Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Palladium Restaurant

46/12, Lawson Street, Nuwara Eliya


ඉස් ඉස්සෙල්ලාම කියන්න එපැයි, දොර ලඟ ඉන්න පිළි ගැනීමේ නිළධාරියා හරි ලස්සන හිනාවක් දාලා තමයි කට්ටිය පිළි ගන්නෙ. ඇතුලෙ සේවක පිරිසෙත් ලොකු වෙනසක් නෑ, හරිම සුහද ශීලියි.



හම්මේ සීතල...

කියන කියන හැම වචනයකම මුල අකුර දෙපාරක් කියවෙන ගාණට හකු දෙක ගැහෙනව. දන්නවනෙ ඉතින් හවස් ජාමෙට නුවර එළියෙ දේශගුණයෙ හැටි.

පහුගිය සති අන්තයෙ මමයි යාලුවෙකුයි නුවර එළියෙ ගියේ කාලෙකින් හොඳ කන්දක් දෙකක් නගින්නත් බැරි වුන නිසා. ඒත් අපි එහෙට යද්දි ටිකක් හවස් වුන නිසා අපි හිතා ගත්තා පහුවෙනිදා උදෙන්ම වැඩේට බහිනව කියල. එහෙම හිතල රෑට කන්න මොනව හරියි බියර් ටිකකුයි අරගෙන නවාතැනට යන්න කල්පනා කරපු අපි හොඳ කඩයක් හොය හොය තමයි ටවුමෙ එහාට මෙහාට ඇවිද්දෙ.

අනේ.. වෙච්ච දෙයක්, ඇවිදල ඇවිදල හැමදාමත් වගේ අපි දෙන්න අන්තිමට ගොඩ වුනේ රෙස්ටුරන්ට් එකකට. ඒකෙ නම පැලේඩියම්. තියෙන්නෙ නුවර එළිය සුපර් මාර්කට් කාර් පාර්ක් එක ඉස්සරහ. කට්ට කලුවරේ වුනත් හොඳට කැපිල පේන පාට පාට ලොකු අකුරු වලින් බෝර්ඩ් එකක් ගහල තියෙන නිසා හොයා ගන්න නම් අමාරුවක් නෑ.

ඉස් ඉස්සෙල්ලාම කියන්න එපැයි, දොර ලඟ ඉන්න පිළි ගැනීමේ නිළධාරියා හරි ලස්සන හිනාවක් දාලා තමයි කට්ටිය පිළිගන්නෙ. ඇතුලෙ සේවක පිරිසෙත් ලොකු වෙනසක් නෑ, හරිම සුහදශීලියි.

පැලේඩියම් එකේ පල්ලෙහා තට්ටුව තියෙන්නෙ ෂොට් ගහන කට්ටියට, කතාවට අපි කියන්නෙ පප්පල කියල. විස්සකට තිහකට වාඩි වෙන්න ඉඩ තිබුණත් මෙතන ඉන්න ගොඩ දෙනෙක් බොන්නෙ හිටගෙන. අනික කඩල, මස් ප්ලේට් වගේ පොඩි පොඩි බයිට් තමයි පල්ලෙහා තට්ටුවෙ වැඩි හරියක්ම එහා මෙහා යන්නෙ. සිගරට්, සුරුට්ටු දුමත් මදි නොකියන්න තියෙනව.

ඩීසන්ට් එකේ බොනව නම් යන්න ඕන දෙවනි තට්ටුවට. මොකද එතනට පප්පල එනව අඩුයි. ඒ නිසා බීඩි, සුරුට්ටු පත්තු වෙනවත් අඩුයි. රෑ කෑමයි බියර් කෑනුයි අරන් යන්න හිතාගෙන ගොඩ වුනත් අන්තිමට අපි කතා වුනේ වැඩේ මෙතනදිම ඉවරයක් කරල දාලා යන්න.

අඩ එළියෙ තියෙන දෙවනි තට්ටුව සෙට් වෙන්න කියාපු තැනක් වුනාට සෙනඟ පිරිලා නිසා ලොකු නිදහසක් නෑ. එහෙමයි කියල රස බයිට් එකක් කාලා බියර් එකක් ගහන්න බැරි තරම් අවුලකුත් නෑ. හැබැයි කෝකටත් කියල අපි දෙන්න වාඩි වුනේ භෝජනාගාරෙ මුල්ලකට වෙන්න. ඒත් එක්කම වගේ ආපු සේවක මිත්‍රයා දුන්නු මෙනුව බලපු අපි ලයන් ස්ට්‍රෝන්ග් ලොකු කෑන් දෙකක් ඕඩර් කරල තමයි වැඩේ පටන් ගත්තෙ. බයිට් එකට ස්පයිසි චිකන් පීසා එකක් (රු. 800) ඕඩර් කලා. හ්ම්ම්… මතකෙ හැටියට ඒකට තන්දුරි චිකන් කියලත් කියනව.

වැඩේ කියන්නෙ මාත් එක්ක ගියපු යාලුවට පොඩි මොළේ අමාරුවක් තියෙනව. මෙච්චර සීතලේ ගැහි ගැහි ඉඳලත් තිබහට වතුර බොනව වෙනුවට මූට ලයිම් ජූස්ම (රු. 150) ඕන වුනා. මොනව කරන්නද ඉතින් ඒකත් ඕඩර් කලා කියන්නකො.

ඕඩරේ දාලා අනිත් පැත්තට බියර් කෑන් දෙක මේසෙට ආවට පීසා එක නම් ආවෙ විනාඩි විස්සකින් විතර. රෙගියුලර් සයිස් පීසා එකක් නිසා කෑලි 6කට තමයි කපල තිබුණෙ. දුම් දදා මේසෙට ආපු පීසා එක දිහා කොහොම බලන් ඉන්නද? තප්පරයක් යන්නත් කලින් දෙන්නගෙම අත් දෙකේ පීසා කෑලි.

රොටිය ටිකක් තුනී වුනාට ඇත්තටම මෙයාලගෙ පීසා වල රස නම් හොඳයි. හැබැයි ඉතින් ස්පයිසි කිව්වට ස්පයිසි ගතිය ටිකක් මදි. සමහර විට සීතල නිසා එහෙම දැනුනද කියන්නත් බෑ. කොහොම වුනත් පීසා එකට දාපු චිකන් කෑලි ටික නම් පංකාදු පහයි. තව චීස් ටිකක් වැටුන නම් සුපිරි. ඒ හැරුණාම ලූණු, තක්කාලි එහෙමත් නියම ගාණට දාලා තිබුණ. ලාවට එන සුදු ලූණු රසකුත් තිබුණ නිසා මෙයාලා දුන්න චිලී ටොමැටෝ සෝස් වලට වඩා ටැබැස්කෝ සෝස් මේකට හරියනව කියල තමයි මට නම් හිතුණෙ.

පීසා කෑලි 3 ගාණෙ බඩට යද්දි අතේ තිබුණු බියර් කෑන් දෙකත් දන්නෙම නැතුව ඉවර වෙලා. ඒත් දෙන්නගෙ බඩ ගින්න නම් ඉවර වෙලා නෑ. ඒ නිසයි දෙන්නම කතා වෙලා මික්ස් රයිස් එකක් (රු. 450) ගෙන්න ගත්තෙ. ගෙනිහින් රෑ වෙලා කන්න පුලුවන්නෙ. යාලුව අකමැති නිසා බීෆ්, පෝර්ක් දාන්න එපා කිව්ව.

ඔය අතරෙ තමයි යාලුව මුලින්ම ඕඩර් කරපු ලයිම් ජූස් එක ආවෙ. බැන බැන හිටියට උගුරක් දෙකක් බිව්වට පස්සෙ තමයි මට හිතුණෙ ලයිම් ජූස් එක ඕඩර් කරපු එක හොඳයි කියල. දෙහි රසයෙන් අනූනයි. හැබැයි සීනි පොඩ්ඩක් වැඩි ගතියක් තියෙනව. සීතල ගැන නම් මුකුත් නොකිය ඉන්නම්, නුවර එළියෙනෙ.

නවාතැනට ඇවිල්ල ඇඟ පත හෝදගෙන රයිස් එක දිග අරිද්දි අපි හිතුවෙ සීතල වෙලා තියෙයි කියල. හැබැයි, එහෙම ලොකු අවුලක් තිබ්බෙ නෑ. බැදපු ඉස්සො රොතු බුරුතු පිටින් රයිස් ඒක පුරාම. එතකොට හීනියට ලියල බැදපු චිකන් කෑලිත් පිරිලා. ඒ විතරක් නෙවෙයි දවටල බැදපු දැල්ලො, සොසේජස්... ෂහ් සුපිරි රයිස් එක. ලූණු, ලූණු කොළ, ගෝවා මල්, කැරට් එහෙමත් මදි නොකියන්න දාලා තිබුණ නිසා බැලූ බැල්මට හරිම ලස්සනයි. පොඩි අවුලකට තිබ්බෙ හොද්ද මෙලෝ රහක් නැති එක තමයි. ඒත් ඇත්තටම පැලේඩියම් එකේ රයිස් වලට නම් හොදි ඕන නැති තරම්.

චැහ්, වැඩේ කියන්නෙ මෙච්චර රස රයිස් එකක් එක්ක ගලපන්න තව බියර් කෑන් එකක් නැති වුනානෙ. ඕක තමයි ඉතින් අවාසනාව කියන්නෙ.


TIP

Drink beer with pizza

Address

46/12, Lawson Street, Nuwara Eliya

Directions

In front of the supermarket car park

Contacts

Report Inaccuracy

Similar Places

See 2 Comments