Artwork for Playtrix Top banner 1 - boxing match only
Artwork for Coke with food - top banner 1
Artwork for TEMP_sidebar Artwork for TSING TAO sidebar banner 2

5/5

Panino

Diyatha Uyana, Battaramulla


Panino makes excellent sandwiches. Filled with tasty ingredients, grilled, prepared with love. If you visit the Good Market each Thursday they're well worth a try. Otherwise they're a good choice for catering or office lunches.



පැනිනෝ අති විශිෂ්ට සැන්විචස් හදනවා. ඒවා පුරවා තිබෙන්නේ ආදරය මුසු කරමින් ග්‍රිල් කර සකසක ලස රසවත් දේවලින්. ඔබ බ්‍රහස්පතින්දාට ගුඩ් මාකට් පැත්තේ යනවා නම් පැනිනෝ කියන්නේ ගිහින් සැන්විච් කාලා බලන්න යන්න වටින තැනක්. ඒ වගේ ම ඔවුන් ආහාර සැපයීමේ සේවාවක් ලෙසත්, කාර්යාල‍ේ දිවා ආහාර සඳහාත් හොඳයි.

සැන්විචස් කියන්නේ ලංකාවේ සූපවේදයේදී නො තකා හරින ලද කෑමක්. හැමෝම වගේ දිවා ආහාරය‍ට කන්නේ බත්. සැන්චිච් කියන්නේ අම්මා පාන්දර හයට විතර දුක සේ හදා දුන්නත්, ළමයින් නො කා හවසට ආපසු ගෙදර ‍ගෙන එන ආදරය නො ලබන කෑමක්. අපට හරිහමන් අන්දමින් සැන්විච් රසකිරීමේ ද්‍රව්‍ය හා හොඳ පාන් ආදිය නැහැ.

ඒත්, දැන් දැන් අඩු තරමේ කොළඹදී හෝ හොඳ සැන්විචස් කන්න ලැබෙන එක සතුටට කරුණක්. 'පාන් පාන් ' හොඳ පාන් හදනවා. ඔවුහු සැන්විච් බාර් එකක් විවෘත කර තිබෙනවා ක්‍රිකට් ක්ලබ් එක අසල. පැනිනෝ අතින් හදන ලද හොඳ සැන්විච් විකුණනවා බත්තරමුල්ලේ ගුඩ් මාකට්හිදී සෑම බ්‍රහස්පතින්දාකම.

අපි ඔබට නිර්දේශ කරනවා එහි විශේෂතා ගිහින් ම අධ්‍යයනය කර බලන්න කියලා. සැන්විචස් රු. 400 සිට 500 දක්වා මිළ වෙනවා.  Chicken Sundried Tomato Pesto Melt, Mushroom & Cheese, Pulled BBQ Chicken ආදී වර්ග එහි පිරිනමනවා. ඔවුහු නිර්මාංශාහාර පැත්තට බරයි. හැබැයි, ඔබට මස් අවශ්‍ය නම්  ඔවුහු එයත් පිරිනමනවා.

සියලුම දේවල් නැවුම්. ඔවුහු ඒවා සකසන්නේත් ඔබ ඉදිරියේමයි. ඇත්තෙන් ම, ඒ සැන්විචස් හරි ම රසවත් බව අපට කියන්න පුළුවන්. අපි කැමතියි ඒවා නයි මිරිස් සෝස් පොඩ්ඩකුත් එක්ක කන්න. සේවාව විශිෂ්ටයිත ගුඩ් මාකට්හි පිහිටීමත් සුන්දරයි. එහි හපන්න තව ගොඩක් ජාති වගේ ම ගෙදර ගෙනියන්න දේත් තිබෙනවා.

පැනිනෝ ආහාර ඇණවුම් ද සපයනවා. ඔවුන්ට කතා කර බලන්න.
All Reviews

Panino makes excellent sandwiches. Filled with tasty ingredients, grilled, prepared with love. If you visit the Good Market each Thursday they're well worth a try. Otherwise they're a good choice for catering or office lunches.

සිංහල පැනිනෝ කදිම සැන්ඩ්විච් හදනවා. රසවත් මිශ්‍රනවලින් පිරුණ, ග්‍රිල් කළ ආදරය මුසුකර පිළියෙල කරන ලද සැන්ඩ්විච් අගනා බව කිවයුතුමයි. හැම බ්‍රහස්පතින්දාම ගුඩ් මාර්කට් එකට යනවනම් ඒවා කාලා බලන්න වටිනවා. එහෙම නැත්නම් එයාලා හොඳයි ඇණවුම් වලට කෑමබීම සැපයීමටයි කාර්යාලයීය දිවා ආහාරයටයි.

සිංහල පැනිනෝ අති විශිෂ්ට සැන්විචස් හදනවා. ඒවා පුරවා තිබෙන්නේ ආදරය මුසු කරමින් ග්‍රිල් කර සකසක ලස රසවත් දේවලින්. ඔබ බ්‍රහස්පතින්දාට ගුඩ් මාකට් පැත්තේ යනවා නම් පැනිනෝ කියන්නේ ගිහින් සැන්විච් කාලා බලන්න යන්න වටින තැනක්. ඒ වගේ ම ඔවුන් ආහාර සැපයීමේ සේවාවක් ලෙසත්, කාර්යාල‍ේ දිවා ආහාර සඳහාත් හොඳයි.

Address

Diyatha Uyana, Battaramulla

Contacts

Facebook

Report Inaccuracy

Open 12 Noon to 8 PM on Thursdays, other days by order

Cuisine

Western Italian Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Sandwiches

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Have you visited this place?

Write your own review!
See 24 Comments