Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF 200 Offer sidebar banner Artwork for PMF essentials sbb 2

4/5

Pearl Rest

Mother Teresa St, Mannar


Warm welcome with a cosy service. A nice viewing balcony to relax in the evening and the comfortable rooms are with an attached bathrooms. If you like they have delicious Jaffna style Sri Lankan food too.



ගිණි රස්නෙ පැත්තක..

ඒසී. පැත්තකින් තියන්නකො. ෆෑන් එකක්වත් නොදා නිදාගන්න පුලුවන් ප්ලේස් එකක් තියෙන්න පුලුවන්ද මං අහන්නෙ? ආ..

ආ.. නෙවෙයි තියෙනවනෙ!

කිරි ගහට ඇන්න වගේ කියන්නෙ යාළු එකෙන්ම තියෙනව.

‘පර්ල් රෙසට්’

මන්නාරමේ..

කියද්දිත් ඇඟ නිකම් රත් වෙලා යනව නේ. ඒ තරම් එහේ රස්නෙයි කියල දන්නව නේ..

ඒත් දැන් එහේ යන්න බය වෙන්න ඕන නෑ හොඳේ. කොච්චර රස්නෙ කාලෙක වුනත් ෆුල් කූල් එකේ නිවාඩුවක් ගත කරල එන්න අපූරු ලෝ බජට් ප්ලේස් එකක් තියෙනව. ඒකත්.. ඔන් ටයිම් දෙන ටොප් සර්විස් එකක් එක්ක, රස කෑම බීමයි, සියළු සැප පහසුකමුයි.. ඔක්කොමත් හරි අපූරු බැල්කනියකුත් තියෙනව ඒකෙ උඩ තට්ටුවෙ, ඉස්සරහට වෙන්න ගස් වලින් වැහිච්ච. පල්ලෙහා කකුළු කොටු සෙට් එකත් එතනට පේන්නෙ වැවක් වගේ නිසා බැලූ බැල්මට සුපිරි ආයෙ.

හැරත් එතන ඉඳන් මැනාර් කලපු පැත්තට යන්නත් විනාඩි 5යිනෙ යන්නෙ. ඉතින් උදෙන්ම නැගිට්ටෙ නැතත්, කෂ්තිජයෙන් මතුවෙලා අහස රතුපාට කරන ඉර බලන්න යන්න.. එතන ඉන්න කාට කාටත් නම් ලැබෙන්නෙ හොඳම චාන්ස් එකක් තමයි.

ඔක්කොමත් හරි මම නම් කැමතිම පර්ල් එකේ ඉඳන් ටවුමට තියෙන දුරට.

හරියටම මීටර් 900යි. හිතන්නකො, හදිස්සියකට මොනවහරි මදි පාඩුවක් ගේන්න යන්න වුනත් කිසිම ප්‍රශ්නයක් නෑනෙ යාළු. ඇත්තම කිව්වොත් ඒ නිසාමයි අපිටත් පාන්දරින්ම නැගිටගෙන දඟලන්නෙ නැතුව, හෙමින් සැරේ ලෑස්තිවෙලා ‘වන්කාලයි’ අභය භූමිය පැත්තට, නියමම ටයිම් එකට යාගන්න ලැබුණෙත්.

ම්.. ඒ කතාව එහෙම තියෙද්දි මම ආයෙත් ‘පර්ල්’ එක ගැනම කියන්නම්.

ඇත්තටම ඒක හෝම් ස්ටේ එකක්. එසේ මෙසේ නෙවෙයි රියල්ම හෝම්ස්ටේ එකක්. ගෙදර අය පල්ලෙහා තට්ටුවෙ, අපි උඩ තට්ටුවෙ. එතකොට.. එයාලට පොඩි කෝල් එකක් දාපු ගමන් පටස් ගාලා උඩට එනව. ඇවිල්ල ඔයාලට අවශ්‍ය මොනවහරි සේවාවක් තියෙනව නම් සනිකවම ඒක ඉටු කරල දෙනව. කොටින්ම කියතොත්.. අපි පාන්දර 5ට කෝල් එකක් ගත්ත නිකමට වගේ, ෆීල්ඩ් එකට බහින්න කලින් තේ එකක් ඉල්ල ගන්න පුළුවන්ද බලන්න.

“හා.. ඕකේ” කිව්වා. 5.15 වෙද්දි මෙන්න තේ දෙක දොර ළ ඟ.

ඊට පස්සේ.. කෑමත් එලෙසමයි හොඳේ. දෙවනි දවසෙ හදිස්සියෙම වගේ මතක් වෙලයි අපි, ෆීල්ඩ් එකේදිම කෝල් එකක් දීලා කෑම ගන්න පුළුවන්ද කියල ඇහුවෙ. ඒකත් පැය බාගයක් වගේ තියල.

ඒකටත් “හා” කිව්ව කියන්නකො. කියල අපි එතනට යද්දී…

මෙන්න ඉඳි ආප්පයි, බතුයි, පොල් සම්බෝලයි, පරිප්පුයි, කරවල තෙල්දාලයි.

කෑවා නෙවෙයි යාළු, තලු මැරුව!

කියල වැඩක් නෑ හොඳේ. අර ටිකක් ජැෆ්නා ටයිප් එකට වගේ පරිප්පුවත් හදල තිබ්බෙ. හොඳ හැටි කිරි දාලා. අමුමිරිස්, රම්පෙ කරපිංච ටිකත් එක්ක ලාවට හින්දල අරගෙන. එතකොට පොල්සම්බෝලෙ.. සැර හොඳ හැටියට තියෙන්න, අමු මිරිස්, ගම්මිරිස්, කෑලි මිරිස් සමඟින් මන්නාරම් උම්බලකඩ!

හිතාගන්න පුළුවන් නේ..?

ම්.. එහෙම තියෙද්දි කරවල තෙල් දැමුම ගැන මම මේ කියනවද නැද්ද කියල බැලුවෙ. මොකද ඒක අහපු ගමන් එහේ යන්න හිතෙන්න ඉඩ තියෙනව ඒකයි.

කමක් නෑ, ඔන්න අහගන්නකො එහෙනම්.

කීරමින් වගේ කරවල එකක්. හැබැයි හොඳම වේළිච්ච මාළු රස, පොඩි පොඩියට කපල.. ලූණු, මාළු මිරිස්, තක්කාලි මදි නොකියන්න දාලා, තෙලට ගලපල. වචන නෑ කියන්න හොඳේ. බත් පැත්තක මුලුමනින්ම. ඉඳි ආප්ප යනව හෝසෙට කෑලි හැලෙන්න.

එහෙම කාලා.. ආයෙ ෆීල්ඩ් යන්න!

බෑනෙ යාළු. හැරත් අපි දවල් වෙන්න කලින් එන්නත් ඕන. ඒ නිසාම ඉතින් අර ඉස්සරහ නිදහස් ස්තෝප්පුවට වෙලා.. ඈත දිහා බලාගෙනත් ඉඳලා.. විඩාවත් ටිකක් නිවාගෙන එහෙම, වොෂ් එකක් දාගත්ත එන්න කියල පාරට පැත්තට.

ඒත් ඉතින් හිතකින් නම් නෙවෙයි. යන්න ඕනම නිසයි.

හ්ම්.. බෑග්මලු ටිකත් අරගෙන පල්ලෙහාට බහිද්දි, සමුදෙන්න ආපු ආන්ටි..

“විල් ෂුඅර්ලි කම් බැක් අගෙන් ආන්ටි. ලව් දිස් ප්ලේස්. තෑන්ක්යු ෆො එව්රිතින්ග්”

“ෂුවර් පුතා. ඕල්වේස් වෙල්කම් යූ ආ.. ආය එන්ඩ.. පරිස්සමඩ යන්ඩ.. දෙවි පිහිටයි!”

පාරට බැහැලත් ආයෙ හැරිලා බැලුවා සත්තයි, ඒ සැලකිල්ලට.

හැරත්.. මට ඒ වෙලාවෙ හිතුනෙම.. සාමාන්‍ය මිනිස්සු අතරෙ ජාති, ආගම් බේද තිබ්බද ඇත්තටම?


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment