Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

The Gallery Café

No. 2, Alfred House Road, Colombo 3.

Get it delivered on Pickme Food

The Gallery Cafe is one of those perpetually hip spots in Colombo. The ambience is one of a kind and the food is consistently good, but it will leave a dent in your wallet.

ගැලරි කැෆේ යනු කොළඹ අවන්හල් අතර දැවැන්තයෙක්. ලංකාවේ මෙන්ම, දකුණු හා අග්නිදිග ආසියාවේද කීර්තිමත්ම ගෘහ නිර්මාන ශිල්පියා වන ජෙෆ්‍රි බාවාගේ කාර්යාලයෙහි 1998දී විවෘත කරන ලද එය කොළඹ අවන්හල්වල ප්‍රමිතිය ඉහළ තලයකට ගෙන ගියා.

වසර පහළොවකට පසුවත් එය කොළඹ හොඳම අවන්හල් අතරින් එකක්. එහි ආහාර කොළොම්පුරයේ මධ්‍යස්ථ තත්වයට වඩා හැමවිටම ඉහළයි. ඒත්, ගොඩක්මත් නොවෙයි.

(රාත්‍රී භෝජන විවරණය 2012 සැප්තැම්බර් 24)

අපි අතුරුපස විවරණයක් කළා. මේ කෑම ගැන සලකාබැලීමක්. මෙතැන කොළඹ තිබෙන අවන්හල් අතරින් එවැනි සලකාබැලීමකට අනිවාර්යයෙන්ම වටින තැනක්.

ඉතින් ගැලරි කැෆේ ගැන කියන්න පුළුවන් කුමක්ද? එය 1998 සිට පවතිනවා. කොළඹ ඕනෑම අවන්හල් ලැයිස්තුවක එය හැමවිටම ඉහළින්ම තිබෙනවා.

ඔවුන්ගේ විශේෂත්වයන් මෙන්න මේවා. දේශීය අමුද්‍රව්‍ය හා බටහිර ආහාර තාක්ෂණය මුසුකිරීම. නිදසුනක් තමයි හකුරු සන්ඩේ. ඒ වගේම බටහිර අමුද්‍රව්‍ය දේශීය ආහාර තාක්ෂණයන් සමග මුසුකිරීමත් සිදුවෙනවා. නිදසුනක් කරීඩ් ඇපල් සෝස්.

මුල් ස්වරූපයෙන්ම සකසන ලද ලාංකික ආහාරත් ඔවුන් පිරිනමනවා. කෑදර විවරණයන්ට මුල් වී ඇති කළු ඌරුමස් හොද්ද මේ සඳහා නිදසුනක්.

ගැලරි කැෆෞහි සුවිශේෂම කාරණය තමයි, එය පිහිටා තිබෙන්නේ කීර්තිමත් ගෘහනිර්මානශිල්පී ජෙෆ්‍රි බාවාගේ සුන්දර ලෙස වෙනස් කරනලද කාර්යාලයේ වීම. ‍එහි පිහිටීමත්, ආහාරවල ගුණයත් නිසාම සංචාරකයන්ට එය කොළඹ අනිවාර්යයෙන්ම යායුතු තැන් ලැයිස්තුවේ තිබෙන එකක්.

ගැලරි කැෆේහි සාර්ථකත්වයේ රහස අන් කිසිවක් නොවෙයි. ස්ථාවරත්වය. ස්ථාවරව හොඳකම නඩත්තු කරගැනීම. එය කොළඹ අන් අවන්හල්වලට වඩා හොඳින් පසුගිය වසර 15 තුළම සිය ආහාරවල තත්වය ආරක්ෂා කරගත්තා. ඉඳහිට පුංචි දුබලකම් නොවුණාම නොවෙයි.

ගිය සතියේ මම ඉතා හොඳ ආහාර බලාපොරොත්තුවෙන් ගැලරි කැෆේ වෙත නැවත ගොඩවුණා. ඇත්තෙන්ම මගේ බලාපොරොත්තු ඉටුවුණා. අපි අබ සෝස් සමල පළහන ලද ඌරු මස් (රු.1145යි), කළු ඌරු මස් කරි (රු. 1095යි) ‍, ග්‍රිල් කරන ලද තෝරමාළු සහ පොල්, බත් හා එළවළු අඩංගු රිසෝටෝ (රු. 1380) ඇණවුම් කළා. කෑම විශිෂ්ටයි. හැබැයි, යමු කොළඹින් හොඳම දේ බලාපොරොත්තුවන නිසා අපි ටිකක් විවේචනාත්මක වෙනවා.

ගැලරි කැෆේහි සඳහන් වන ආකාරයටම එය හොඳ ආහාර හැමවිටම හොඳ තත්වයෙන් සපයනවා. ඒත්, එය හැමවිටම විශිෂ්ට ආහාර සපයන්නේ නැහැ. ඔවුන්ට එය කරන්න පුළුවන්.

මම කියැවූ මෙනුපත පසුගිය වසර 15 තිස්සේම වෙනස් වී තිබෙන්නේ ඉතාම සුළුවෙන්. වළ‍‍ඳේ බදිනලද වසු පීකුදු, වට්ටක්කා gnocchi, coconut encrusted modha ආදී වශයෙන්. මම මෙනුව කටපාඩමින් දන්නවා. එහි ඇති දේවලින් අඩක් පමණ මම කාලා බලලා තිබෙනවා. ඒ නිසා මට ලැබෙන කෑම ගැන මා තුළ විශේෂ කුතුහලයක් ඇතිවන්නේ නැහැ. හැබැයි, මේ කුතුහලය කියන්නේ සැබෑ අවන්හල් අත්දැකීමක කොටසක්.

අවන්හලේ කළමනාකරුවන් මේ ගැන කියන්නේ පාරිභෝගිකයන්ගේ ප්‍රියතම ආහාරවලින් සැදුම්ලත් මේ වෙනස් නොවන මෙනුපත ඔවුන්ට ආකර්ශනය ඇතිකරන දෙයක් බවයි. වසු පීකුදු, කළු ඌරුමස් වැනි දේ මෙනුවෙන් ඉවත්කළොත් මටත් ඇ‍ඬෙයි. ඒත්, මටනම් හිතෙන්නේ මෙනුවේ තිබෙන මුහුදු ආහාර පැස්ටා කොම්බෝ වැනි ඇතැම් දීසි ඉවත්කර එයට නවනිර්මාන එකතුකරන්න පුළුවන්.

මම හිතන්නේ ඉතා හොඳ ආහාර හා විශිෂ්ට ආහාර අතර ඇති රේඛාව තරණය කරන්න ගැලරි කැෆේට පුළුවන්වුණත් ඔවුන් එය කරන්නේ නැහැ ඔවුන් කොළම මධ්‍යස්ථ අවන්හල් රටාවෙන් සැනසෙන නිසා.

ඉතා හොඳ වන්නේ දීසිවලින් කීපයක් පමණයි. රෝස් කළ ඌරු මස් හොඳ වුණත්, හොඳ මස් කුට්ටියකුත්, නිදහස් සන්ධ්‍යාවකුත් තිබේනම් මටත් එය සකසාගන්න පුළුවන්. තෝර මාළු සමග පොල් රිසෝටෝ රසවත්. හැබැයි රිසෝටෝ කිරිබත් වගේ. ඇපල් ව්‍යංජනයත් අති සාර්ථක එකක් නොවෙයි.

රු. 1000ක් වන දීසියක විශිෂ්ටත්වය ගැන දැන් පැමිණිලි කරන්න බැහැ, කොළඹ කොත්තු රොටියකුත් දැන් රු. 500ක් වන නිසා. මේ ආහාර මුදලට අනුව වටිනවා. ඒත්, අපි කැමතියි මේ අවන්හල සිය තත්වය ඉහළ නංවාගන්නවානම්. ඔවුන්ට එය කරන්න පුළුවන්. ඔවුන්ට දිවයිනේ හොඳම අමුද්‍රව්‍ය ලැබෙනවා. ඔවුන්ට අවශ්‍ය සූපශාස්ත්‍ර නිපුණත්වයත් තිබෙනවා. ලස්සන තැනකුත් තිබෙනවා.

කොළඹදී මිළට වටිනා ලෝක මට්ටමේ ආහාර සපයන්න ඔවුන් උනන්දුවෙනවානම් අපි කැමතියි. ඔවුන්ට පැහැදිලිවම එය පුළුවන්. ඔවුන්ගේ කළු ඌරුමස් කරිය තමයි, පළමු හා හොඳම උත්සාහය දේශීය මස් ව්‍යංජනයක් අවන්හල් මේසයට ගෙන ගිය. ඔවුන්ගේ අතුරුපස හැමවිටම වගේ ඉතා හොඳ මට්ටමෙන් විශිෂ්ට මට්ටමට චලනය වෙනවා. මගේ ප්‍රියතම අතුරුපස තමයි, හකුරු ක්‍රීම් බෲලි (jaggery creme brule). එහි හතුරු බේක් කරන ලද කස්ටඩ්වලට ගැඹුරක් එක්කර මේ ප්‍රංශ අතුරුපස අතිවිශිෂ්ට එකක් බවට පත්කරනවා. එය විශිෂ්ට ලෙස හා සාර්ථක ලෙස දේශීය හා විදේශීය සූපශාස්ත්‍ර ඥානය මුසුකිරීමක්. වෙන කොහේවත් එහෙම දේ නැහැ. දේශීය තලගුලි හා කිතුල් හකුරු යොදාගෙන ඔවුන් නියම ලෝක මට්ටමේ අතුරුපසක් සකසනවා. අපට ඕනෑ ඒ වගේ දේයි.

නැවතත් කිවයුතු දෙයක් තමයි, මෙහි පැමිණි කිසිදුවිටෙකදී මට බැරිවුණා ආහාරවල මූලික ගුණය සම්බන්ධයෙන් වරදක් සොයන්න. ඒ නිසා මෙය කොළඹ සාමාන්‍ය අවන්හල් ආහාර රටාවට අනුකූලව කෙරෙන යෝජනාවක් හෝ අදහස් දැක්වීමක් පමණයි. ගැලරි කැෆේ ඕනෑවට වඩා කාලයක් සිය කීර්තිකදම්භය තුළ නොවෙනස්ව රැඳී ඉන්නවා. එය හොඳයි. ඒත්, කවුරු හෝ සැබෑ තරගකරුවකු අවශ්‍යයි. නැතිනම් පොල් රිසෝටෝ නමින් වසර 15ක් තිස්සේ පිරිනැමෙන කිරිබත් කොළඹ භෝජනකලාවේ උච්චස්ථානය බවට පත්වේවි.

අතුරුපස විවරණය (2012 ජුලි 30)

ගැලරි කැෆේහි සුපුරුදු දම් පැහැති අතුරුපස මෙනුව කොළඹ රසබර අතුරුපස ගැන මිනුම් සලකුණක්. සියලු අතුරුපස කාණ්ඩ වන චොකලට්, මරෑං, ටාට්, කේක්, කස්ටඩ්, අයිස්ක්‍රීම් හා ට්‍රයිෆල් ද එහි නියෝජනය වෙනවා.

ලැයිස්තුවේ බොහෝ අතුරුපස ඇතිමුත්, පසළොස් වසරක කෑදරකම තුළ අපි ප්‍රියතම කීපයකට ඇබ්බැහි වී සිටිනවා.

මේ අපේ අවසන් රස බැලීමේ විස්තරයකි.

චොකලට් ෆොන්ඩන්ට් – පිටත බේක් කරන ලද මෘදු චොකලට් ආවරණය ඇතුළත උකු චොකලට් සෝස් සමග ගෙදර හැදූ දොඩම් රස අයිස්ක්‍රීම්. චොකලට්වලට ඇබ්බැහි වූවන්ට කදිමයි. ඇතුළත දොඩම් රස අයිස්ක්‍රීම් විටෙක අතිශය ප්‍රණීත මෙන්ම විටෙක දිය රසද වෙනවා.

චොකලට් නෙමසිස් – චොකලට්, කේක්, ෆොන්ඩන්ට් සහ බ්‍රවුනී අතර ඇති රස වෑහෙන බේක් කරන ලද චොකලට් අතුරුපසකි. එය මෙනුවේ අනෙක් චොකලට් යෝධයාය. අයිස්ක්‍රීම් කැටියක් සමග පිරිනැමෙන එය ෆොන්ඩන්ට් සඳහා හොඳ ආදේශකයකි.

ලෙමන් මරෑං පයි – සැර රසැති ලෙමන් කැදලි හා පැණි රස මරෑං මිශ්‍ර කර අපූරුවට සකසන ලද සරු මෙන්ම සැහැල්ලු ද වන රසබර අතුරුපසකි. විටෙක පැණි රස වැඩි ගතියක් ඇත. මරෑංවල විකා කෑ හැකි ගතිය වැඩි වනවා නම් හොඳය.

හකුරු ක්‍රීම් බෲලි - ලංකාවේ හොඳ හකුරු හා තලගුලිවලින් දේශීයකරණය කරන ලද ප්‍රංශ අතුරුපසකි. හකුරුවලින් ක්‍රීම් තවත් සරු වන අතර, මෙම සරළ අතුරුපස සංකීර්ණ වන්නේ තල නිසාය.

‘යමු’ ප්‍රියකම ලැයිස්තුව සම්පූර්ණ වන්නේ ඩබල් චොකලට් චීස් කේක් හා ට්‍රයිෆල්ද සමගයි. (මේ වතාවේදී අපි ඒවා රස බැලුවේ නැත.) මේ සියල්ල රස නහර පිනා යන අතුරුපස බැවින් කැලරි ගැන නොසිතා රස විඳින්න.

TIP

Their meat options are consistently good.

Address

No. 2, Alfred House Road, Colombo 3.

Directions

From Duplication Road, turn right down Queen's Road, turn right on Alfred House and there you are. From Galle Road, turn up Alfred House Gardens.

Contacts

Facebook Website Instagram E-Mail

Report Inaccuracy

Open 10 AM to Midnight

Cuisine

Fine Dining

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
5

Similar Places

User Reviews
W
1

1/5

0

Wang Ting

Bad service with terrible food and dirty table with smelly napkin😱😱😱

N
2

1/5

0

nuttire

Terrible staff….they have a major attitude issue. An utter waste of Rs 8,800. Such a disappointment

R
1

2/5

0

Ruwana

The Gallery Cafe is one of those places in Sri Lanka which was a unique place for me to experience Fine dining food. BUT yesterday I had to go through an unpleasant situation with them. I called in advance and spoke to their reservations person “Neethi” and told him that I would be celebrating my anniversary in their restaurant so he suggested that the dessert would be decorated and would have a wording depicting “Happy Anniversary” BUT he forgot to convey the message and as we got to the dessert there was nothing special just their usual dessert which we ordered “Chocolate Nemesis” in which the peach coulis was off which leads me to believe that the sauce bottles are not changed daily. For the starters we ordered “Grilled Prawns with Rocket Aioli and Batter Fried Whitebait”. They advertise whitebait on the menu which comes at a price of Rs. 995/=, but they served the local fish which was Handallo which was deceiving but the charges were still the same. Even the server admitted that it was Handallo and not Whitebait. For the Entree we ordered “Chicken with Bacon and Butterfly Prawns with Coconut Risotto”. In both the starter and the Entree, the Prawns were way over cooked, and the Risotto was dry. Clearly it was not cooked to order instead microwaved. I called them and spoke to their manager Ashan and he told me that this is the first time something like this was happening. When I mentioned that their reviews say otherwise, he was saying that the reviews are just reviews. Clearly, he does not care about the customers. I also acknowledged that they have a special place towards foreigners but not the locals. After explaining all of this to Ashan he took my number telling that their owner will contact me which never happened. I feel sorry as this place has so much potential to be the best restaurant in Sri Lanka instead I was totally disappointed, and our special date was ruined.

A
1

3/5

0

AmandaL

We are eating at gallery cafe as I write this. Over the years we have loved Gallery- beautiful location, nice mixed drinks, good wine- but today's meal was disastrous. 30 minute wait for water, cold food. My friend's burger came with exactly 4 french fries. Colombo offers better more reasonable food in so many places. So sad to see a great and lovely restaurant tarnished by a stunning lack of attention. Profoundly disappointed.

See 21 Comments