Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

4/5

ParkBay

188 W. A. Silva Mawatha, Colombo 06


A restaurant down W.A Silva Mawatha, specialised in Indian and Sri Lankanised Chinese fare.



ParkBay එක අපට මුණගැහුණේ අහම්බෙන්. මෙන්න මේකයි වුණේ.

මායි  මගේ යාළුවයි ටුක් එකක නැඟලා බම්බලපිටිය පැත්තට යන ගමන් රෑ කෑමට යන්න තැනක් ගැන කල්පනා කළා. කරුමේ කියන්නේ හරි ඇති තැනක් ඔළුවට ආවේම නැහැ. අනික හැමදාම කන කඩේ නැතුව අලුත් තැනක් බලන්නයි අපට ඕනෙකම තිබුණේ. ඉතින් මම ටුක් එකෙන් ඔළුව එළියට දාගෙන වටේ පිටේ තියෙන හොඳ රෙස්ටෝරන්ට් මොනවද කියල බලන අතරේ, යාළුවා කළේ ගූගල් මැප්ස් පීරපු එක. 

"අංකල් ඔය ඉස්සරහ පාරෙන් දකුණට හැරෙමු"

වැල්ලවත්තේ හන්දිය හරියට එද්දී මේකි එහෙම කියපි. බැලින්නම් කිරිකිරි වගේ අලුතෙන් ම දාපු රෙස්ටෝරන්ට් එකක්. නම ParkBay. තියෙන්නේ ඩබ්.ඒ සිල්වා මාවතේ. 

තැන 

මේක ලොකුවට ඉඩකඩ නැතත්, තියෙන ඉඩෙන් හොඳට ප්‍රයෝජනේ අරගෙන විසිතිස් දෙනෙක්ට එක සැරේ වාඩි වෙලා කෑම කන්න පුළුවන් විදියට හදපු තැනක්. පොඩි කැෆේ වයිබ් එකක් වගේ එනවා එයාලා දාලා තියෙන කුෂන් පුටු ටික හින්දා. හරි රිලැක්සින් ගතියකුත් තියෙනවා ඒ නිසා ම.

කෑම බීම 

පෙනුමේ එහෙම කැෆේ වගේ හින්ට් එකක් තිබුණට මේක ඇත්තට ම ලංකාවේ තාලෙට චයිනීස් කෑම සහ ඉන්දියන් කෑම හදන රෙස්ටෝරන්ට් එකක්. ඒ හැරුණා ම ශවර්මා, පැස්ටා, බර්ගර්, සැන්ඩ්විච් වගේ ජාතිත් තියෙනවා. බීමට ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ මිල්ක්ෂේක් සහ ෆෘට් ජූස්.

අපි වැඩේ පටන්ගත්තේ ParkBay ස්පෙෂල් සීෆුඩ් රයිස් (රු. 900) එකෙන්. ඕකත් එක්ක කන්න මොනවහරි ගන්න ඕනේ කියලා මුලදී කල්පනා කරත්, ඩිෂ් එක දැක්කට පස්සේ හිතුණා වෙලාවට එහෙම නොකරේ කියලා. බලන්න එපැයි ඒකෙ තියෙන ගැම්ම. බත මැදි කරගෙන සාගරේ වගේ වටේට තියෙන්නේ ඩෙවිල් කරපු සීෆුඩ් එකක්. ඒකෙ ඉස්සෝ දැල්ලෝ පිරිලා. අතරින් පතර කැරට්, හතු, මාළු මිරිස් එහෙමත් තිබුණා. සෝස් එක පංකාදු පහයි. හෙනම තික්. ස්වීට් සවර් බැලන්ස් එක නියමෙට ගළපලා. බතත් යහමින් සීසන් කරලා සුවඳේ බෑ. රසත් මරු.

ඊළඟට අපි ගත්තේ චිකන් චෙට්ටිනාදු (රු. 750) කරියයි, නාන් ජාති දෙකයි - බටර් නාන් (රු. 150) සහ චීස් නාන් (රු. 200). 

බැලූ බැල්මට බටර් චිකන් කරියක් වගේ පෙනුම තිබුණට චිකන් චෙට්ටිනාදු එකේ රහ නම් ගානට තිබුණා. හොඳට කුළුබඩු දාලා නිසා රසයි සුවඳයි දෙකම ගැලපිලා. අනික ලොකු සයිස් චිකන් කෑලි හතරක් ම තිබුණා. එක ම අවුල වුණේ අර නෝමල් චෙට්ටිනාදුවල තියෙන තෙල් ගතිය මේකේ නැති එක තමයි. 

නාන් ජාති දෙකෙන් අපි වැඩිපුර ම කැමති වුණේ බටර් නාන් එකට. මොකද උණුඋණුවෙන් ම බටර් සුවඳ වෑහෙන ගමන්නේ මේසෙට ආවේ.

චීස් නාන් එකේ නම් චීස් ස්ලයිස් එකක් කෑලිවලට කපලා තැනින් තැනින් දාලා තමයි චීසි ගතියක් ඇඩ් කරන්න ට්‍රයි කරලා තිබුණේ. ලොකු සීන් එකක් නැහැ.

බීමට අපි ගත්ත චොකලට් මිල්ක්ෂේක් (රු. 300) එකයි, කොමඩු ජූස් (රු. 250) එකයි. දෙක ම ෂෝක්. මිල්ක්ෂේක් එකේ චොකලට් රස යහමින් ම තිබුණා. හැබැයි පොඩ්ඩක් චොකලට් සිරපු අඩු කළා නම් තවත් හොඳයි.

කොමඩු ජූස් එක හදලා තිබුණේ නැචුරල් කොමඩු රස හොඳින් ම එන විදියට. ඒ නිසා හරි රිෆ්‍රෙෂින්.

සර්විස් එක 

ස්ටාෆ් එකේ අය ගොඩක් සුහදශීලියි. හොඳට හිනාවෙලා කතා කරනවා. හැබැයි කවුරුවත් මාස්ක් දාගෙන හිටියේ නැහැ. ඒක නම් ගොඩක් අවුල්. 

අවසාන වශයෙන් 

ඔච්චර දේවල් කාලා බීලත් අපේ බිල ආවේ රු. 2500ක් වගේ. දෙන්නෙක්ට ගත්තට තුන්දෙනෙක්ට වුණත් මේ මීල් එක ඇති. එහෙම බැලුවා ම පොකට් එකට වාසියක් තියෙනවා කියල බයක් නැතුව කියන්න ඇහැකි. අනික කෑම බීමත් රසයිනේ.


Have you visited this place?

Write your own review!
Leave a comment