Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

4/5

Palmyrah (Hotel Renuka)

328, Hotel Renuka, Galle Road, Colombo 3

Palmyrah has long been one of the best places in the city for Sri Lankan food. They've expanded well into Western and Indian too, the food is great, and it's also a comfy, quiet, chilled space to dine at.

ආයෙත් නරක විදිහට කොරෝනා වසංගතය හිස ඔසවල තියන නිසා දැන් එළිය පහළියට බහින එක නැවතත් අවදානම් වැඩක් වෙලා. හැබැයි එදිනෙදා වැඩ කටයුතු අතපහු කරගන්නත් බැරි නිසා අත්‍යවශ්‍ය දේවල්වලට එළියට එන්නෙ නැතුවත් බෑනෙ. ඉතින් කොහේ ගියත් පරිස්සම් වෙලා ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න කියල මතක් කරන ගමන් ම, මේ කියන්න යන්නෙ අපිත් එහෙම ඉතා ම පරිස්සමින් කොල්ලුපිටිය රේණුකා හොටෙල් එකේ තියන පැල්මයිරා රෙස්ටොරන්ට් එකට ගිය ගමන ගැන.

තැන

රේණුකා හොටෙල් එකේ බේස්මන්ට් එකේ තමයි මේක තියෙන්නේ. ශ්‍රී ලංකන් කෑමවලට කාලයක් තිස්සෙ ප්‍රසිද්ධ තැනක්. මේක හොඳට ඉඩ පහසුකම් තියන, පිළිවෙළ පිරිසිදු ලස්සන රෙස්ටොරන්ට් එකක්. මීටරේ දුර ආරක්ෂා වෙන විදිහට කුෂන් පුටුයි ලී මේසයි පිළිවෙළින් ඇරේන්ජ් කරලා. අපි යන වෙලාවෙ වැඩි සෙනඟක් හිටියෙත් නෑ. 

කෑම

පැල්මයිරා කියන නමේ ම තියනව නේ, මේගොල්ලන්ගෙ විශේෂත්වය තමයි යාපනේ විදිහට හදන කෑම. ඊට අමතරව සෑහෙන ලොකු ශ්‍රී ලංකන් ෆුඩ් මෙනු එකක් මෙතන තියනවා. පැල්මයිරා එකේ රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස් වගේ ම ආප්ප එහෙමත් රසයි කියලයි ආරංචි වුණේ.

ඕඩර් කරපු කෑම ටික එන්න කලින් කම්ප්ලිමන්ට්‍රි අපිට හම්බුණා උණු උණු රසම් කෝප්පයක් සහ පපඩම්. රසම් එකේ සැර ගතිය වගේ ම ලුණු ඇඹුලුත් හරිම ගාණට. කන්න කලින් බඩගිනි වැඩි වෙන්න හොඳ උත්තේජනයක්.

ඇපටයිසර් එකක් විදිහට අපි ගත්තා සේවරි රොටි (රු. 700). පෝෂන් එකට චපාති රොටි දෙකයි. මේකෙ තිබුණ බීෆ් ෆිලිං එකේ හොඳ සැර ගතියකුයි ඇඹුලකුයි මික්ස් වෙලා තිබුණා. ෆිලිං එකට ලූනු, තක්කාලි කෑලි එහෙමත් මික්ස් කරලා තිබුණා.

අපේ ප්‍රධාන කෑම වේල වුණේ සැෆ්රන් රයිස් (රු. 460), ඉස්සො තෙල් දාලා (රු. 1400), පරිප්පු (රු. 520) එක්ක සීනි සම්බෝල (රු. 400). සැෆ්රන් රයිස් පෝෂන් එක දෙන්නෙකුට හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. මේ බත් එක සුවඳයි වගේ ම පුදුම රසයි. මේකට මිශ්‍ර කරපු බැදපු ලූනු, කරපිංචාවලින් බතේ රස තව වැඩි වෙලා.

තෙල් දාපු ඉස්සො ටික සෑහෙන ස්පයිසි. ලූනු, අමුමිරිස්, කරපිංචා, තක්කාලි එහෙම දාල කටට සැරට තිබුණා. මේකට පාවිච්චි කරලා තිබුණෙ ලොකු ඉස්සො.

පරිප්පු කරිය හොඳ ෆ්‍රෙෂ් ගතියයි සහ උකුයි. රසත් ඒ වගේ. හොඳට පොල් කිරි දාල නිසා නියම ලංකාවෙ රහ කැටි වෙලා තිබුණා.

සීනි සම්බෝලෙ මරු. ඉස්සොවල සැරයි පරිප්පුවල කිරි රසයි එක්ක සීනි සම්බෝලෙ පැණි රස හොඳට බැලන්ස් වුණා.

බත්වලට අමතරව අපිට චපාතිවලත් රහ බලන්න ඕන වුණාලු ඉතිං. චපාති පෝෂන් එකට (රු. 350) චපාති තුනක් ආවා. ඒ එක්ක අපි ගත්තා බටර් චිකන් මසාලා එකක් (රු. 1000). චපාති රොටි ටික හීනියි. පොඩි වේලුණ ගතියකුත් තිබුණා. ඒත් කටට සුමුදුවට තිබුණා.

බටර් චිකන් මසාලා එක තිබුණ නිසා චපාති එකේ ඩ්‍රයි ගතිය වැඩිය දැනුණේ නෑ. පෙනුමෙන් ම රස හිතාගතහැකි නේ. මේක හොඳට ම උකුයි සහ ක්‍රීමි. සොෆ්ට් චිකන් කෑලිවල තැවරුණ චිකන් ග්‍රේවි එක චපාතිවල ගෑවුණාම මාර රසක්.

බීම

බීම විදිහට මෙතන ෆ්‍රෙෂ් ජූස්, මිල්ක්ෂේක්, තේ කෝපි ජාති, නැත්තං ලිකර් වුණත් තියනවා. මේ තියෙන්නෙ අපි ගත්ත ලයිම් සෝඩා එකයි (රු. 510) චොක්ලට් මිල්ක්ෂේක් එකයි (රු. 550). ලයිම් සෝඩා එක කූල් වෙලා යන්න හොඳ රිෆ්‍රෙෂිං බීමක්. සෝඩා කික් එකයි දෙහි රසයි පැණි රසයි හොඳට බැලන්ස් වෙලා තිබුණා. චොක්ලට් මිල්ක්ෂේක් එක උකුයි. හොඳට චොක්ලට් රසයි කිරි රසයි මික්ස් වෙලා තිබුණා.

සර්විස් එක

ඉතාම සුහදශීලී සහ ඉක්මන් සේවාවක් මෙතනින් ලැබුණා කියල කට පුරා කියන්න පුළුවන්. සර්විස් එකේ කිසිම වරදක් නෑ.

අවසන් වශයෙන්

මිල ගණන් ටිකක් සැර වුණත් පැල්මයිරා එකේ කෑමබීම සුපිරි. ඉතින් අතේ සල්ලි තියන වෙලාවක නං අනිවාර්යයෙන් මේ පැත්තෙ ගිහින් ඒ කෑමබීමවල රස විඳලා බැලුවට පොඩ්ඩක්වත් පාඩු නෑ.

All Reviews

The good old Palmyrah is still consistent with their flavours.

Palmyrah is one of the places we 'd recommend twice over for their authentic food and great service.

Palmyrah has long been one of the best places in the city for Sri Lankan food. They've expanded well into Western and Indian too, the food is great, and it's also a comfy, quiet, chilled space to dine at.

Palmyrah has long been one of the best places in the city for - Sri Lankan food. A cuisine type which, quite bafflingly, is massively underrepresented in the capital of Sri Lanka.

සිංහල රේණුකා හොටෙල් එකේ පැල්මයිරා රෙස්ටොරන්ට් එක

සිංහල ලංකාවේ කෑමවලට කොළඹ තියෙන ඉහළ මට්ටමේ තැන් කිහිපයෙන් පට්ට තැනක් තමයි රේණුකා හෝටලේ ‘පැල්මයිරා’ අවන්හල.

සිංහල කොළඹ පුරවරයේ හොඳම දේශීය ආහාර පිරිනමන තැනක් කලක පටන් පිහිටා තිබෙනවා කොල්ලුපිටියේ රේනුකා හෝටලයේ. ඒ තමයි, පැල්මයිරා.

Address

328, Hotel Renuka, Galle Road, Colombo 3

Directions

Right on the Galle Road in Kollupitiya, on the corner of Sellamuttu Avenue, almost opposite Burger King. Once you walk into the Hotel, go straight in and take the staircase to the basement.

Contacts

E-Mail Website Facebook

Report Inaccuracy

Similar Places

User Reviews
S
1

2/5

0

SavithJ

Today my family and I went to The Palmyrah restaurant at Hotel Renuka. There was no one to usher us in to the restaurant. Nobody showed us to a table although there were plenty of staff around. We were there for a good 10 mins before we recieved menus although I was gesturing and calling the staff throughout. They blatantly ignored us. When we finally gave our orders we waited for almost an hour for us to get our food. I got the fillet steak. Boy, was it one of the worst steaks I've ever had. It was like chewing beef soup flavoured rubber. Fortunately my family's dishes were alright. To make matters worse we were only given glasses and water after we received the food. The napkins we had to tale from another table. Absolutely, absurd. Terrible service and sub par food. I used to recommend this place highly. There was barely anyone today and still they messed it up right royally.

M
3

4/5

0

Mystica

Very authentic flavours. Excellent service staff. Complimentary rasam is wonderful. Kool, hoppers all accompaniments very good.

A
5

4/5

0

ajlalwani

Great for their hoppers. Slightly on the higher side price wise compared to cafe on the 5th.

Avatar for indi
21

4/5

0

indi YAMU STAFF

This place is expensive but the jam for quality Sri Lankan.

See 12 Comments