබැයි මෙනුවේ වැඩිපුර ම තියෙන්නේ චිකන්. සීෆුඩ් හෝ වෙනස් මස් වර්ග කන අයට මේ මෙනුවේ වෙන් කරලා තියෙන ඉඩ හොඳටෝ ම මදි. පෝක් හෝ බීෆ් ඇත්තෙම නැහැ. මට්න් තියෙන කෑම දෙක තුනක් නම් දැකගන්න ලැබුණා. බීම විදියට තියෙන්නේ ෆෘට් ජූස්, මිල්ක්ෂේක් සහ මොක්ටේල්ස්.

අපි ස්ටාටර් එක විදියට ගත්තේ “චිකන් ඇන්ඩ් මෂ්රූම් සුප්” (රු.250) එකක්. මේන් කෝස් එකට “චිකන් ඉන් බැංකොක්” (රු.500), “සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස්” (රු.450) සහ “හොට් බටර් කට්ල්ෆිෂ්” (රු.550). හොඳ ෆෘට් ජූස් එකක රස බලන්න ඕනෙකම තිබුණත්, කරුමෙට එදා එක ජූස් එකක්වත් ගන්න බැහැලු. ඒ නිසා අපි “චොකලට් මිල්ක්ෂේක්” (රු.250) එකකුයි, “කැපුචිනෝ” (රු.200) එකකුයි ඕඩර් කළා.

මුලින් ම මේසෙට ආවේ බීම ටික. චොකලට් මිල්ක්ෂේක් එක ශේප්. හැබැයි මීට වඩා හොඳ ඒවා අපට බොන්න ලැබිලා තියෙනවා. මේකේ තනිකර ම තිබුණේ මොකක් හරි චොකලට් කිරි එකක් බ්ලේඩ් කරපු රසක් විතරයි.

කැපුචිනෝ එක දැක්ක ම නම් තනි ඇහැට ඇඬුණා. මේකේ කැපුචිනෝ එකක පෙනුමවත් නැහැනේ. ලේයර්ඩ් ලාටේ එකක් වගේ. සේරමත් කමක් නැහැ රසවත් හොඳයි නම්. කිරි රස තිබුණේ යන්තමට. කෝපි රසත් ශේප් එකේ වගේ තිබුණා. සීනි හැඳි දෙකක් දාගෙන තමයි පොඩ්ඩක් රස හදාගත්තේ. හැබැයි ඉතින් රුපියල් 200ට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැනේ.

ඊටපස්සේ අපි චිකන් ඇන්ඩ් මෂ්රූම් සුප් එකේ රස බැලුවා. මේක හෙන ම උකුයි. ඒ වගේ ම රසයි. පොඩියට කපලා දාපු චිකන් කෑලිත් ගොඩක් තිබුණා. චිකන් ස්ටොක් එකේ රස නාවත්, උණුවෙන් තිබුණු මේ සුප් එක අපි බිව්වේ ගොඩක් ආසාවෙන්. මේකත් එක්ක ලැබුණු ගාලික් බ්‍රෙඩ් එකේ පොඩි හුලං වැදුණු ගතියක් තිබුණා. ටිකක් ක්‍රිස්පි වුණා නම් තමයි එකේ ගැම්ම ගන්න තිබුණේ.

සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකේ පෝෂන් එක දෙන්නෙක්ට බෙදාගන්න ඇති. වැඩිපුර තිබුණේ මාළු. ඉස්සෝ කෑලි ටිකක් එහෙන් මෙහෙන් හම්බවුණා. ඒත් බත සීසනින් කරලා තිබුණු විදිය නම් අපට ඇල්ලුවේ නැහැ. පොඩ්ඩක් විතර සුප් කැටේක රස තමයි ආවේ.

හොට් බටර් කට්ල්ෆිෂ් එකත් රසයි. ස්පයිසි ගතිය හොඳට තිබුණා. අනික දෙන්නෙක්ට හොඳට කන්න පුළුවන් සයිස් එකේ පෝෂන් සයිස් එකක්. ළා ක්‍රිස්පි ගතියක් එක්ක හැපෙන්නේ.

චිකන් ඉන් බැංකොක් කියන්නේ වන් සෙවන් වන් එකේ මේන් ඩිෂස්වල තියෙන එකක්. ඒ කියන්නේ මේක තනියම කෙනෙක්ට කන්න පුළුවන් විදියේ පෝෂන් එකක් වෙන්න ඕනේ. ඔහොම තමයි අපිත් හිතාගෙන හිටියේ. ඒ වුණාට මේ කෑම පිඟාන මේසෙට ආවම තමයි තේරුණේ අර ෆ්‍රයිඩ් රයිස් එක ඕඩර් කරපු එකේ වටිනාකම. බලන්නකෝ පින්තූරේ. තඩි චිකන් කෑල්ලක් තිබුණට, ඔය බත් ඩිංගක් කාලා මොකක් කරන්නද කියල.

මොනවා වුණත් මේකේ චිකන් කෑල්ල හුඟක් රසයි. නියම සෝස් එකකුත් උඩින් වත් කරලා තිබුණා.

ඩෙසර්ට් විදියට අපි ගත්තේ කැරමල් පුඩින් (රු.150) එකක්. ෂහ්! මේක පංකාදු පහයි. ක්‍රීමි ගතිය හොඳට තිබුණා. කැරමල් ලේයර් එකත් සුපිරි ගානට හදලා. අනික තඩි පුඩින් කෑල්ලක් ලැබුනනේ. ගෙවන ගාණට මසුරං!.

සර්විස් එක  

ඇත්ත ම කිව්වොත් මෙතැන සර්විස් එක තව ටිකක් වැඩි දියුණු වෙන්න ඕනේ. කෑම බීම මේසෙට එන එන විනාඩි 10 - 15න් වුණාට, වතුර පවා අපට ඉල්ලගන්න වුණේ දෙතුන් ගමනක් සේවක මිත්‍රයින්ට අඬගහලයි. සාමාන්‍යයෙන් මේ ටයිප් එකේ වෙන රෙස්ටෝරන්ට් එකකට ගියාම, ඩ්‍රින්ක්ස් ඕඩර් කරත් නැතත් මේසේ උඩ නවලා තියෙන වීදුරු ටික උඩු පැත්ත හරවලා, වතුර වත් කරනවනේ. මෙතැන එහෙම කිසිම දෙයක් නැහැ. චිලී පේස්ට් එකත් අපි කියලයි ඉල්ලගත්තේ. නැත්තන් ඒකත් නැහැ.

අවසාන වශයෙන්

ගණන් පැත්තෙන් බැලුව ම නම් වන් සෙවන් වන් එකේ කෑම වේලක් කන එක පට්ට ම ලාබයි. ඔය සේරම කෑම අරගෙනත් අපට ගියේ රුපියල් 3000කටත් අඩුවෙන්. සර්විස් චාර්ජ් ගන්නෙත් නැහැ. සමහරවිට සර්විස් එකේ අවුල් තියෙන්න හේතුවත් එක වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත්, මහරගම පැත්තෙන් යන වෙලාවක බඩගින්නක් ආවොත් තඩි බජට් එකකට නොයා බඩ පුරවගන්න මෙතැන හොඳ ප්ලේස් එකක්.

Similar Places

User Reviews
Avatar for la_kurumbas
4

1/5

0

la_kurumbas

Horrible service! I have been here twice to grab some cakes and coffee but both times, I have experienced the worst customer service imaginable. The staff looks looks uninterested in serving customers and act as if they are buying the food for us. Food was mediocre as well. They have a huge opportunity because there aren't any good cafés/coffeeshops in that area, but these guys seem to be making a mess of it. AVIOD!!!

D
1

1/5

0

DineshPathiraja

Visited the place yesterday with a crowd of 10 since the ratings were good and heard nice things about the place. We had pre booked a table for 7-7.30pm. The very first thing they asked us were if we r ready to order quickly coz they need the table back by 9pm. I specifically inquired about this when i made the booking so i told him no we can’t leav by 9. They looked unhappy. Then we ordered our food n wen came to drinks section TOTAL DISAPPOINTMENT. They bluntly told us no drinks available other than EGB, coke n sprite. Nt even lime juice. What kinda place is that. We were totally down n to make ot worse d service was BAD. Starters either came with d main course or after. Waiter was handing over the food to my friend at the corner and asked her to pass d food “බෙදාගෙන මේක අරහෙට යවන්න." Really??? Table water was nt served untill i requested twice. No spoons for d dishes. We had to ask them more than 3 times to get some. Food was average I’d say, hot battered mushroom was too salty.
Plus points were good portions and low prizes. But we were kinda mislead too abt d portion sizes. I mean what they told 2 ppl can share, can easily be shared among 3+.
May be better for take away but not recommending for dine in with our experience.

See 4 Comments