Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Panini Picasso

Delivery only


A home-cook specialised in panini.



පනිනි කියන්නේ ඔය ඉතාලිය පැත්තෙන් ලෝකේ අනික් රටවලට පැතිරුණ කෑමක් නේ. ඉතාලි භාෂාවෙන් පනිනෝ කියන්නෙ සැන්ඩ්විච්වලට. ලංකාවේ පනිනි හදන අලුත් තැනක් ගැන ආරංචි වුණ හින්දා එතනින් පනිනි කාල බලන්න ඕන කියල අපි හිතුවා. කවුරු වුණත් පිකාසෝ කෙනෙක්ලු නේ!

ඕඩර් කරන විදිහ

වැඩි මහන්සියක් වෙන්න දෙයක් නෑ, 0767674550 නොම්මරේට කෝල් එකක් දීලා කැමති දෙයක් ඕඩර් කරන්නයි තියෙන්නේ. ඕඩරෙයි නමයි එඩ්‍රස් එකයි, අවශ්‍ය දවසයි වෙලාවයි එයාලට කියන්න. මෙනු එක ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පේජ්වලින් බලාගන්න පුළුවනි. ඊටපස්සේ ඕඩර් එක කන්ෆර්ම් කරලා ඒගොල්ලො වට්සැප් මැසේජ් එකක් එවනවා. 

කෑම 

මේගොල්ලො ගාව තියනව එක එක නම් දාපු බේකන් ඇන්ඩ් පොල් සම්බල්, හැම් ඇන්ඩ් චීස්, චිලි චිකන් වගේ පනිනි වර්ග කීපයක්. අපි ඕඩර් කළේ රෙඩ් හොට් චිලි චිකන් පනිනි එකයි (රු. 475), වයි සෝ සීරියස් එකයි (රු. 550), ලෝඩ් ඔෆ් ද ෆ්‍රයිස් එකයි (රු. 450). ඔය ලෝඩ් ඔෆ් ද ෆ්‍රයිස් කියන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නේ.

චිලි චිකන් පනිනි එක මායෝ සහ කොච්චි දාල හදන බවක් කියල තිබුණට මොකද, මිරිස් රහක් නං තිබ්බෙ ම නෑ. කොච්චි කෙසේ වෙතත් මාළු මිරිස් තොගයක් දාලයි පනිනි එක හදල තිබුණෙ. එක පෝෂන් එකකට සැන්ඩ්විචස් දෙකක් එනවා. සැන්ඩ්විච් එක ලොකුයි හැබැයි පොඩ්ඩක් හයියයි. ඒත් මායෝ සහ චිකන් ගොඩක් ස්ටෆ් කරල නං තිබුණා. නමේ හැටියට ඉතින් තව හොඳට ස්පයිසි වුණා නං තමා හොඳ!

වයි සෝ සීරියස් පනිනි එක හදල තියෙන්නේ ස්ට්‍රෝබෙරි සහ නටෙලා ස්ටෆ් කරලා. ඒකයි එච්චර ගණන්! හැබැයි ඉතින් ස්ට්‍රෝබෙරි කෑලි දෙක තුනකට වඩා අපිට අහු වුණේ නෑ. අපරාදෙ කියන්න බෑ නටෙලා නං පිරිලා ඉතිරිලා ගිහින් හැම තැන ම ගෑවෙන තරමට මහ ගොඩක් ගාල තිබුණා. යාන්තං ස්ට්‍රෝබෙරි රහක් ආවට නටෙලා රහ විතරයි වැඩිපුර ම දැනුණේ. සැන්ඩ්විච් එක කරස් ගාල හැපෙන්න ෆ්‍රෙෂ් පිට තිබුණා.

සතුටුදායක ම මට්ටමේ තිබුණෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික තමයි. බේකන් එක්ක චීස් ගොඩක් සහ ලූනු එහෙම දාල නිසා මේකට නං හැමෝම උඩින් ම කැමති වුණා. ෆ්‍රයිස් ටික යන්තම් පෙගීගෙන ඇවිත් තිබ්බට ඒකට නං ඉතින් එයාලට කරන්න දෙයක් නෑ. ෆ්‍රයිස් කියන්නෙ පොඩ්ඩ ඇත්තන් පෙඟෙන ජාතියක් නෙ.

සර්විස් එක

සර්විස් එක ගැන වරදක් කියන්න බෑ. ඒගොල්ලො සුහදයි වගේ ම, විනාඩියක්වත් එහෙ මෙහෙ නොවෙන්න ඉල්ලපු වෙලාවට ම කෑම ටික ගෙනත් දුන්නා. නුගේගොඩට ගෙන්නගන්න අපිට වැය වුණු ඩිලිවරි ගාස්තුව රු. 100යි.

අවසාන වශයෙන්

තව ටිකක් කෑමවල කොලිටිය වැඩි කරගන්න ඒගොල්ලො උත්සාහ කරයි කියල අපි හිතනවා. පනිනි හැදීම කලාවක් නං එහි පිකාසෝ පනිනි පිකාසෝ කියල එදාට අපි කියන්නං!

Cuisine

Italian

Price Range

Between Rs. 200 - Rs. 1000

Dish Types

Bready Sandwiches

Ratings Breakdown

Overall Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment