78A Stratford Avenue, 6 Colombo
Closed right now
A great place to sit and enjoy some organic coffee amongst loads of books.
මේ දවස්වල දවල් දවසෙ රවුමක් ගැහුවාම.. ගිණි රස්නෙට අල්ලන තිබහා නිවාගන්නත් ඔ්න, හැබැයි කොරෝනා නිසා කූල් බොන එකත් එච්චර හොඳ නෑ. මොකද කරන්නේ කියල යාළුවයි මායි දෙන්නම කල්පනා කලා. ඒ විතරක් නෙවෙයි යමු සයිට් එකත් පීරුවා හරි හමන් කැෆේ එකක් හොයාගන්න, ඒසී එකේ ඉඳගෙන උණු උණු කෝපියක් බොන්න.
ඒ හොයද්දි තමයි දෙයියනේ කියල මෙන්න මේ ප්ලේස් එක හම්බවුනේ.
හ්ම්.. ඉතින්, දෙන්නා සනිකවම.. දාගත්තා පික්මියක්, රුං ගාලා අදාළ ස්ථානයට.
පාර්කින් එකට මුහුණලා තියෙන ලොකු වීදුරු බිත්ති..
ඇතුලෙ කීපදෙනෙක් වාඩිවෙලා ඉන්නවා පේනවා වුනාට ඉන්ටීරියර් එකේ ලස්සන නිසා ඒක ගානක්වත් නෑ. අනික හතර වටින්ම පොත්පත්නෙ. ඔක්කොමත් හරි ඇතුලට යද්දි ආපු වෙල්කම් එක.
“ගුඩ් ආෆ්ටනූන් සර්. වෙයා වුඩ් යු ලයික්ටු සීට්. ගිව් මි අ මිනිට්. අයිල් බ්‍රින්ග් අවර් මෙනියුස්”
පිස්සු හැදෙනවා. මෙච්චර බිස්නස් කඩාගෙන වැටිලා තියෙන කාලෙත් ඒ මුකුත් පෙන්නන්නෙ නැතුව.. සුහදශීලිව කතාබහ, හිනාව! ඒ විතරක් නෙවෙයි, අපි කෑම ටික තෝරන්න පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඇහුවා. ඒවටත් හරි ලස්සනට විස්තරේ..
ඒ නිසාම, ලොකු මහන්සියක් නැතුවම අපි ‘චීස් ටෝස්ට් එකකුයි (රු. 570), නාචොස් එකකුයි (රු. 800), හනිමස්ටඩ් හොට් ඩෝග් (රු. 500)’ එකකුයි ඔ්ඩර් කලා. ඔ්ඩර් කරලා සුපුරුදු පරිදි බීමට ‘කැෆේ මොකා’ (රු. 390)
ඔ්ඩරෙන් පස්සෙ ඇත්තටම දෙන්නගෙ නම් කතාබහක් තිබුනෙ නැතිම ගානයි. බෙල්ල හතර වටේට කරකවකව රාක්කවල, කබඩ්වල තියෙන පොත් බලනවා. ඒකෙන් ඇත්තටම වෙලාව යනවා තේරුනෙත් නෑ.
මෙන්න ‘මොකා’ මේසෙ උඩ.
ෆොටෝ එකක් එහෙම ගහලා කරලා ඔන්න පළවෙනි උගුර.
“ෂැහ්! ටොප් ආ.. කාලෙකට පස්සෙ නිසාද දන්නෙ නෑ බං කොහොමහරි පංකාදු මොකො එක. කිරි, ක්‍රීම් ගාණටම. පැණි රසත් අඩුවැඩි නැතුව. අනික හොඳ කොලිටි කෝපි එකක්, රසත් ටොප් එකටම තියෙන්න ඈ..”
යාළුවගෙන් වචන පේලියක්.
ඊට පස්සේ.. මම වැඩ ඇල්ලුවා එක පේලියට මේසෙට ආපු කෑම ටිකෙන්.. චීස් ටෝස්ට් කෑල්ලක් අතට අරගෙන.
හප්පට..
ඒක චීස් විමානයක්. හීනියට ලියපු මොසරැල්ලා තට්ටුවක් අතුරලා ඊට උඩින් මෙල්ටඩ් මයොනිස්.. හිතන්නකො ඊටත් උඩින් පොඩි පොඩියට කපපු අමුමිරිස් කෑලි ටිකක් අතුරලා ස්පයිසි ගතියත් නූලටම ගලපලා තිබ්බාම. බටර් ගාලා කරකරපු පාන් පෙත්තෙ ටෝස්ට් රසත් එක්ක..
රස නහර නිකම්..
කොහොමහරි ඒ අතරට මම කෑවානෙ හොට්ඩෝග් එකෙන් කටක්..
අන්න..
ඒක නම් මාරම ගැලපිල්ලක් ඈ.. චීස් ටෝස්ට් එකේ චීස් රසත් එක්ක..
අබ, මීපැණි පේස්ට් රස හොඳහැටි දැනෙන්න හදාපු ග්‍රිල්ඩ් සොසේජ් එක. ෂැහ්, සත්තයි ස්නැක් එකකට නම් කියාපුම.
ඔක්කොමත් හරි බඩ පැළෙනකම් කෑවෙ නාචොස් එක.
මෙක්සිකන් කෑමක් වුනාට මොකද අපිට නම්.. කිරිකජු වගේ. වෙනදෙයක් නිසා නෙවෙයි ඒකෙ තිබ්බ ජාති? ඇවකාඩෝ, මාලු මිරිස්, ලූණු, මින්චිකොල, පිකල්ඩ් ගර්කින් එක්ක ලුණු ගම්මිරිස් දාලා තම්බපු චිකනුයි, නාචො චිප්ස් තොගයයි. ඒකත් කන්න තියෙන්නෙ මීකිරි සහ ක්‍රීම්චීස්, ස්පයිසස් එකතු කරලා හදපු මල් හතේ සෝස් එකක් එක්ක.
ආයෙ ඉතින්.. පිඟාන හේදුවා ගානටම! එක ලූණු කෑල්ලක් නෑ අන්තිමට හොයාගන්න.
හැබැයි ඒ කෑවා වගේ නෙවෙයි, දෙන්නා යාගන්න බැරුවත් ටික වෙලාවක් හිටියා ඇත්තටම.
හී..!
Coffee and Pages are back in an all-new venue.
Essentially is a house turned into a reading corner that happens to serve coffee and their very own mug pasta.
සිංහල ඒක නම් මාරම ගැලපිල්ලක් ඈ.. චීස් ටෝස්ට් එකේ චීස් රසත් එක්ක.. අබ, මීපැණි පේස්ට් රස හොඳහැටි දැනෙන්න හදාපු ග්‍රිල්ඩ් සොසේජ් එක. ෂැහ්, සත්තයි ස්නැක් එකකට නම් කියාපුම.
Address
78A Stratford Avenue, 6 Colombo
Directions
It's at the end of the lane right opposite Green Cabin on Cotta Road.
Contacts
Report InaccuracyClosed right now
Price Range
Dish Types
Cuisine
A one-stop shop on the way to/from airport or to your getaway.…
New est member of the cafe scene in Mount that does musty…
Delete Comment
Charith
You can buy used fictions and non fictions in good condition by Facebook page.
https://www.facebook.com/thesecondhandbookstore/
Jay
They have really delicious pasta. there creamy past and their prawn penne is one of the best pastas dishes in town. Pages also has amazing coffee