Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Oz Baker

No. 302, Havelock Road, Colombo 5.


A small bakery serving freshly baked sweet and savory goodies.



හයිලෙවල් පාරේ තියෙන බේකරියක් ගැන අපේ මලින්ත කිව්වේ සුමාන ගාණක ඉඳලා. කොහෙද ඉතින්, රෑනට මතු වෙන අලුත් රෙස්ටෝරන්ට් කවර්කරන්න ගියාම වෙන වැඩක් කරන්න වෙලාවක් සෙට් වෙන එකක්යැ. කොහොමින් කොහොම හරි අපට මේ බේකරියට යන්න වෙලාවක් හම්බුණේ ගිය සුමානේ.

තැන

මේ කියන බේකරියේ නම Oz. තියෙන්නේ හයිලෙවල් පාරේ Royal Institute එක ඉස්සරහ. සාමාන්‍යයෙන් දහපහළොස් දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන් විදියට පුටු මේස ඇරෙන්ජ් කරලා තියෙනවා. මෙයාලගේ රෙඩිමේඩ් කෑම ජාති ටික තියෙන්නේ ෂෝ කේස්වල. ඉතුරුවා මෙනුවෙන් බලලා ඕඩර් කරන්න ඇහැකි.

කෑම බීම

සැන්විච්, බ්‍රෙක්ෆස්ට් කෑම වගේ ම, වෙනත් රෙඩිමේඩ් කෑම ජාති කීපයක් ම මේ කට්ටියගේ මෙනුවේ තියෙනවා. බීමට තියෙන්නේ මිල්ක්ශේක්, කෝපි, තේ සහ ෆෘට් ජූස් වර්ග.

බ්‍රෙක්ෆස්ට් ජාතිවලින් දිනිති ගත්තේ “ෆ්‍රෙන්ච් ටෝස්ට්” (රු.700) එකක්. ඇත්ත ම කිව්වොත් මේක මේ ක්ලැසික් ෆ්‍රෙන්ච් ටෝස්ට් එක වගේ පැණි රස  නැහැ. මේක සේවරි වර්ෂන් එකක්. පාන්වලට උඩින් බිත්තර සහ ගම්මිරිස් කුඩු එකතු කරලා තමයි හදලා තියෙන්නේ. පාන් එක නම් මාර ම ෆ්‍රෙෂ්. මොකද මේ කට්ටිය පාවිච්චි කරන්නේ එයාල ම හදන පාන් නේ.

මේ කට්ටියගේ සැන්විච් බොහොම හොඳ බව ඔප්පු කරන්න මම ඕඩර් කරපු "ශ්‍රෙඩඩ් චිකන් සැන්විච්" (රු.450) එක ම ඇති. කරි රසට තියෙන තුනී තීරුවලට කපපු චිකන් කෑලි තොගයක් ම මේකේ තිබුණා. ගම්මිරිස් එහෙමත් යහමින් එක්කාසු කරලා නිසා ස්පයිසි ගතියත් නියම ගානට. අතරින් පතර හැපෙන පිපිඤ්ඤාවලින් එන්නේ හරි ම රිෆ්‍රෙෂින් ගතියක්. සැන්විච් එකේ පාන් එකත් හරි ම අලුත්. 

අපි තව ගත්තා “බ්ලූබෙරි ඩැනිෂ්” (රු.150) එකකුත්. මේකේ නම් ෆ්‍රෙෂ් ගතිය හොඳට ම මදි. පේස්ට්‍රි එකේ කරස් සද්දෙන් හැපෙන ගතියත් නැහැ. මැද්දේ තියෙන බ්ලූබෙරි ලේයර් එකත් හරි ම පරණ ගතියයි.

බීම මෙනුවෙන් අපි “ෆ්ලැට් වයිට්” (රු.450) එකකුයි, “හේසල්නට් ෂේක්” (රු.550) එකකුයි ඕඩර් කළා. ෆ්ලැට් වයිට් එක අවුලක් නැහැ. හොඳ espresso සහ කිරි බ්ලෙන්ඩ් එකක් තිබුණා. හැබැයි ඉතින් මේ ගාණට ම, මීට වැඩිය හොඳ ෆ්ලැට් වයිට් අපි බීල තියෙන වග අනිවාර්යෙන් ම කියන්න ඕනේ.

හේසල්නට් ෂේක් කියන්නේ හේසල්නට් ෆ්ලෙවර් එක දාපු වැනිලා මිල්ක්ෂේක් එකක්. මේක ගොඩක් රසයි. මාර ම ක්‍රීමි. නියම උකු ගතියට තිබුණා. එක ම අවුල සීනි රස වැඩි එක තමයි.

සර්විස් එක

සර්විස් එකේ නම් ඒ හැටි අවුලක් නැහැ. එක ම ප්‍රශ්නේ වුණේ අහන අහන කෑම නෑ කියපු එක තමයි. වෙජිටේරියන් කෑම එකක්වත් නොතිබුණු එක හරි ම කරදරයක්. අනික ඒ සේරම ජාති දෙන්න බෑ කිව්වේ ඒවට දාන්න නිවිති නැහැයි කියලා.

අවසාන වශයෙන්

හැව්ලොක් පැත්තෙන් යන එන ගමන් පොඩි කෑමක් කන්න හිතුණොත්, මේ Oz බේකරිය ඒකට හොඳ තැනක්. අපි නම් රෙකමදාරු කරන්නේ සැන්විච් සහ ශේක්ස් ජාති ටික තමයි.


TIP

Their sandwiches are the way to go.

Address

No. 302, Havelock Road, Colombo 5.

Directions

It's on Havelock Road, past the Kirulapone Canal on your left.

Contacts

Website Facebook Instagram

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Bready Sandwiches Pizza Coffee Iced Coffee

Cuisine

Bakery

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment