Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Ovinmee Restaurant

7 Gemunu Mawatha, Moratuwa


A resto in Ratmalana that does good Sri Lankanised Chinese food.



රසම රස කෙටි කතාවක්!

දවස් ගාණක් තිස්සෙ අත ඇර ඇර ඉඳපු කඩයක්...

ඇත්තටම ඒක සිද්ධ වුනෙත් එයාලගෙම වරදින් තමයි. ඇයි අප්ප, ඒ මෙනුව බලන බලන වාරයක් පාසා.. හිතා ගන්න බෑනෙ මොනව ඕඩර් කරන්නද කියල. ඒ තරම් කෑම තොගේ.

හැබැයි ඉතින් මෙදාපාර නම් අපි අසරණ වුනා යාළු. මොකද වැස්ස නිසා ඇප් එකේ ගොඩක් කඩ වහල. ඉතුරු වෙලා තිබ්බ ඒවයිනුත් හොඳම කඩේකට කියල තිබ්බෙ ඔවින්මි එක විතරයි.

“කමක් නෑ බං. ඔන්න ඔහෙ වෙලාව අරගෙන හරි තෝරමු. නැත්නම් ඕකත් නැති වුනොත් කන්න තැනක් නැති වෙනව”

යාළුවයි මායි හෙමින් සැරේ කිට්ටු කරල පටන් ගත්ත, දෙන්නත් එක්කම කෑම තෝරන්න.

කිව්වට විශ්වාස කරන්න, විනාඩි 8, 10කට විතර පස්සෙ හොඳේ..

“මෙහ් මේක හරියන්නෙ නෑ බං. ඔන්න ඔය ඔවින්මි ස්පෙෂල් (රු. 740) කියල තියෙන්නෙ, එයින් රයිස් එකක් දාංකො. ඒක කොහොමත් හොඳ ඇතිනෙ” බැරිම තැන යාළුව වචනෙ දැම්ම. 

“ඒ ඇත්තටම බං. ඒකක් දාමු. මොකද කියන්නෙ ඒකයි ෆ්‍රයිඩ් දැල්ලො (රු. 420) එකකුයි දාමුද?” මම, මගේ හිතේ තිබ්බ එකකුත් කිව්ව.

“ඔය තියෙන්නෙ! දාමු දාමු. ඒත් ඒ ඇතිවෙයිද බං? තව නූඩ්ල්ස් එකකුත් දාමුද, ගෙදර අයටත් එක්ක”

“එළනෙ බ්‍රෝ.. දාමු, ෆ්‍රයිඩ් සොසේජ් නූඩ්ල්ස් (රු. 420) එකක්..”

හැරෙන තැපෑලෙන් යාළු,

‘ඇඩ් ටු කාර්ට් - ඕඩර්’

වැඩේ කියන්නෙ ඒක නෙවෙයි. ඕඩරේ ගියාට මොකද එන්න විනාඩි 45ක් විතර යනව කියන්නෙ. කරන්න දෙයක් නෑ ඉතින්, අයහපත් කාළගුණ තත්වය යටතේනෙ. කට්ටියත් එක්කම ඉන්න වෙනව ඉවසල.

අනේ.. ඉවසීමෙන් කෙළවීම ලැබේ..

විනාඩි 45 කෑලිත් නෑ යාළු. පැයයි විනාඩි 10යි. ඔන්න!

කමක් නෑ ඉතින් කොහොමහරි කෑම ටික ආවනෙ. ඊටත් උණු උණුවෙ, සුවඳ ගගහ. කොටින්ම අතට ගන්න බෑ, පිච්චෙනව.

සිලි බෑග් එක පිටින්ම උස්සගෙන උඩට දුවල කෙලින්ම ගැලපුවෙ කුස්සියට. ගලපල දඩිබිඩියට කෑම ටික දැම්ම පිඟන් ටිකට. දාලා ඉතින්…

අහන්න එපා, හරි නෑනෙ!

සත්තයි පිස්සු හැදුන ඈ, ඒ රයිස් එක දැකල. ඇත්තටම හිතා ගන්න බැරිවුනා මොකක්ද බොලේ ඒ කියල. කීරි සම්බා හාලෙන් හදල, ඇති පදමට කැරට්, ලීක්ස්, ගෝවා දාලා රස කරල ගත්තු බත් එක උඩින්.. තනි සිංගපෝර්, මැලේෂියන් ස්ටයිල් චොප්සියක්. වැඩේ කියන්නෙ ඒක නෙවෙයි, ඒ චොප්සියෙ මික්ස් වෙලා තිබ්බ දේවල්නෙ. ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, සොසේජස්… පෝර්කුත් තිබ්බද දන්නෑ හොයාගන්න බෑ. අනික සෝස් වර්ගත් 2, 3ක්ම දාලා මිරිස්, අමු මිරිස්, කැරට්, ලීක්ස්… මොනවැයින් කියල අඩුවක්ද. ආයෙ ඉතින් ඔය විස්තරේ කිව්ව කියන්නෙ රස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. පංකාදු පහ වැඩිකිරීම පහ ඈ!

ඊට දෙවනි නැති නූඩ්ල්ස් එක. තව සොසේජස් කරල් 2, 3ක් වැටුන නම් හොඳ හැටි බැදිල, තරු පහයි. ඒ කිව්වෙ සොසේජස් නැතුව නෙවෙයි, ටිකක් මදි වගේ දැනුන, ඒකයි. හැබැයි ඉතින් අර හීනිම චයිනීස් නූඩ්ල්ස් එක නිසා කැරට්, ලීක්ස්, ගෝවා ටිකත් එක්ක මාරම රසක් තියෙන්නෙ. අනික සොසේජසුත් හොඳහැටි ගැඹුරු තෙලේ බැදලනෙ.

අනේ අවාසනාවන් කියන්න ඒ ෆ්‍රයිඩ් දැල්ලො එක නම්, චැහ්! තුක්. කාලා වැඩක් නෑ නිකම්, පරඬැල් කනව වගේ. වෙලා තියෙන්නෙ, එයාලා අරගෙන තියෙන්නෙ වේලපු දැල්ලොනෙ. ඉතින්, දැල්ලො රසත් නෑ, ලුණු රසත් නෑ. කොටින්ම කියනව නම් දවටල තිබ්බ බැටර් එකක, ඒකෙ රසත් හරි හැටි නෑ. ඔක්කොටම වඩා කටගැස්මයි ඒකෙ තිබ්බ අමු මිරිස් ටික.

ඒත් ඉතින් වැස්ස වෙලාවෙ පිහිට වෙච්ච කඩේනෙ. නරකක් කියන්නත් බෑ. හැරත් රයිස් එකයි නූඩ්ල්ස් එකයි හොඳටම තිබ්බනෙ.

ම්… ඒ නිසාම, අපි නම් ඉතින් ආයෙත් දවසක,

අනිවා.! හ්ම්..


TIP

Try Special Rice or Noodles


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment