Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

4/5

Paan Paan Sandwich Bar

6B Alfred House Road, Colombo 03


Paan Paan makes great bread which turns into great sandwiches, melts. etc. It's not cheap but you're getting good, healthy value for money.



අපෙන් කී දෙනෙක් පිටරටදී සබ්වේ සැන්විච් කාලා තිබෙනවාද? කීදෙනෙක් හිතුවාද එවැන්නක් ලංකාවේ තිබුණා නම් හොඳයි කියලා. සබ්වේ සැන්විච් කිව්වාම මතක් වන්නේ කර කර ගා රසට හැපෙන පාන්, ඉස්ම සහිත මස්, අලුත් හැපෙනසුළු එළවළු, වර්ග රැසක සෝස්.  පාන් පාන් කොල්ලුපිටියේ විවෘත කර තිබෙන නව අලෙවිහල අපට එවැනි සැන්විච් අත්දැකීමක් ලබා දෙනවා.

ඔබ ඇතුල් වන විටම අලුත් පාන්වල සුවඳ නැහැය සිප ගන්නවා. ඔබේ සැන්විචය සෑදෙන්නේ සාමාන්‍ය ආකාරයටද නැතිනම් සෝස් බේරෙන සුවිශේෂ ආකාරයකටද යන්න කවුන්ටරය අසල දැක්වෙනවා. ඔබට එය තෝරාගන්න පුළුවන්. ඔබ අත‍ට පත් වෙන මෙනු පතෙන් කියවා ඔබට අවශ්‍ය ආකාරයට සැන්විචය හදා ගන්න සුදුසු පාන්වලට, පිරවුමට හා ඒ සමග අවශ්‍ය අනෙකුත් දේවලටත්, සෝස්වලටත් පැන්සලෙන් හරි ලකුණ දමා දෙන්න පුළුවන්. මෙය අලුත් විධියක්. කවුන්ටරයට විස්තර කියා ඇණවුම් කරනවාට වඩා නවීන ක්‍රමයක්.

මගේ තේරීම වුණේ ප්‍රංශ බෑගට් පාන් හා ඒ සමග යන සියලු එකතුකිරීම් හා සෝස් වර්ග. ඒ සමග චිකන් සැලඩ් සබ්මැරීනයක් ළූනු සහ 'පාන් පාන්' රෝස්මේරි මස්ටඩ් සෝස් සමග ගත්තා. ප්‍රංශ බෑගට් පාන් විය යුතු පරිද්දෙන්ම කර කර ගා රසට හැපෙනවා. සලාද කොළ හා ළූනුත් රසට හැපෙනවා. රෝස් කළ බීෆ් ද විශිෂ්ටයි. එය අමු වගේ පෙනුනාට රසම රසයි. සියලු ‍සෝස් වර්ග වෙනුවට වර්ග දෙක තුනක සෝස් ගත්තා නම් හොඳයි. චිකන් සලාදය හොඳින් මැරිනේඩ් සෝස් ගල්වලා. ඒ සමග මා තෝරා ගත් පාන් වර්ගය සාමාන්‍ය සුදු පාන්. සාමාන්‍ය සබ්මැරීන් පාන් වන එය මතුපිටින් පමණක් යන්තමින් කර වෙලා. මා අකැමැති එකම දෙය චීස් කෑ පසු කටේ රැඳුණු රසයයි.

සමස්තයක් ලෙස සැන්විච් හොඳයි. පුළුල් පරාසයක පිරවුම් සහ ඒ සමග කෑමට ගතහැකි අනෙක් දේ තිබුණා. කිසිදු නරකක් වන්න විධියක් නැහැ. සාක්කුවට වන හානියත් එතරම් නරක නැහැ. රු. 385 සිට 450 දක්වා. චීස්වලට අමතර රු. 75/-ක් වැය වෙනවා.

TIP

Try the excellent almond milk - chilled almond flavoured milk with natural almond pieces and a taste of saffron, much like a kulfi.

Address

6B Alfred House Road, Colombo 03

Directions

From Duplication Road, turn into Queens road (Cricket Club Cafe). It's on the end of the road right on the T Junction there.

Contacts

Facebook Website E-Mail

Report Inaccuracy

Open until 09:00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Sandwiches Healthy

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
User Reviews
G
1

2/5

0

Garwin Murray

God it took them 35 mins to fix me a Sandwich . Very slow service even though they have plenty of staff . Will never order there again. just buy the bread and get out lol

G
1

5/5

0

GreaseYaka

Best Sandwiches in the Country hands down. Value for money too. Although their Almond Milk is pretty bland. The Blueberry Muffins are superb and so are their Chinese Rolls. But seriously they have an awesome concept with the sandwich bar thing and Subway is a big disappointment so best stick with Paan Paan…

G
1

2/5

0

Garwin Murray

God it took them 35 mins to fix me a Sandwich . Very slow service even though they have plenty of staff . Will never order there again. just buy the bread and get out lol

G
1

5/5

0

GreaseYaka

Best Sandwiches in the Country hands down. Value for money too. Although their Almond Milk is pretty bland. The Blueberry Muffins are superb and so are their Chinese Rolls. But seriously they have an awesome concept with the sandwich bar thing and Subway is a big disappointment so best stick with Paan Paan…

See 27 Comments