මැකා තමයි මැකා!
මැකා නෙවෙයි ඒකා නම් යකා..
ටෝක් කරල ටෝක් කරල කොහොමහරි අර ළමයි දෙන්නගෙන් ගැලෙව්වනෙ පාර්ටියක්, ෆස්ට් සැලරි කියල. හැබැයි ඉතින් එයාලත් හරි හොඳ කට්ටිය ඈ.. මුලින් නිකම් බොරුවට බෑ බෑ කිය කිය ඉඳල එක පාරටම..
අපිව සප්රයිස් කරන්නත් එක්ක, මෙන්න ඊයෙ කිව්ව හා කියල.
එච්චරයි ඉතින්. ආයෙ හැරෙන තැපෑලෙන් විශ්වියි මායි බැලුව සනික තැනක්, දාගත්ත පිටත් වෙන්න වෙලාවක්..
රුං.. ගාලා!
4.30ට දිනේෂ් එක්ක ඔන්න පළවෙනි සෙට් එක පිටත් වුනා ඈ. ඊට පස්සෙ මායි, මැකායි, ලන්ත්රයි 5.30ට විතර. විශ්විත් මගෙ හිතේ ඕන නම් පැය බාගයක පරක්කුවක් ඇති. ඒත් කොහෙද, ඒ පරක්කුවෙන්නෙ.. අපි ගිහින් වාඩි වෙනකොට, මුලින් ගියපු සෙට් එක බයිට්, ඩයට් සියල්ල ඕඩර් කරල බාගෙට ඉවර කරලත් එක්ක. අනේ පිඟන් 3, 4ක් මේසෙ උඩ එහෙට මෙහෙට කැරකි කැරකි තියෙනවා.. සොහොන් පිට්ටනි වගේ. කටු විතරයි ඕං..

මොනව කරන්නද ඉතින්,
‘ගන්නකො ඔය ජිං එකවත් එක ෂොටක් දාන්න’ කියල මම ගත්ත බෝතලේ අතට. අරගෙන දාගත්ත අඩු ෂැන්ඩි 100ක්. දාගෙන චිරාස් කියල ඔන්න එක උගුරට.
“බයිටක් ගනින් බයිටක් ගනින්. හප්පෝ.. බඩ පපුවත් එක්ක දාලා ගියේ බං. ජින්ද මොනවද ඒ..”
වෙලාවට එහා පැත්තෙ සෙනුරි හිටියෙ. ඒකත් හිටිය කිව්වට හෙමින් නෙවේ, කිඹුල වගේ ගිලල ගිලල පුටුවෙ දිගාවෙලා.. ගෑරුප්පුවෙන් පොඩි චිකන් කෑල්ලක් එහෙට මෙහෙට කර කර ඉන්නව. මම බැලුවාම ‘හී..’ ගාලා දාපි හිනාවක්. මට නේද..
දැම්ම අත, ගත්ත පිඟානෙ තිබ්බ චිකන් කෑල්ල, කාලා දැම්ම එක කටට.
ඒ කෑවට..
දැනුනෙවත් නෑ කියන්නකො. බැරිම තැන එතනම තිබ්බ පෙපර් බීෆ් එකක් (රු. 850), ගත්ත ඒකෙන් කෑල්ලක්. අරගෙන ඒකත් එක කටට.

ෂැහ්! අන්න බයිට්නෙ. මරු ආ.. කෙලින්ම අර ස්ප්රීට් ගතිය කොහෙන් ගියාද නෑ. හොඳ හැටි ෆ්රයි කරපු තඩි බීෆ් කෑලි. අමු මිරිස්, රතුමිරිස්, ගම්මිරිස් සුදුළූණු වලින් රසකරපු සුපිරි සෝස් එකක් එක්ක මික්ස් කරල ලූණූ අඩුම කුඩුම ටිකත් උඩින් දාලා.. ආයෙ නමේ හැටියටම, පෙපර් රසයෙනුත් අනූන වෙන්නම.
ඒ කාලා අනික් පැත්තට කෑවා මැකාගෙ පිඟානෙ තිබ්බ මික්ස් රයිස් (රු. 890) ටිකකුත්. මොකද, නොකිව්වට ඒ වෙද්දි මට පොඩි බඩගින්නකුත් අල්ලල තිබ්බෙ.

රයිස් එකත් ටොප් ඈ.. හොඳටම මික්ස් කරලත් තියෙනව. ඉස්සො, දැල්ලො, මාළු, බීෆ්, පෝර්ක්, බිත්තර සියල්ලම වගේ. හැබැයි ඒවා දාල තියෙන ප්රමාණ නම් මදි. මොකද රයිස් එකේ සයිස් එකයි, මස් මාළු ටිකයි එක්ක බැලුවාම අඩුම තරමෙ කටවල් 5කටවත් එකක් අහුවෙන්න? ඒත් ඉතින් රස අතින් නම්.. නියමයි. එළවළු අඩුම කුඩුම ටිකත් නූලට දාලා, බත් ටිකත් ලාවට ෆ්රයි වෙන්න අල්ලල නිසා.. කතහැකි යමරෙට.
වැඩේ කියන්නෙ ඔය අතරට මෙන්න එක පාරටම එනව සීෆුඩ් රයිස් එකක්. බැලින්නම් අර මික්ස් රයිස් එකත් එක්කම අපේ කට්ටිය දාපු ඕඩරයක්. එන්නෙ පැයකට විතර පස්සෙ. ඇත්තටම මමත් එතකොටයි දන්නෙ එහෙම ඕඩරයක් දාලත් කියල. කිව්වට විශ්වාස කරන්න යාළු, ඒ අතරට මම දැම්ම හොට්බටර් කට්ල්ෆිෂ් එකයි (රු. 900), පෝර්ක් ස්ටු එකයිත් (රු. 840) මේසෙට ආවනෙ.
“කිචන් එක බිසි”
“බිසි නං අනිත් ඒවා ආවෙ?”
ඒකට උත්තර නෑ. ඊටත් ග්ලාසස් ටිකක් ගේන්න කිව්ව. බීලා ඉවර වෙනකනුත් ඒක නෑ. සර්විස් එක කියන්නේ.. මෙනුව ගේන්න කිව්වාම, ගෙනැල්ල දීලා දුවනව. දෙයක් අහන්නත් කවුරුත් නෑ, ආයෙ පැයකට විතර එන්නෙත් නෑ.. අනේ මංද ඈ..

කොහොමරි ඉතින් කෙටියෙන්ම කියනව නම් හොට් බටර් කට්ල්ෆිෂ් එකත්.. රස හොඳයි, හැබැයි ෆ්රෙෂ් නෑ. අනික තෙල් ආකරේ. කද්දි තේරෙනව ලඟදි ගෙනාපු බඩු ටිකක් නම් නෙවෙයි කියල. හැඩේට කපල, ලූණු, ලූණු කොළ, මිරිස්, ගම්මිරිස් ටිකත් දාලා පදමට හදල තිබ්බට, බයිට් එකට මිසක් නිකම් නම් කන්න එච්චරම සෙට් වෙන්නෙ නෑ මගෙහිතේ.

ඒකට, පෝර්ක් ස්ටු එක නම් තිබ්බ ලෙසටම. දැක්කාම කටට කෙල උනනව. තෙල් ගතියත් ගානට. අමු මිරිස්, ගම්මිරිස්, ලූණු, තක්කාලි එක්ක අල, කැරට් ටිකකුත් දාලා, තරමක් හිඳෙන්න ඇරල.. මස් කෑලිවලට පවා පදම අල්ලල. අනික විශේෂයෙන්ම කියන්න ඕන සමහර තැන්වල වගේ නෙවෙයි, මෙයාලගෙ පෝර්ක් එකේ මස් කෑලිම.. තෙල් කෑලි ඕන නම් 3, 4ක් තියෙන්න ඇති.
ඒත් කොහෙද ඉතින්.. ගෙනාවට කිසිම දෙයක් තියාගන්න බෑනෙ. රවුමෙ ගිහිල්ල එනකොට ප්ලේට් එක ඉවරයි. ඇත්තටම ඉවර නොවුන එකම දේ බෝතලේ විතරයි. ඒකත් අර දෙවනියට ගෙන්නපු බාගෙ නිසා. ඊටත් කට්ටියට ඉක් ගැවෙන්න වැදිලත් එක්කනෙ.
ම්ම්.. කන් සාක්කුවෙ දාගෙන එළියට බැස්සට මොකද.. හිතට නම් කිසිම ගැම්මක් නෑ යාළු අවංකයෙන්ම. අනේ මන්දා..!
5/5
Dilusha94
They have a great Carbonara and a mixed seafood macaroni dish. Just under a thousand each, but more than enough for any person.