107 Old Negombo Rd, Wattala
Open until 11:00 PM
Awesome exterior & interior, service also. But main meals are? Even bakes & juices are good!
මේවා ඉතින් කියලත් බෑ, නොකියත් බෑ..
අනේ මන්දා, එක්කො ඔන්න ඔහෙ හැදෙන්න හරි කියලයි මේ කියන්නෙ හොදේ!
ඇත්තටම බර ගාණක් වියදම් කරල රෙස්ටුරන්ට් එකක් හැදුවට වැඩක් නෑ, ඒකෙ කෑමවල කොලිටිය ඒ මට්ටමෙන් නැත්නම්. දැන් බලන්නකො, සේවාවත් නොම්මර එකටම තිබිල, ඉන්ටීරියර් එකයි එක්සිටීරියර් එකයිත් තරු පන්තියෙන්ම තිබිල, ඇතුලට ගිහිල්ල වාඩි වුනාට පස්සෙ.. රස නහර අහලකින් තියන්න බැරි කෑම වේලක් මේසෙට ආවම?
ඇඬෙනව නේ?
අන්න ඒ නිසයි අපිත් ගේන්න කියපුව එවෙලෙම ඔතාගෙන අනික් පැත්තට එලියට බැස්සෙ. ඇයි යාළු කන්න තියා…
එක්කො ඒක ඕන නැහැ. වෙච්ච සිද්ධිය කියන්නම්කො.
ඔන්න පහුගිය දවසක මායි යාළුවෙකුයි ගියා පොඩි වැඩ වගයකට වත්තල පැත්තට. ගිහිල්ල හිටං කොහොමහරි වැඩ ටික නම් ගොඩදාගත්ත. ඒත් බඩගින්න?
කරන්නම දෙයක් නැති තැන තමයි හන්දියෙ ඉඳගෙනම බැලුවෙ කොහෙද හොඳහැටි කෑම වේලක් කන්න තියෙන්නෙ කියල. දන්නැද්ද ඉතින් ගූගල් එක එහෙම පීරල කරල..
“ඒහ්, මේ ලඟම එකක් තියෙනෝ බං. පයින්ම අදිමුද?”
“ඒ.. ඇත්තටම. යමං යමං සනික ඒනං”
දෙන්න ඕ..න්න අදාළ ස්ථානයටම.
ගිහිල්ල කරල ඇතුල් වෙන්න බලද්දි නම්.. අවංකයෙන්ම හදගැස්මත් පොඩ්ඩක් වැඩිවුනා. ඇයි අප්පේ ඒකෙ හැඩ? බැලූ බැල්මට ලොකු හෝටලයක බෝල් රූම් එකක් වගේ. ඊටත්.. ‘ලොකු ගාණක් වාශ්ප වෙන්නයි යන්නේ’ කියල හිත හදාගෙන ඇතුලට ගියානෙ. ඒ ගියාට පස්සෙ, එතනත් එලෙසමයි කියන්නකො යාළු. ආයෙ සුපිරිම ඉන්ටීයර් එක ඈ.. සුවපහසු පුටු මේස දාලා, කෑම ඩිස්ප්ලේ එකත් හරි අපූරුවට හැඩ කරල, වර්ගීකරණයත් කරලා.. බලන්න එපැයි. ෂැහ් ටොප් ආ!
අනික අපි වාඩි වෙච්ච අනික් පැත්තටම මේසෙට ආපු සේවක මිත්රයත්... බැලූ බැල්මට නම් එයාට හරි වැඩ වගේ. ඒත් මෙනු දෙක ගෙනැල්ල දීලා සුහදශීලි හිනාවක් දාන්න නම් අමතක කලේම නෑ. ඒ විතරක් නෙවෙයි, දෙවනි වටේ යන ගමන් ඔය අපේ ඕඩරෙත් අරගෙනම ගියේ.
ගිහිල්ලා කරල විනාඩි 5ට, මේසෙට හැඳි ගෑරුප්පු, පිඟන් කෝප්ප අඩුම කුඩුම ටිකත් තියල ගිහිල්ල තමයි ඉස්ඉස්සෙල්ලාම කියල ඇවකාඩෝ ජූස් එක (රු. 250) සීතලම සීතලට ගෙනාවෙ.
අනේ කියල වැඩක් නෑ ඒක නම් වෙලාවෙ හැටියට පංකාදු පහයි ආ.. මගෙ හිතේ ගෙඩි 2ක් විතර දාලා හදලද කොහෙද හරිම උකුයි. හැරත් සීනි එහෙමත් දාලා නෑ. අයිස් විතරක් දාලා නිසා.. සීතලත් හොඳ හැටියට ඉතින් ආයෙ.
වැඩේ කියන්නෙ ඊට පස්සෙනෙ. පෝර්ක් නූඩ්ල්ස් එකයි (රු. 420), බීෆ් බිරියානි එකයි (රු. 450)!
හයියෝ.. අපි පටන් ගත්තෙ බීෆ් බිරියානි එක කන්න. ඒත් කොහෙද, කන්න ඒකෙ බීෆ් තියෙන්න එපැයි. අනේ මේස හැන්දෙන්ද කොහෙද 2ක් විතර දාලා. ඒ හැරුනාම ප්රාග් ඓතිහාසික බැදපු බිත්තරයකුයි, අර සම්බෝලයි, සලාදයි තමයි තිබ්බෙ. ඒකත් අවුලක් නෑ දෙයියො බතේ හරි රස තිබ්බ නම්. එහෙමත් නෑ කියන්නකො. සීතලම සීතල වෙලා… අයියෝ කටේ තියන්න බෑ. අඩුම තරමෙ පොඩ්ඩක් රත් කරල ගේන්න. අනික බීෆ් බිරියානි හදන විදියක් තියෙනව, දන්නෙම නැත්නම් ඉන්ටනෙට් එකෙන් හරි බලන්න?
බැරිම තැන නිකමට වගේ නූඩ්ල්ස් එක ගත්ත ලඟට.
ඒ පාර නම්, හපොයි කියවුනා ඈ! පෝර්ක් නම් නොසෑහෙන්න දාලා තිබුන. ඩෙවිල් එකෙන් කියල තමයි කිව්වෙ. ඒත් ආවෙ නම් සෝස් රස විතරක්මයි. පෝර්ක් රස එන්න හොඳ..ට හිතන්න ඕන, ඕ...
අගය කරන්න ඕන දේ අගය කරන්න ඕන නිසයි කියන්නෙ යාළු. ඔන්න නූඩ්ල්ස් එක නම් තිබ්බ හොඳ රහට. එළවළු අඩුම කුඩුම එක්ක, බිත්තර එහෙමත් දාලා..
පොඩ්ඩක් උණු වුනා නම් සත්තයි, පංකාදුයි.
කොහොමහරි ඉතින් ඒ අසරණ වෙච්ච අසරණවිල්ලට තමයි හිස්බඩ යන්න බැරි හින්ද අපි ඉක්ලෙයාර් එකකුයි (රු. 70), බ්රවුනි කෑල්ලකුයි (රු. 110) ගෙන්න ගත්තෙ. ඒකවත් කාලා යන්න කියල.
හප්පේ.. ඒකෙ පළවෙනි කට කද්දි තමයි හිතට බඩට යාන්තම් හරි දැනුනෙ. බොරු කියන්නෙ මොකටද, මල් හතයි ඒ ඉක්ලෙයාර් එකට! චොකලට් ක්රීම් මැද්දටත් දාලා, ටොපින්ග් එකට හොඳ ඝනකමටත් දාලා. ආයෙ.. කටට දෙකට ඒක වාශ්ප වුනේ.
ම්.. බ්රවුනි කෑල්ලත් හොඳටම හොඳයි ඈ.. ගේනකොට පොඩ්ඩක් රත් කරල ගෙනාවා නම්.. මෙලෙක් ගතියත් එක්ක ආයෙ ගෙනාවද හොයන්න වෙන්නෙ නෑ.
ඒත් ඉතින්..
ඒක කාලා එළියට බැස්සට අපි දෙන්නට..
හිතට හරිම මොකක්දෝ මොකක්දෝ වගේ අනේ..
ඇත්තටම අච්චර ලස්සන කඩයක් ඊට වැඩිය හොඳට කරන්නම බැරිද ඈ..?
Open until 11:00 PM
Cuisine
Western Chinese Indian Thai Pub Food Sri Lankan Chinese Malay Home Baker
Price Range
Dish Types
Noodles Eggs Seafood Pasta Biriyani Rice And Curry Fried Rice Beef Pork Chicken Fried Chicken Mutton Fish Cuttlefish Brownies Cakes Bready Submarines Coffee Iced Coffee Fruit Juice Milkshakes Bites Chocolate
Ratings Breakdown
'O Leaf' is one of the best restaurant in Maharagama…
One of the best place to eat delicious authentic Sri Lankan…
4/5
Hello YAMU. You're doing a good a job. I have been to few restaurants recommended by you and had a good exprience at there. But if you are writing a review for a restaurant or any other food outlet, just know the restaurant first. Because I have been to pan restaurant and my experience was good at there. If you don't know this, there is a family restaurant behind the kitchen. There you get a chinese menu and north indian menu as well. I agree that their Sri Lankan biriyani doesn't taste good. Go for north indian menu and then write a review. Otherwise it could not be a fair review. Thank you🙂
4/5
hasheni
Hello YAMU. You're doing a good a job. I have been to few restaurants recommended by you and had a good exprience at there. But if you are writing a review for a restaurant or any other food outlet, just know the restaurant first. Because I have been to pan restaurant and my experience was good at there. If you don't know this, there is a family restaurant behind the kitchen. There you get a chinese menu and north indian menu as well. I agree that their Sri Lankan biriyani doesn't taste good. Go for north indian menu and then write a review. Otherwise it could not be a fair review. Thank you🙂