Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

Park Street Mews Restaurant

50/1 Park Street, Colombo 2


Park Street Mews Restaurant is one of those select few that have managed to remain relevant and maintain high standards throughout the years. They haven't changed much at all, but we're fine with that since the food is excellent, the service is fast and the unorthodox setting is still quite chic.



එදා වැඩ රාජකාරි බහුල වෙච්ච දවසක්. උදේ ඉඳන් කන්තෝරුවේ වැඩකරලා හවස් වෙද්දී ඇඟට දැනුණේ පුදුම තෙහෙට්ටුවක්. දැන් බස් එකේ තෙරපිලා මිරිකිලා ගෙදර යන්න වෙනවනේ කියලා මතක් වෙද්දීත් එපා වෙනවා. ඒකයි කියලා ඔෆිස් එකේ නවතින්නයැ.

මේ විදියට මහන්සි පිට ගෙදර ගියොත්, මේ ලෝකේ වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඔන්න ඔය හේතුව නිසා ම කොහෙට හරි ගොඩවැදිලා සැපපහසු පුටුවකට බර වෙන ගමන්, කෝපි කෝප්පයක රස බලන්න ඕනෙයි කියලා මට හිතුණේ. ඉතින් අල්ලපු සීට් එකේ ඉන්න එකාවත් ඇදගෙන මම පාක් ස්ට්‍රීට් මිව්ස් එකට ගියේ ඒ නිසයි.

තැන

පාක් ස්ට්‍රීට් එකේ තියෙන පාක් ස්ට්‍රීට් මිව්ස් එක, හරිම සුවපහසු වටපිටාවක් තියෙන රෙස්ටෝරන්ට් එකක්. දාහක් වාහන එක පෙළට ඇදෙන පාරක් අයිනේ පිහිටපු එකක් වුණත්, මෙතැන ඇතුළේ තියෙන නිස්කලංක ගතියට සෑහෙන්න ආස හිතෙනවා. මේකේ පුටු මේස අහුරලා තියෙන්නේ කොටස් දෙකක් වෙන විදියට. දොරින් ඇතුළට යද්දී ම තියෙන්නේ සුදු ලී මේස පුටු තියෙන හරියක්. ඒ ටික පහුවුණාම තියෙන්නේ ලොකු කුෂන් පුටු සෙට් එකක්. ඉතින් එයින් පුටු දෙකක සැපපහසුවට වාඩිවුණු අපිට වැඩිවෙලා ඉන්න වුණේ නෑ මෙනු එක අතට ලැබෙන්න. සේවක මිත්‍රයෙක් අපට ඒක ගෙනල්ල දුන්නේ සුහදශීලී හිනාවකුත් එක්කයි.

කෑම

පාක් ස්ට්‍රීට් මිව්ස් එකේ තඩි සයිස් මෙනු පොත් දෙකක් ම තියෙනවා. එකක් සම්පූර්ණයෙන් ම පිරිලා තියෙන්නේ බීම ජාතිවලින්. කෝපි, තේ, ජූස්වල ඉඳන්, බියර්, කොක්ටේල් වගේ මද්‍යසාර දක්වා බීම වර්ග මේ මෙනුවේ තියෙනවා. අනිත් එකේ තියෙන්නේ කෑම සහ අතුරුපස. වැඩේ කියන්නේ කෝපි උගුරක් බොන මුවාවෙන් මේ පැත්තට ආවත්, මෙනු එක දැක්කම අපට පුදුම බඩගින්නක් ආවනේ. කෝපි විතරක් නෙවෙයි, තව කෑම බීම වර්ග දෙකතුනක් ම ඕඩර් කළේ අපි ඒකයි.

සුප්, සැලඩ්, සැන්විච්, පැස්ටා, ව්‍රැප්, සහ සීෆුඩ් කෑම තමයි මෙයාලා ළඟ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ. ළාවට ඔළුව කැක්කුමකුත් තිබුණු නිසා මට ඕනේ වුණේ මොකක් හරි උණුවට තියෙන ස්ටාටර් එකක් ගන්න. වේටර් අයියත් රෙකමදාරු කරපු නිසා අපි “Roasted Butternut and Coconut Cream” (රු.500) සුප් එකක් ඕඩර් කළා.

ඔය බටර්නට් කියන්නේ වට්ටක්කා කුලයේ සාමාජිකයෙක් නේ. මේ සුප් එක හදලා තියෙන්නේ උකු ම උකු පොල් කිරියි, බටර්නට් සාරයයි එකතු කරලා. ළාවට එන චිකන් බ්‍රොත්වල රසයකුත් මේකෙන් දැනුණා. රස ගුණ දෙකම ඇති මේ සුප් එක අපි බිව්වේ හරි ම ආසාවෙන්. හොඳ උණුවට තිබුණු නිසා මගේ ඔළුව කැක්කුමත් කොහෙන් ගියාද නැහැ.

මේ සුප් එකත් එක්ක පොඩි බනිස් හතරකුත්, ඔලිව් තෙල් ටිකකුත්, කොළ පාට බටර් ජාතියකුත් අපට ලැබුණා. අපට දැනගන්න ලැබුණු විදියට ඒක “හර්බ් බටර්" එකක්. පාර්ස්ලි, සුදු ළූණු වගේ දේවල් එකතු කරපු බටර් එකක්. හොඳ නැවුම් ගතියට තියෙන බනිස්වලට, මේ බටර් එකයි ඔලිව් තෙල් ටිකකුයි මිශ්‍ර වුණාම ආවේ සුපිරි රසක්.

ඊළඟට අපේ මේසෙට ආවේ චිකන් පැස්ටා (රු.975) එක. හප්පේ! මේකේ තිබුණු චිකන් තොගේ! පැස්ටා එකත් ගානට තැම්බිලා. අහ්! කියන්න අමතක වුණානේ. මේකට කැමති සෝස් එකක් තෝරාගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් අපි ගත්තේ ස්පයිසි තක්කාලි සෝස් එක. සුදු ළූණු රසත් ගෑවිලා තිබුණු මේ සෝස් එකත් පට්ට ම රසයි.

ඊටපස්සේ අපි ඕඩර් කළේ Slow cooked pork in soy and aniseed with sauteed okra (රු.1700) එක. මේක නම් දැක්ක ගමන් කන්න හිතෙන ජාතියේ කෑමක්. පෙති විදියට කපලා හදලා තිබුණු ලොකු පෝක් කෑලි තුනක් ම මේකේ තිබුණා. බැදපු බණ්ඩක්කා වගේ ම, අසමෝදගම් කොළත් මේකට සැරසිල්ලක් විදියට එකතු කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, මේකට එකතු කරලා තිබුණු සෝස් එකත් නියමයි.

Strawberry Souffle (රු.550) එකක් තමයි අපි අතුරුපස විදියට ගත්තේ. මුලින් ම කියන්න ඕනේ මේක හදන්න විනාඩි විස්සක කාලයක් යනවයි කියන එක. මෙනු එකෙත් එක දාලා තියෙනවා. ඒ නිසා හදිසියට යන්න බලාගෙන මේක ඕඩර් කරලා, ඒක මේසෙට එන්න පරක්කු වුණා ම දෙස් දෙවොල් නම් තියන්න එපා ඔන්න හොඳද.

ඇත්තම කිව්වොත්, මේ අතුරුපස වෙනුවෙන් විනාඩි විස්සක් නෙවෙයි, පැයක් බලාගෙන හිටියත් පාඩුවක් නැහැ. ඒ තරම් රසයි. ස්වාභාවික ස්ට්‍රෝබෙරි රසින් අනූන මේ Souffle එක, උණුවට තියෙන මෘදු මාශ්මෙලෝ එකක් වගේ. උඩින් අයිසින් සීනි ටිකකුත් ඉහලා තිබුණා.

මේකත් එක්ක ලැබුණු අයිස් ක්‍රීම් එක ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ. පාක් ස්ට්‍රීට් මිව්ස් එකේ පාවිච්චි වෙන්නේ එයාල ම හදන අයිස් ක්‍රීම්. නා නා විධ රස වර්ග කීපයක් ම මේ අතරේ තියෙනවා. මේ අතරින් අපි තෝරාගත්තේ චොකලට් අයිස්ක්‍රීම් එක. මරු කොකෝ රසක්නේ මේකේ තිබුණේ. කොටින්ම කියනවනම් හොඳ ඩාක් චොකලට්වල රස. මුල ඉදන් අගට ම කිසිම අවුලක් නැතුව අපි මේ අතුරුපස රස වින්දා.

බීම

අපි පාක් ස්ට්‍රීට් මිව්ස් එකට ගොඩවැදුණේ හවස 3ට වගේ. ඉතින් ඒ වෙලාවට මද්‍යසාර බීම පිළිගැන්වෙන සිරිතක් මෙතැන නැහැ (ඒවා දෙන්නේ හවස පහෙන් පස්සේ). ඒ නිසා අපි බීම විදියට ඕඩර් කළේ කැපුචිනෝ (රු.375) එකකුයි, ස්ට්‍රෝබෙරි ස්මූති (රු. 390) එකකුයි.

කැපුචිනෝ එකෙන් ආවේ අපේ හුරු පුරුදු බැරිස්ටා එකේ රස. හොඳ උණුවෙන් ම පිළිගැන්වුණු නිසා වෙලාව අරගෙන පාඩුවේ බොන්නත් පුළුවන්.

ස්ට්‍රෝබෙරි ස්මූති එකේ තිබුණේ ස්වභාවික ස්ට්‍රොබෙරි රස ම තමයි. උකු ගතියත් ගානට. සීනි දාලා තිබුණේ අඩුවෙන් වගේ නිසාදෝ කොහෙද මේ ස්ට්‍රෝබෙරි රස හුඟක් තදින් අපට දැනුණා. හරි ම රසයි ඒ නිසා.

සර්විස් එක

තනි වචනෙන් කියනවනම්, පාක් ස්ට්‍රීට් මිව්ස් එකේ සර්විස් එක “සුපිරි”. තමන්ගේ ම තැනකට ගියා වගේ සුහදත්වයක් මෙතැන තිබුණා. කෑම බීම ටිකත් පට් ගාලා ආව මේසෙට. ඒවා තෝරගනිද්දී එයාලගෙන් ලැබෙන සහය ගැනත් අමතක නොකර බැහැ.

අවසාන වශයෙන්

සමස්තයක් විදියට ගත්තම, පාක් ස්ට්‍රීට් මිව්ස් එකෙන් අපට ලැබුණු අත්දැකීම සෑහෙන්න හොඳයි. කෑම බීමවල මිල ගණන් තරමක් වැඩියි කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ගෙවන මිලට සාධාරණය ඉෂ්ට වෙන වග නම් කිසිම සැකයක් නැතුව කියන්න ම ඕනේ. ඉතින් අතේ මිටේ සල්ලි ටිකක් ගැවසෙන වෙලාවක ඔයාලත් මේ පැත්තේ ගිහින් එන්න.


TIP

Explore the shops and cobblestone street nearby. Oh and they actually have a decent WiFi connection.
All Reviews

Park Street Mews Restaurant is one of those select few that have managed to remain relevant and maintain high standards throughout the years. They haven't changed much at all, but we're fine with that since the food is excellent, the service is fast and the unorthodox setting is still quite chic.

Upon re-review, Park Street Mews Restaurant has creative, tasty food with amazing plating in a happening spot. Cool scene.

Park Street Mews Restaurant is one of those select few that have managed to remain relevant and maintain high standards throughout the years. They haven't changed much at all, but we're fine with that since the food is excellent, the service is fast and the unorthodox setting is still quite chic.

සිංහල සමස්තයක් විදියට ගත්තම, පාක් ස්ට්‍රීට් මිව්ස් එකෙන් අපට ලැබුණු අත්දැකීම සෑහෙන්න හොඳයි. කෑම බීමවල මිල ගණන් තරමක් වැඩියි කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ගෙවන මිලට සාධාරණය ඉෂ්ට වෙන වග නම් කිසිම සැකයක් නැතුව කියන්න ම ඕනේ. ඉතින් අතේ මිටේ සල්ලි ටිකක් ගැවසෙන වෙලාවක ඔයාලත් මේ පැත්තේ ගිහින් එන්න.

සිංහල පාක් ස්ට්‍රීට් මිවුස් කියන්නේ කොළඹ ජනප්‍රිය රැල්ලේ සුන්දර තැනක්. සාද, සම්මේලන පවත්වන තැන් බවට පත් කළ පැරණි ගබඩා සංකීර්ණයක් වූ එහි අවන්හලක්ද තිබෙනවා. මෙහි පවත්වන ඕනෑම ප්‍රසිද්ධ උත්සවයක් ජනප්‍රියයි

Address

50/1 Park Street, Colombo 2

Directions

From Vihara Maha Devi (along Dharmapala Mawatha) turn down Park Street. If you go all the way to the roundabout and turn left there's parking.

Contacts

Facebook Website

Report Inaccuracy

Open 8 AM to 11 PM everyday

Cuisine

Western

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
P
1

2/5

0

Patti

No vegetarian mains on the menu. Went there the first time and sent the owner a message. Response from Harpo was, “did you look at the menu?” . So assumed that veg mains had been added but second time too, no veg mains on the menu. To date nothing! Terrible bland food. I guess this place only caters to white foreigners. We were a group of 14 the next time we dined there and the unanimous vote was that the place was awful!

S
1

5/5

1

Sasiru

A cosy place with excellent food and and great service.

P
1

2/5

0

Patti

No vegetarian mains on the menu. Went there the first time and sent the owner a message. Response from Harpo was, “did you look at the menu?” . So assumed that veg mains had been added but second time too, no veg mains on the menu. To date nothing! Terrible bland food. I guess this place only caters to white foreigners. We were a group of 14 the next time we dined there and the unanimous vote was that the place was awful!

S
1

5/5

1

Sasiru

A cosy place with excellent food and and great service.

See 23 Comments