Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

4/5

Panino (Cotton Collection)

145, Dharmapala Mawatha, Colombo 7


Panino specialises in sandwiches. In melts, to be specific. They also have a killer hot sauce.



රෝස්ට් පාන් එක්ක ප්ලේන්ටි!; මේ දවස්වල අපේ කට්ටියට ඔය ජාති දෙක ගැන ඇහුණත් ඇති. වැස්සට තෙමිලා, සීතලේ ගැහිගැහි ඉන්න මේ වෙලාවට උණුඋණු රෝස්ට් පාන් එකක් එක්ක දුම් දමදමා එන ප්ලේන්ටියක් බොන්න තියෙනවනම් ඊට වැඩිය සනීපයක් අපට තවත් කොයින්ද නේ?

ඉතින් ඔන්න ඒ නිසා ම එකඑක ජාති දාලා, කාගේ කාගේත් රසට හරි යන විදියේ නා නා ප්‍රකාර ෆිලින් එක්ක හැදෙන රෝස්ට් පාන් එහෙමත් නැත්තන් පනීනි කන්න පුළුවන් තැනක් ගැනයි මේ කියන්න යන්නේ. මේකේ නම “පනීනෝ”.

හැබැයි මේ අය ළඟ ප්ලේන්ටි නම් නෑ හොඳේ. ඒත් අවුලක් නැහැ. ටේක්-අවේ දාලා ගෙදර ගෙනිහින් ප්ලේන්ටියක් හදාගෙන ම මේවා කන්න බැරියැ.

තැන

මේ පනීනෝ එක තියෙන්නේ කොල්ලුපිටියේ කොට්න් කලෙක්ෂන් එක තියෙන තැන. මෙතැන එහාපැත්තෙම නේ ඔය ස්ට්‍රෝබෙරි කෑමවලට ප්‍රසිද්ධ “Simply Strawberries by Jagro” එකේ බ්‍රාන්ච් එකකුත් තියෙන්නේ. විශේෂයෙන් කියල පනීනෝ එකට ම වෙන් වුණු ඉඩකඩක් මෙතැන නැහැ. ඒ වුණාට ඔය කඩ කීපය ඉස්සරහ තියෙන පුටු මේසවල ඉඳගන්න පුළුවන්.

කෑම බීම

ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ අය හදන්නේ පනීනෝ සැන්විච්. මස් මාළු ඇති නැති පනීනි මෙතැනින් ගන්න ඇහැකි. ඔය අතරින් අපි ගත්තේ “මෂ්රූම් ඇන්ඩ් චීස් පනීනි” (රු.500) එකකුයි, “බ්‍රෙක්ෆස්ට් පනීනි” (රු.600) එකකුයි. වැස්ස, සීතල කියල බැලුවේ නෑ; බීමට ඕඩර් කළේ “අයිස්ඩ් කොෆී” (රු.300) එකක්.

මෂ්රූම් ඇන්ඩ් චීස් පනීනි එක පට්ට. ලුණු ගම්මිරිස් හොඳ පදමට දාපු නියම කරි මෂ්රූම් එකක් මේකේ ඇතුළේ දාල තිබුණා. චීස් නම් ගොඩක් තිබුණේ නැහැ. ඒත් මේක හරි ෆිලින්. අනික ස්පයිසි ගතියත් හොඳට ම තිබුණා. රෝස්ට් පාන් එකත් හරි ම ෆ්‍රෙෂ්. ඒ වගේ ම ක්‍රිස්පි.

බ්‍රෙක්ෆස්ට් පනීනි එකත් හොඳයි. මේකට නම් චීස් ඇති වෙන්න දාලා තිබුණා. වෙන එකක් තියා පාන් එකේ එළියේ පැත්තෙත් චීස්. ඒ විතරක්යැ, බිත්තරෙකුයි, හැම් පෙති දෙකකුයිත් එක්කාසු කරලා. මේකෙන් එකක් උදේ පාන්දරක කෑවා කියන්නේ ආයේ පැය ගාණකට මොකවත් ඕනේ වෙන්නේ නැහැ. ඒ තරමට බඩ පිරෙනවා.

අපට මේ පනීනි දෙක ම ආවේ උණු උණුවේ දුම් දමදමා. කොටින් ම කිව්වොත් තව පොඩ්ඩෙන් පෙරේතකමට සේරම එක කටකට කන්න ගිහින් කටත් පුච්ච ගන්නවා. සැන්විච් එකේ ඇතුළට යන්න යන්න තවත් උණු ගතිය වැඩියි.

අයිස්ඩ් කොෆී එකත් හොඳයි. ඔය සමහර අයිස්ඩ් කොෆීවලින් වගේ එනසාල් රසක් ආවේ නැහැ. හොඳ ස්ට්‍රෝන්ග් කොෆී ටේස්ට් එකක් තිබුණා වගේ ම කිරිත් එක්ක ඒ කෝපි රස නියම ගානට බැලන්ස් වෙලා.

සර්විස් එක

මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. කවුන්ටරෙන් බිල දාගෙන, පනීනි ටිකේ රෙඩි වුණා ම කවුන්ටරෙන් ම ගන්න තමයි තියෙන්නේ. අපේ ඕඩර් එක රෙඩි වෙන්න ගියේ විනාඩි 15ක වගේ කාලයක්.

අවසාන වශයෙන්

ඇත්ත ම කිව්වොත් ස්නැක් එකකට විතරක් නෙවෙයි, දවල් කෑමකට වුණත් බඩ පුරවගන්න පුළුවන් විදියේ පනීනි මේ කට්ටිය ළඟ තියෙනවා. රෝස්ට් පාන් එකකට ඔච්චර ගාණක් ගෙවන්නේ මොකටද, අපට ඕක ගෙදර ගිහින් හදාගන්න බැරියැ ඕනේ වෙලාවක කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔහොම කිව්වට අපි ගොඩක් වෙලාවට ඒවා කරන්නේ නැහැනේ. ඒ නිසා මේ පැත්තෙන් ආව ගිය වෙලාවක පොඩ්ඩක් මෙතැනට ගොඩවෙලා බලන්නකෝ.


TIP

Some of the stuff from the menu isn’t available on mornings and weekdays, so a weekend lunch or coffee is ideal. Just get there early to grab a seat.

Address

145, Dharmapala Mawatha, Colombo 7

Directions

Inside the Cotton Collection premises, opposite Vihara Mahadevi Park.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Open 10 AM–10 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sandwiches

Cuisine

American

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 11 Comments