Awissawella road, Kottawa
Open until 11:00 PM
A spot in Kottawa known for their Lankan take on Chinese food, and booze to pair them with.
“ඒ මොකෝ බං කරන්නෙ?”
“යන්න බං හදන්නෙ. වැඩකුත් නෑනෙ”
“යන්න එපා බං. ඉඳාන්කො, මං ගාව පොඩි ගාණක් තියෙනව. උබ ගාව රු. 1000ක් වගේ ලයින් කරගන්න තියෙයිද. අඩියක් ගහන්න කියල බං බැලුවෙ. යමංද දෙන්නත් එක්ක”
එවෙලෙ ආපු කුප්ප අදසක් දාලා ගෙදර යන්න ඉඳපු සරිත්ගෙත් ඔළුව කාපු මම අන්තිමට කොහොම හරි අඩියක් ගහන වැඩේ සෙට්ල් කරගත්තා. කරගෙන පික්මියක් එහෙමත් දාගෙන... ට්රැෆික් එකේ ම ඇද්දා කොට්ටාවට.
“ඕ..න්න ඔතන වම් පැත්තෙ නවත්තන්න මල්ලි”
හයර් එක ඉවර කරපු අපි දෙන්නා රෙස්ටුරන්ට් එක ඉස්සරහ පාරෙ අනික් පැත්තෙන් බැහැගත්තෙ ට්රැෆික් එකේ යූ ටර්න් ගහනව තියා හිතන්නවත් බැරි නිසා. හැබැයි අපි බැස්ස සනිකව පාර පැනලා අදාළ තැනට ගොඩවුණා.
ඒකෙ නම පැනරෝමා. දෙවනි තට්ටුවෙ තමයි බාර් එක තියෙන්නෙ. පළවෙනි තට්ටුවෙ ෆැමිලි රෙස්ට් එක. වැඩේ කියන්නෙ ඒක නෙවෙයි, බාර් එකට ඇතුල් වෙද්දි ම එන ගැම්මනෙ. අඩ අඳුරෙ, ළා සංගීත පාරකුත් යනව. කොටින්ම කියනව නම් බොන්න කියාපු ම ක්ලයිමෙට් එක.
අමුණල කරල එළිමහන් කොටසට ම ගියපු අපි දෙන්නා ඇල්ලුවා ටිකක් අයිනට වෙන්න තිබුණු මේසයක්. මොකද බොන එක නිදහසේ බොන්න එපැයි. අල්ලල ඉතින් කඩිය වගේ එහේ මෙහේ දුවන වේටර් මල්ලි කෙනෙක්ටත් කතා කරලා දැම්මා ඕඩරේ… මික්ස් ග්රිල් එකයි, ස්පෙෂල් රයිස් එකයි සංස්ථා පරණ අරක්කු එකයි.
හා.. දැන් ගේන්නකො! අද ගසනවා නසරානි වෙන්න.
“සර් කෑම ටික ගේන්න ටික වෙලාවක් යයි. මොකද මික්ස් ග්රිල් එකට ජාති ගොඩයිනෙ.”
“හා..රි හරි හරි. ඔයා කලබල නැතුව ගේන්නකො.”
ඒ වැඩෙත් වචන දෙක තුනෙන් බැලන්ස් කරපු අපි බැස්සා ලොකු කතාබහකට.
ඔන්න ඒ අතරෙ කොහොම හරි අරක්කු ටිකයි සැන්ඩි ටිකයි, පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු අඩුපාඩු ටිකයිත් මේසෙ උඩ. නිකම් කතා කරන එකේ පොඩි එකක් දාගත්තාම මොකෝ කියල අපි දෙන්නා දැම්මා ඔන්න ‘චිරාස්’ පාරත්. දාලා ඉතින් ආයෙත් බර කතා බහේ…
ඔය විදියට පැය බාගයක් විතර යන්න ඇති. එක පාරටම ඈතින් පේන්න පටන් ගත්තා කියන්නකො වේටර් මල්ලි පුටු මේස මැද්දෙන් එනවා, බරට බරේ, අපේ කෑම ටිකත් අරගෙන. දැන් ඉතින් ඉවසිල්ලක් නෑ.
ග්රිල් එක මේසෙ උඩින් තිබ්බ විතරයි. සරිතුයි මායි මූණට මූණ බලාගත්තෙ ඇස් අදහා ගන්න බැරුව. මෙච්චර ලොකු මික්ස් ග්රිල් එකක්? දන්නව නම් රයිස් ඕඩරේ කරන්නෑ මා දෙයියෝ…
අවංකයෙන් ම, ඒක නම් මාර ම මික්ස් ග්රිල් එකක් යාළු. හිතන්නකො, ගැඹුරු තෙලේ බැදපු සෝසේජස්, කකුළුවෙක්, පෝර්ක්, චිකන්, බීෆ්, ඉස්සො, දැල්ලො, මාළු කූරියෙක්, සුදු ලූනු, අන්නාසි. ඒ හැරුනාම පදම් කරලා තම්බපු අල, කැරට්, බෝංචි, ගෝවා එක්ක බුල්සායි එකකුත්!
වැඩේ කියන්නෙ හැම එකේම වගේ රසවලුත් සුපිරිනෙ. ගැඹුරු තෙලේ බැදපු හැම එකක් ම වගේ ලුණු ගම්මිරිස් දාලා පදම් කරපු ගතියක් තිබ්බෙ. ඊටත්, තම්බපුවා පට්ට රසයි. ලුණු ගම්මිරිස්වලට අමතරව මොනව හරි සෝස් වර්ගයකුත් දාලා. ඔක්කොමත් හරි මික්ස් ග්රිල් එකට දෙහි පොඩ්ඩක් මිරිකා ගත්තමනෙ නියම රස එන්නෙ. පිස්සු හැදෙනව ඈ… අනික ඒකෙ සයිස් එකත් එක්ක ගත්තාම බෝතලයක් නෙවෙයි දෙකක් වුණත් නතින්ග් හොඳේ!
ඒ අතරට සොටක් දෙකක් ගහන ගමන් මම රයිස් එකත් රස බැලුවා.
ඒකත් ටොප්! කියන්නකො. ලෝබ නැතුව දාලා තියෙනව චිකන්, පෝර්ක්, ඉස්සො, දැල්ලො, සොසේජස් ටික. ඒ අතරට කැරට්, ලීක්ස් අඩුම කුඩුම ටිකත්. අනික බතත් පුන්නි සම්බා වගේ හොඳ සුවඳ, රස හාලකින් හදල තිබ්බෙ. හැරත් ඒ රයිස් එකේ, සයිස් එක? හප්පොච්චියෝ… අඩිය ගහල වැනි වැනි ගෙදරත් අරගෙන ගියේ.
ඒ විතරක් නෙවෙයි, මික්ස් ග්රිල් එකත් ඉතුරු වුණා. ඒකත් ගෙදරටම තමයි.
හැබැයි ඒ කෑම ටිකත් එක්ක ගහපු ගැහිල්ලට නම් වටේම මේස පදිරි ඈ… බෝතලයයි, බීර එකකුයිනෙ යාළු!
වගකීමෙන් කියන්නෙ ඈ… කොට්ටාව පැත්තෙන් අඩියක් ගහනව නම් ඉතින් පැනරෝමා එකම තමයි හොඳේ.
A popular spot in Kottawa for bona parties and family dinners.
සිංහල ඒත් කොහෙද ඉතින්.. ගෙනාවට කිසිම දෙයක් තියාගන්න බෑනෙ. රවුමෙ ගිහිල්ල එනකොට ප්ලේට් එක ඉවරයි. ඇත්තටම ඉවර නොවුන එකම දේ බෝතලේ විතරයි. ඒකත් අර දෙවනියට ගෙන්නපු බාගෙ නිසා. ඊටත් කට්ටියට ඉක් ගැවෙන්න වැදිලත් එක්කනෙ.
සිංහල ඒක නම් මාර මික්ස් ග්රිල් එක. ගැඹුරු තෙලේ බැදපු සෝසේජස්, කකුළුවෙක්, පෝර්ක්, චිකන්, බීෆ්, ඉස්සො, දැල්ලො, මාළු කූරියෙක්, සුදු ලූනු, අන්නාසි. ඒ හැරුනාම පදම් කරලා තම්බපු අල, කැරට්, බෝංචි, ගෝවා එක්ක බුල්සායි එකකුත්!
Open until 11:00 PM
Cuisine
Asian Western Chinese Italian Sri Lankan Thai Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Pasta Fruit Vegetarian Beverages Fried Rice Beef Pork Chicken Tandoori Fried Chicken Fish Fish And Chips Crab Cuttlefish Alcoholic Beer Bites
Ratings Breakdown
Havi at Pannipitiya is a good spot to chill with some…
Navro Beach is one of the most popular restaurants in Panadura…
5/5
Dilusha94
They have a great Carbonara and a mixed seafood macaroni dish. Just under a thousand each, but more than enough for any person.