Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

Perera & Sons

2, Dharmapala Mawatha, Colombo 3


It must be said that somewhere on the journey from family bakers to mega-chain standards fell. The cream buns nowadays just arent the same



මුල් ලිපිය සාවන්.

අපි මීට පෙරත් ෂෝර්ට් ඊට්ස් ගැන කතා කරලා තියෙනවා. මේ පේස්ට්‍රි ගල්වපු රසබර චතුරශ්‍ර, වෘත, ත්‍රිකෝණ තමයි ස්පැනිෂ් ටැපාස් වලට ලංකාවේ පිළිතුර. කොක්ටේල් පාර්ටි වලට කටගැස්ම, කෑම වෙලාවල් අතර අමතර කෑම, ගොඩක් කෑවොත් සම්පුර්ණ කෑම වේලක්ම වෙන දෙයක් තමයි ෂෝර්ට් ඊට්ස්. ඒවා තමයි කොළඹ කෑමවල මුද්‍රාව. කොත්තු ආවේ මඩකලපුවෙන්. රොටි ආවේ හික්කඩුවෙන්, ඉන්දි ආප්ප දිවයින පුරාවටම. ඒත් ෂෝර්ට් ඊට්ස් නම් කොළඹින්. යුරෝපියන් පේස්ට්‍රි වගේම සීනි සම්බෝල, කරි සෝස්, සැර මාළු දාපු දේශීය ෂෝර්ට් ඊට්ස් වුණත් තියෙනවා. කොළඹ වැසියන්ගේ උපන්දින සාද, මංගල උත්සව, මල ගෙවල් වගේ මේ හැම තැනකම ෂෝර්ට් ඊට්ස් ප්‍රධාන තැනක් ගන්නවා.

පෙරේරා ඇන්ඩ් සන්ස් බේකරිය අනෙක් හැම දෙනාටම වැඩිය ෂෝර්ට් ඊට්ස් ජනප්‍රිය කරන්න හවුල් වෙන්න ඇති. එයාලා අවුරුදු 100ක් විතර මේ ව්‍යාපාරය කරගෙන යනවා. එයාලගේ මාළු බනිස්, සීනි සම්බෝල රෝල්, සහ එළවළු පැටිස් පරම්පරා ගාණක් තිස්සේ පාසල අවසන්වීමෙන් පස්සේ කන කෑමක් ලෙස ළමයින්ගේ බඩගින්න නිවලා තියෙනවා.

කොහොම වුණත් කියන්න තියෙන දේ තමයි පවුලේ ව්‍යාපාරයක ඉඳලා ජාතික මට්ටමේ ජාලයක් වුණාට පස්සේ ආහාරවල තත්වය නම් පහළ වැටුණා. ක්‍රීම් බනිස් ඉස්සර තරම් - ඒ කියන්නේ අවුරුදු 30කට විතර ඉස්සරලා මම මොන්ටිසෝරි යනකොට කාපු ඒවා තරම් - කටට කෙළ උනන තරමට රස නැහැ. බේකන් සහ බිත්තර පේස්ට්‍රි වල බේකන් නැතිම තරම්. මම කාපු පැටිසුත් මෙලෝ රහක් නැහැ.

කොළඹින් පිට තියෙන සමහර අවුට්ලට් පෙරේරාගේ තත්වයටත් හොඳ මදි වන තරමට නරකයි. යමු කණ්ඩායම පෙරේරාට සාධාරණයක් කරන්නත් එක්ක කොල්ලුපිටියේ එයාලගේ මුල්ම අවුට්ලට් එකට ගියා. මම හිතන්නේ එයාලගේ හොඳම සහ නැවුම්ම කෑම තියෙන්නේ මෙතන. හැබැයි මෙතන තිබුණ යටත්විජිත යුගයේ තිබුණ ලස්සන දැන් නැහැ.

අපි චිකන් කොනිෂ් එකක් කෑවා. ඒකෙ තිබුණ මිරිස් සැර නිසා මේක මුල් ඉංග්‍රීසි කෝනිෂ් වලට වඩා වැඩි දියුණු කරලා කියලා කියන්න පුළුවන්. අපි චීස් කේක් එකකුත් කෑවා. ඒක තරමක් හොඳයි. හැබැයි ටිකක් වියළියි.

අපේ සම්පුර්ණ ගාන රු. 200ට වඩා අඩුයි. පෙරේරාගේ විශාල ජාලය නිසා විශාල ප්‍රමාණයන්ගෙන් කෑම හදන්න පුළුවන් නිසා මිල ගණන් අඩුවෙන් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි කාපු කෑම හොඳ වුණත් ටේස්ටි සහ ස්පොන්ජ් වගේ තැන්වල කෑමත් එක්ක බැලුවොත් තත්වයෙන් බාලයි. ඒත් අවුරුදු 100ක් පරණ තැනක් නිසා නරකමත් නැහැ. මම තවමත් මොන්ටිසෝරි ක්‍රීම් බනිස් වලට කැමතියි. ඒත් ඒ පෙරේරා මෙච්චර ලොකු ජාලයක් වෙන්න ඉස්සර කාලේ.

TIP

For some reason this outlet and only this one maintains the arcane - order, collect a bit of paper, pay, take bit of paper to counter, collect order system. On the plus side there is some decent seating upstairs.
All Reviews

It must be said that somewhere on the journey from family bakers to mega-chain standards fell. The cream buns nowadays just arent the same

සිංහල අපි මීට පෙරත් ෂෝර්ට් ඊට්ස් ගැන කතා කරලා තියෙනවා. මේ පේස්ට්‍රි ගල්වපු රසබර චතුරශ්‍ර, වෘත, ත්‍රිකෝණ තමයි ස්පැනිෂ් ටැපාස් වලට ලංකාවේ පිළිතුර. කොක්ටේල් පාර්ටි වලට කටගැස්ම, කෑම වෙලාවල් අතර අමතර කෑම, ගොඩක් කෑවොත් සම්පුර්ණ කෑම වේලක්ම වෙන දෙයක් තමයි ෂෝර්ට් ඊට්ස්. ඒවා තමයි කොළඹ කෑමවල මුද්‍රාව. කොත්තු ආවේ මඩකලපුවෙන්. රොටි ආවේ හික්කඩුවෙන්, ඉන්දි ආප්ප දිවයින පුරාවටම. ඒත් ෂෝර්ට් ඊට්ස් නම් කොළඹින්. යුරෝපියන් පේස්ට්‍රි වගේම සීනි සම්බෝල, කරි සෝස්, සැර මාළු දාපු දේශීය ෂෝර්ට් ඊට්ස් වුණත් තියෙනවා. කොළඹ වැසියන්ගේ උපන්දින සාද, මංගල උත්සව, මල ගෙවල් වගේ මේ හැම තැනකම ෂෝර්ට් ඊට්ස් ප්‍රධාන තැනක් ගන්නවා.B H

Address

2, Dharmapala Mawatha, Colombo 3

Contacts

Website

Report Inaccuracy

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Cakes

Cuisine

Bakery

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 10 Comments