Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Paramount Restaurant

Matale road, Ambatenna, Katugastota

  • Closed right now


Good place to eat tasteful Sri Lanka Chinese.



ඉවක් බවක් නෑ දෙයියෝ… දැන්නම් බඩගිනියි හොඳටෝම!

ඒත් කොහෙද, මේ සරිත්ගෙන් නෑනෙ කිසිම චාන්ස් එකක්.

“කටුගස්තොටත් පන්නල ම කමු බං. නැත්නං ට්‍රැෆිකකටවත් සෙට්වුණොත් රෑ වෙනව අම්බානක”

කතාව බොරුත් නෙවෙයි. මොකද ඒ වෙද්දි ම හැන්දෑවෙ හතරත් පහුනෙ. ඊටත් අපිට තව යන්නත් කිලෝමීටර තිස්පහක් තහළිහක් තියෙනව. ඉතින්... ඔන්න ඔහෙ ඉවසනව කියල මාත් හිත හදාගෙන සද්ද නැතුව හිටිය.

වැඩේ කියන්නෙ ඒ අනික් පැත්තට මෙන්න සරිත් නැවැත්තුව කියන්නකො අමුතු කඩයක් ඉස්සරහ.

“පුහ්! උඹ කොහොමද බං මේ ප්ලේස් දන්නෙ?”

“මං දන්නෙ නෑ බං. කටුගස්තොට පැන්නා... මං නිකං බලාගෙන ආවෙ ටුවරිස්ට් ලෙවල් එකේ කඩයක්. සෙට්වුණා... නැවැත්තුවා...”

“ඒ.. සිරාවට. එළ එළ ඒනං යමං සනික ඇතුලට” කියල මං බැස්ස වාහනෙන් එළියට. බැහැල අඩියට දෙකට කෙළින්ම ඇතුලට. ඒකත් නිකම් නෙවෙයි, සේවක මිත්‍රයගෙ උණුසුම් පිළිගැනීම හමුවේ උඩතට්ටුවෙ කෙළවරට ම.

“ම්ම්... අපිට මෙනියු එක ගන්න පුළුවන්ද මල්ලි”

“පුළුවන් සර්”

විනාඩියට දෙකට මෙනුවත් මේසෙ උඩ. ඒ විතරක් නෙවෙයි පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු එක්ක වතුර බෝතලයකුත් සනිකව. වෙලාවට අපි මේසෙ හැදෙන අතරට කෑම ටික තේරුවෙ.

“මොනවද සර් ගන්නේ..?”

“අපිට… පැරාමවුන්ට් ස්පෙෂල් රයිස් එකක් ගේන්න පුළුවන්ද? ඒකයි... ස්පෙෂල් මික්ස් කොත්තු එකකුයි වගේ. බොන්න ලයිම් එකකුයි, වෝටර් මෙලන් එකකුයිත් ඕන”

“හරි සර්. ඔක්කොම ගන්න පුළුවන්. විනාඩි  දහයක් වගේ යයි...”

“සුප්ප ප්ලේස් එක නේ බං.” මල්ලි ගියා විතරයි.. ලීවලින් ගහල තිබ්බ උස වහලයි, වටපිටාවෙ ඇන්ටික් හැඩවැඩ ටිකයි බොක්කටම වැදිල තිබ්බ අපි දෙන්න පටන් ගත්ත කතාබහ. පටන් අරගෙන ඉතින් දන්නැද්ද.. කෑම ටික එනකම් කියල, ඉස්ඉස්සෙල්ලාම මේසෙට ආපු ජූස් දෙකත් ඉවර කළා.

ඇත්තටම ජූස්  දෙක නම් සුප්ප. වෝටර් මෙලන් එක එහෙම හදල තිබ්බෙ සීනි අඩුවන් ම දාලා. අයිසුත් පදමට. වෝටර් මෙලනුත් මගෙ හිතේ ගෙඩියක් ම වගේ දාලා. එකම අවුල තිබ්බෙ ඒක ඇටත් එක්ක නෙවෙයි ගහල තියෙන්නෙ. එහෙම වුණානම්.. අමුතුම ගතියක් තියෙන්නෙ ඈ..

කියන්න තරම් ලොකු දෙයක් නැති වුණාට ලයිම් එකෙත් රස හොඳයි. විශේෂයෙන්ම දෙහිගෙඩි දෙක තුනක්වත් දාලා වෙන්න ඕන. කොහොමහරි ඔය අතරටනෙ කොත්තුවයි රයිස් එකයි මේසෙට ආවෙ. හප්පේ... ඊට පස්සෙනෙ, දෙන්න මාරුවෙන් මාරුවට හොඳේ, තොග ගනන් ගිලිනව කොත්තුයි රයිසුයි.

කිව්වට විශ්වාස කරන්න යාළු රයිස් එක නම් පංකාදු පහයි! උඩින් දාලා තිබ්බ නිකම්, සියල්ල මික්ස් චොප්සියක් වගේ එකක්.. පොඩි කකුළුවෙකුත් හිටිය කියන්නකො ඒකෙ. ඒ විතරක් නෙවෙයි ඉස්සො, දැල්ලො, චිකන්, බුල්සායි, සොසේජස්.. එතකොට කැරට්, ලීක්ස්, අල පෙති එක තොගයයි. ඒව පදමට තම්බල ලුණු ගම්මිරිස් එක්ක පදම් කරල, සෝස් ජාතිත් නූලට දාලා… කියල වැඩක් නෑ හොඳේ. කොටින්ම දැක්කාම කටට කෙළ උනන ගානයි. අනික කීරි සම්බ හාලෙ බතුත් සෑහෙන්න දාලනෙ. ඉතින් දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න ඇති ඒක.

හැබැයි කොත්තුව නම්, ටිකක්…

ඇත්තටම හිතා ගන්න බැරි මොකක්දෝ අවුලක් තිබ්බ ඒකෙ. මට තේරුණ් ම භාවිතා කරපු අමු ද්‍රව්‍යවල ටිකක් පරණ ගතියක්. සමහරවිට හැම එකම නෙවෙයි, මොනවහරි එක දෙයක් වගේ. මොකද ඒකෙත් තිබ්බනෙ චිකනුයි, බිත්තරයි, ඉස්සොයි, මාළුයි මදි නොකියන්න. ඒ මදිවට කැරට්, ලීක්ස්, ලූණු අඩුම කුඩුමත් පදමට. ඒ කොහොම කිව්වත් ඉතින්, සුපිරි රසට හැදුණු හොද්දත් එක්ක උණු උණු කොත්තුවෙ රස නම් ටොප් එකටම නැගල ගියා, මගෙ හිතේ තිබ්බ බඩගින්නත් එක්ක ම නිසා වෙන්න ඕන.

අන්න ඒකයි ආයෙ දවසක වුණත් එතනට යන්න හිත. මොකද පැත්තෙ හැටියට, ගෙවපු ගාණට සුප්ප කෑම වේලක්නෙ කෑවෙ, ඕං..!


TIP

Try Paramount Specials

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment