Artwork for TEMP_Yamu Promo Top Banner
Artwork for Yamu Promo Top Banner
Artwork for TEMP_sidebar Artwork for Excel restaurants sidebar banner 2

4/5

Pagoda Tea Rooms

105, Chatham St, Fort

  • Call 112323086
  • Open 7.30AM to 5.30PM weekdays, 7.30AM to 1.30PM Saturdays, closed on Sundays


Pagoda Tea Rooms is basically the only place to chill out at on Chatham Street - it's in a lovely building from all the way back in 1884. They do a super lamprais, and fun fact: Duran Duran shot a music video here.



Hungry like the wolf? බඩගිනිද වෘකයක් වගේ? යන්න චැතැම් වීදියේ පැගෝඩා ටී රූම්ස් (Pagoda Tea Rooms) වෙත.

අසූවේ දශකයේ සංගීත පුවණතා සංකේතවත් කරන ඩුරන් ඩුරන් (Duran Duran) සංගීත කණ්ඩායමේ මේ Hungry like the wolf වීඩියෝව රූගත කෙරුණේ 1982දී කොළඹ කොටුවේයි. එහි නිරූපිත කොටුවේ, පිටකොටුවේ ජීවිතය සිනාවෙන්, ජීවයෙන්, ජවයෙන් පිරිලා. අසූවේ දශකයේ ජනප්‍රියම රොක්/පොප් සංගීත කණ්ඩායමේ වීඩියෝවක් හරහා කදිම ජාත්‍යන්තර දැන්වීමක් හිමිවීමෙන් පසු වසර කීපය තුළ ලංකාවේ ඉතිහාසය ශීඝ්‍රයෙන් වෙනස්වුණා. ඩුරන් ඩුරන් මේ වීඩියෝව හරහා ජනප්‍රියත්වයේ හිනිපෙති නගිද්දී අපේ රට ගිනිජල්වුණා.

පොප් නව රැල්ල සංගීත ලෝකයට අවදි කළ මේ සංගීත වීඩියෝව කොළඹ කොටුව අගනුවර සැබෑ හදවත වූ යුගයේ අවසානයත් වාර්තාගත කළා. ඉන්පසු එළඹුණේ බෝම්බ, මුරකපොළු, කටුකම්බිවලින් ඇවිරුණු කලබලකාරී දශක තුනක යුගයක්. ආයෙත් කොළඹට එදා වගේ වෙන්න බැරිද? අපි බලාපොරොත්තුසහගත වෙමු.

කොළඹ කොටුව යළි පැරණි ජීවතයට අවදිවෙමින් සිටින බව පෙන්වන සාක්කියක් තමයි, මේ වීඩියෝවේ තිබූ පැරණි පැගෝඩා ටී රූම් අලුත් වී තිබීම.

මම නම් හිතන්නේ නැහැ මේස උඩ ඉඳන් නයි නටවපු ළමයින් ඉතිහාසයේ ඇත්තක් කියලා. ඒත්, පැගෝඩා කියන්නේ හැමදාමත් සුන්දර තැනක්. ආකර්ශනීය චැතැම් වීදියේ පිහිටි එහි සුවිසල්, ගැඹුරු ඇතුළත තමයි, බොහෝ කලක සිට කොළඹ කොටුවේ විශිෂ්ටම දිවාආහාර තිප්පල. ව්‍යාපාර කටයුතු අධෛර්ය කරන අධිආරක්ෂිත වටපිටාව තුළ පවා එහි හිමිකරුවෝ පසුගිය අඳුරු සමය පුරා පැගෝඩා ටී රූම් අතහැර දැමුවේ නැහැ.

පැවැත්ම සඳහා එයට අඩුවෙන් සක්‍රිය තැනක් බවට පත්වන්න සිදුවුණා. එය ඩුරන් ඩුරන් යුගයේ ගල්ගැසී, කිසිවක් වෙනස් නොවී බොහෝ කාලයක් තිබුණා. රජය කොළඹ කොටුවේ පුනරුදයකට මුල පුරා ඇති, ලන්දේසි රෝහල් පරිශ්‍රය එහෙම නවීකරණය වූ පසුබිම තුළ ඔන්න පැගෝඩා ටී රූම්ද අලුත්වෙලා.

එහි අලුත් දෙයක් තමයි විශිෂ්ට ගෘහභාණ්ඩ. ඇතුළත ඒ ගෘහභාණ්ඩ නිසා තවත් සැහැල්ලුවෙලා. ආලෝකවත්වෙලා. අලුතෙන් වර්ණගන්වලා. පැගෝඩාවේ බාත්රූම් ලන්දේසි රෝහලේ ඒවාටත් වඩා විශිෂ්ටයි. ‍අලුත්වුණත්, එය කිසියම් පෞරාණිකබවත් තවමත් නිදන්ගතකරගෙනයි ඉන්නේ? එහෙම නොවෙයිද? 1884දී ආරම්භ කරනලද මෙතන තමයි, පුරයේ පැරණිම බොජුන්හල.

පැගෝඩා හැමදාමත් ඉතා හොඳ, මිළ අඩු ‍ෆ්‍රයිඩ්රයිස්, විශිෂ්ට ලම්ප්රයිස් කෙටිකෑම වර්ග රැසක් පිරිනැමුවා.

සුපිරි ග්‍රීන් කැබින් වගේම මෙතැනත් දිගුකලක් තිස්සේ හිමිව තිබෙන්නේ එකම හිමිකරුවෙකුට. ඒත්, ග්‍රීන් කැබින් වගේ නොවෙයි, පැගෝඩා තවමත් විවෘතවන කාලසීමාව දීර්ඝ කර නැහැ. උදේ හතට විවෘතවී සවස පහට වැහෙන එය සේවා සපයන්නේ කාර්යාල ‍කාර්යමණ්ඩල පාරිභෝගික පිරිසකට.

දැන් මේ කාලසටහන් වෙනස් වන්න කාලෙ හරි. කොළඹ කොටුවේ සුන්දර පරිසරය සැබැවින්ම සක්‍රිය වෙලා. යළි ජී‍වයෙන් පිරිලා.

TIP

Come here before 2PM to grab a packet of lamprais before they vanish.

Address

105, Chatham St, Fort

Directions

When you reach the Kingsbury roundabout, turn into Janadipathi Mawatha, and turn right at the clock tower. Pagoda is after the mosque on this street.

Contacts

Report Inaccuracy

Open 7.30AM to 5.30PM weekdays, 7.30AM to 1.30PM Saturdays, closed on Sundays

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Have you visited this place?

Write your own review!
See 3 Comments