Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF Free delivery Artwork for PMF essentials sbb 2

4/5

Paradise Road Cafe

213, Dharmapala Mawatha, Colombo 7


Paradise Road Cafe is one of our favourite haunts, cocooned in a small, white, quiet space atop a lovely store full of antiques and art. The food and coffee are very good, and it's an excellent book nook.



මුල් ලිපිය ශ්රු.

පැරඩයිස් රෝඩ් කොළඹ තියෙන ජනප්‍රියම සංචාරක ගමනාන්තයක්. කොටුව හෝ ගෝල් බක් ලයිට් හවුස් අමතක කරන්න. හවසට කූඩුවලට එන පරෙවියන් වගේ සංචාරකයෝ ඇදිලා එන්නේ බෙයාර්ෆුට් එකටයි පැරඩයිස් රෝඩ් එකටයි. මෘදු ලෙස සුවඳ ගැල්වූ තෙල් වර්ග, ඝණකම් කළුගල් හෝ සිමෙන්ති ආභරණ, දිලිසෙන කිරි සුදු පිඟන් භාණ්ඩ - ශාන්ත් ෆර්නැන්ඩෝගේ ජේත්තුකාර අභ්‍යන්තර අලංකරණ සහ කොළඹ රසවත් කෑම හල් සංචාරකයන් ආකර්ෂණය කරගන්නට දශක දෙකක් තිස්සේ සමත් වෙලා තියෙනවා.

ඉටිපන්දම්, සරම් සහ හැඳි ගෑරුප්පු වලට උඩින් ඉහළ මාලයේ බැල්කනියේ පැරඩයිස් රෝඩ් කැෆේ එක තියෙනවා. ජනප්‍රිය බෙයාර්ෆුට් කැෆේ එක සංචාරකයන් ඇදගන්නට සමත්වෙලා තියෙනවා එයාලගේ වර්ණවත්, ලස්සන භාණ්ඩ නිසා. ජනප්‍රිය බෙයාර්ෆුට් වගේ නෙවෙයි වැඩි ප්‍රසිද්ධියක් නැති පැරඩයිස් රෝඩ් කැෆේ එකට එන්නේ ඒකෙ සාප්පු සවාරි එන අයමයි.

කැෆේ ඒක අවුරුදු ගණනක් තිබුණත් ඒක සාමාන්‍ය කොළඹ වැසියන්ගෙන් ගහන වෙලා නැති වීම එක අතකට ආශීර්වාදයක් වගේම ලැජ්ජාවක්. ආශීර්වාදයක් කියලා කිව්වේ පරණ ලෑලි තට්ටුවලට එක පාරකට ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකුට වඩා දරා ගත නොහැකිවීම නිසා. ලැජ්ජාව තමයි ඒක මෙච්චර ලස්සන තැනක් වෙලාත් කොළඹ වැසියෝ බුරුතු පිටින් නොඑන එක. පැරඩයිස් රෝඩ් හැමදාමත් පැරණි, ගරාවැටුණ පෙනුමක් තිබුණ තැනක්. ධර්මපාල මාවතේ කලබලකාරිත්වයෙන් මිදිලා ඉස්සුන බැල්කනි එකක තියෙන නිසා මෙතන ඉඳලා පහසුවෙන්ම පහළ පාරේ වාහන දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේක හවස් වරුවේ මිල්ක්ෂේක් එකක් හරි ස්නැක් එකක් හරි සප්පායම් වෙන්න ඉතාම කදිම තැනක්.

මෙනූ එක පුංචි වුණත් හොඳට හදලා තියෙනවා. මෂ්රූම් රගවුට් එකක් එක්ක මෘදු ග්නොච්චි ඩම්ප්ලින් (රු. 695), ටොම් යම් සුප් (රු. 595), පැෂන් ෆෘට් මෙරින්ග් පයි (රු. 575) වගේ මෙහෙ තියෙන කෑම හරිම රසයි. ඔබ මෙතනට ඇවිල්ල නැත්නම් අපි තදින්ම රෙකමදාරු කරනවා මෙතනට ඇවිල්ලා බලන්න කියලා. ශාන්ත් ෆර්නැන්ඩෝගේ මායා ලෝකයේ තියෙන කෝප්ප සහ හැඳි ගෑරුප්පු මෙහෙදී දකින්න නැති වුණත් මේක ලස්සන තැනක්. රැස්වීමක් තියන්න මෙන්ම තනියම ඉන්නද හොඳ තැනක්. සැහැල්ලුවෙන් පොතක් කියවන්න වගේම ශීතකළ ගෙදර හදපු ජින්ජර් බියර් එකක් බොන්නත් හොඳ තැනක්. මේක කොළඹ තියෙන හොඳම අවතක්සේරු කළ කලාත්මක මුළුවලින් එකක්. තදින්ම රෙකමදාරු කරනවා.

TIP

Try the home made ginger beer. It's a bit steep at Rs. 265, but very good.
All Reviews

Paradise Road Cafe is one of our favourite haunts, cocooned in a small, white, quiet space atop a lovely store full of antiques and art. The food and coffee are very good, and it's an excellent book nook.

While its possible to get lost in the magical world of Shanth Fernando's cups and cutlery, if you do manage to make it up the sloping stairs to the cafe, it's a lovely place. Perfect for a meeting, socialising or even some alone time, you can relax with a book or sip on some chilled homemade ginger beer as you watch the world go by, framed by the soft sounds of the Cafe's tinkling background music. This is one of Colombo's best, underrated little artistic nooks.

සිංහල පැරඩයිස් රෝඩ් කොළඹ තියෙන ජනප්‍රියම සංචාරක ගමනාන්තයක්. කොටුව හෝ ගෝල් බක් ලයිට් හවුස් අමතක කරන්න. හවසට කූඩුවලට එන පරෙවියන් වගේ සංචාරකයෝ ඇදිලා එන්නේ බෙයාර්ෆුට් එකටයි පැරඩයිස් රෝඩ් එකටයි. මෘදු ලෙස සුවඳ ගැල්වූ තෙල් වර්ග, ඝණකම් කළුගල් හෝ සිමෙන්ති ආභරණ, දිලිසෙන කිරි සුදු පිඟන් භාණ්ඩ - ශාන්ත් ෆර්නැන්ඩෝගේ ජේත්තුකාර අභ්‍යන්තර අලංකරණ සහ කොළඹ රසවත් කෑම හල් සංචාරකයන් ආකර්ෂණය කරගන්නට දශක දෙකක් තිස්සේ සමත් වෙලා තියෙනවා.

Address

213, Dharmapala Mawatha, Colombo 7

Directions

As you go up Dharmapala Mawatha towards Town Hall, pass Cotton Collection too and just after Commercial Bank you'll find the black-and-white striped banners of Paradise Road Cafe on your left.

Contacts

Facebook Website

Report Inaccuracy

Open 10.00AM to 7.00PM

Dish Types

Cakes Pies Coffee

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 5 Comments