Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

4/5

Pa Ba Vee

Kandy road, Balummahara, Mudungoda


Calm & cool place to have a great Sri Lankan, Sri Lankan Chinese, Western food with cordial service.



බොන්න වතුර ටිකක් නෑ, බඩගින්න ඉහවහා ගිහින්..

එපාවෙලා තියෙන්නෙ අප්ප මේ වැඩ! කොච්චර කෙරුවත් ඉවරයක් නෑනෙ.

ඉතින්.. හැමදාමත් වගේ එහේ වැඩ ටිකක් ඉවර කරල ඔන්න මායි යාළුවයි එනව කොළඹ. කටුගස්තොට, පේරාදෙණිය, පිළිමතලාව, කඩුගන්නාව, කෑගල්ලත් පහුකරගෙන.. කොටින්ම කියතොත් කඩවතටම කිට්ටු කරල. වැඩේ තියෙන්නෙ ඒකෙ නෙවෙයි, කතාවෙන් කතාව බඩගින්න ඩබල් වෙද්දිවත් මේකා නෙවේනෙ නවත්තන්නෙ කෑම කඩේක.

“අඩේ මේහ්, හයිවේ දාන්න කලින් නම් මොනවහරි කමු බං. නැත්නම් මැරිල යයි මෙතනම” බැරිම තැන මම වචනෙ දැම්ම.

“අප්ප, ඔව් ඔව් බං. මටත් මේ ප්‍රශ්නත් එක්ක.. පිස්සු වගේ. බලාංකො ඈත තියල, මොකක් හරි ප්ලේස් එකක් දැක්කොත් කියපන්”

කොහෙද, කිව්වට හයිවේ එක කිට්ටුවටම එනකම් නෑනෙ හරි හමන් තැනක්!

“මොකෝ බං කරන්නෙ?”

“ඒක තමයි බං මාත් බැලුවෙ. ඉඳාන්කො, අන්න අතන ඉස්සරහ පේනව මොකක්දෝ ප්ලේස් එකක්...”

හෙමින් සැරේ ගෑටුව දෙන්න ඒ පැත්තට.

යද්දි.. කිරි අප්පේ! තඩි කෑම කඩයක් කියන්නකො. හරියටම කිව්වොත් සුප්ප රෙස්ටුරන්ට් එකක්. ඉස්සරහම ගහල තියෙනව කෑම ජාති තොගයක බෝඩ් එකකුත්.

ආයෙ ඉතින් එච්චරයි. දෙන්න, හැරෙන තැපෑලෙන් කෙලින්ම ඇතුලෙ, මේසෙකටම ගිහින් වාඩි වුණා. ඊටත්, අපි වාඩිවෙන අනික් පැත්තට සේවක මිත්‍රයෙකුත් අපේ ළඟ කියන්නකො. මෙනුවක් දීලා.. ඕඩරේ කියනකම් හිටගෙනත් ඉන්නව. එහෙම ඉඳිද්දි ඉතින් අපි පරක්කු කරන එක හරි නෑනෙ. සනික බලලා.. සේවක මිත්‍රයගෙනුත් අහලා, දැම්ම.. නාසිගුරාන් එකයි (රු. 600), පෝර්ක් ස්ටුවයි (රු. 500), චිලි චිකන් බර්ගර් එකයි (රු. 300). දාලා බොන්න ඕඩර් කලා අඹ (රු. 230) එකකුයි, දෙළුම් (රු. 250) එකකුයි. 

කරල ඉතින් ඉන්නව. මොකද කඩේ සෑහෙන්න සෙනඟනෙ. මගෙ හිතේ අපි නොදන්නව වුනාට මේක, මේ පැත්තෙ නැගල යන ප්ලේස් එකක් වගේ. කොහොමහරි ඉතින් කෑම ටික මේසෙට එන්න නම් විනාඩි 10, 15ක් ගියා. ඒත්.. ඒකට මොකෝ කියල හිතුනෙ ඒ ටික දැක්කාම. 

කිව්වට විශ්වාස කරන්න යාළු.. නාසි එකේ සයිස් එකම ඇති 3 දෙනෙක්ට බඩ පැළෙන්න කන්න. ඊටත් ඒකෙ තඩි ෆ්‍රයිඩ් චිකන් පලුවයි, තම්බල බැදපු බිත්තරයයි, බතට කලවම් කරපු ඉස්සො, දැල්ලො, මාළුයි.. පිස්සු හැදෙනව ඈ. අනික නාසි කිව්වට ඒක එක අතකින් බිරියානි එකකුත් වගේනෙ. බත කහපාටයි, මුද්දරස්පලම්, කජු එහෙමත් දාලා. අර අවුල වුණේ බතට පාවිච්චි කරපු තෙල් එක ටිකක් පරණ එක තමයි. හැබැයි ඒකත් හැදුන නම් බත පංකාදු පහයි ආයෙ හොඳේ.

අන්න ඒකට, ලංකරන්නවත් බැරි පෝර්ක් ස්ටු එක. හප්පොච්චියෝ.. රොටි හරි පාන් හරි තිබ්බ නම් තාම කනව, තාම කනව. ඇයි අප්පේ.. ඒකෙ සුවඳයි, පෙනුමයි! දැක්කාම කටට කෙල උනයි, තොල කට ලෙව කැවෙයි කිව්වලු. අනික තියෙන්නෙත් තනිකරම මස් කෑලි. ඕන නම් තෙල් කෑලි 4, 5ක් තියෙන්න ඇති උපරිම. ඒකටත් කැපෙන්න.. හොඳ සයිස් මස් කෑලියි, අල, කැරට්, මාළු මිරිස්, අමු මිරිස් තොගයයි, කිරිත් හොඳ හැටි දාලා ලුණු, ඇඹුල්, ගම්මිරිස් පදම තියෙන්න හින්දල අරගෙන.. සුප්ප කියන්නේ…

මම හිතුවෙම නෑ ඒවා හොඳ වුණාට මෙයාලගෙ බර්ගර් එක හොඳට තියෙයි කියල. බැලින්නම් ඒකත් සුප්ප කියන්නකො. හැබැයි ඉතින් චිලි චිකන් කිව්වට ඒ පැටි එකේ චිලි ගතියක් නම් නෑ. ඒත් නියම චිකන් රසට ගලපල තියෙනව. ඊටත් චීස් පෙත්තක්, සලාද කොළයක් එහෙමත් තියල නිසා තලු මර මර වැඩේ දුන්න හැකි හොඳේ. අනික උණුඋණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිසුත් එනවනෙ ඒකටම. 

ම්ම්.. සරිතය ගත් කටටම උගුරු 2ක් බීලා දෙළුම් එක මේසෙන් තියපු එක නම් මට එච්චර ඇල්ලුවෙ නෑ. මොකද මගේ අඹ එක සුපිරි නැචුරල් ගතියට තියෙනවනෙ. සීනි පොඩ්ඩක් දාලා වුණාට රස ටොපේ ටොප්. ඒ නිසාම තමයි මම දෙළුම් එක අරන් උගුරක් බිව්වෙ.

“හප්පට!”

“උබටත් වැඩිද. හිතාංකො මං බිව්ව නං”

“අඩේ මේකට නම් සුගර් සිරප්ද කොහෙද දාලා තියෙන්නෙ. වැඩියි ඈ හොඳටම”

එච්චරයි ඉතින්. කඩේ සුප්ප. ඒ බීම එකේ අවුල විතරනෙ. සර්විස් එකත් ලෙසටම, තැනත් හොඳයි.. ඔන්න නුවර පාරෙ යන කට්ටියට මතක තියාගත්තට පාඩු නම් නැතෙයි, හොඳේ!


TIP

Try Pork Stew

Have you visited this place?

Write your own review!
Leave a comment