Artwork for Coke with food - top banner
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for PMF essentials sbb 2

5/5

Persian Cove

Delivery only


A home-based venture that makes superb Maqlooba from a recipe older than three decades.



තියෙන වැඩත් එක්ක කොහෙද?

අමතක වෙන එක අහන්නක් දෙයක්ද?

ඇත්තම කිව්වොත් ‘දවල් කෑම ගේන්න එපා’ කියල කලින් දවසෙ දිනේශ් කිව්ව එක මතක් වුණෙත් අදාළ දවසෙ කෑම කන ටයිම් එකටමයි. ඒත් ඉතින් එහෙමයි කියල ගෙන්නපු කෑම නොකා ඉන්නයැ.

ඊටත්!

හප්පේ.. මේසෙට ඇරල තිබ්බ තඩි බිරියානි සවාන් එක. සුවඳ ගගහ, උණු උණුවෙ, තඩි රෝස්ට් කුකුළ්ලුත් දෙන්නෙක්ම යාළු. ඒ විතරක්ද, ඒකට මික්ස් කරගෙන කන්න අර මීකිරි සම්බෝලෙයි, ජෑමුයිත් එවල.

වැඩක් නෑ ඉතින් කියල. අතේ තිබ්බ බත් පාර්සලේ පැත්තකින් තිබ්බ මම..

ගත් ගැම්මට කෙලින්ම පැන්න පිරිස මැද්දටම, ඕ..

පැනල බැලුව, හතර අතේ..

මසුයි බතුයි කියන්නකො.

ඒකත් හිතා ගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියල.

ම්.. පොඩ්ඩක් කල්පනා කරලා, ඉස් ඉස්සෙල්ලාම කියල ගත්ත චිකන් කෑල්ලක් අතට. අරගෙන බත් ටිකක් එක්කත් ගලපල දාගත්ත කටට.

ෂප්පේ.. අඹ ගහේ ජම්බු කියාපි. පංකාදු පහයි නෙවෙයි යාළු, විසිපහයි..

අනේ මන්දා මොනව දාලා හදලද කියල, පුදුම රසක්නෙ. හැරත් රෝස්ට් චිකන් එකත් එක්ක ටොපේ ටොප්. මං හිතන්නෙ ඒ බාස්මති හාලෙ බත තම්බල තියෙන්නෙ චිකන් ස්ටොක් වලින්. එහෙම තම්බලා.. ඒකට ලූණු, කරාබු නැටි, එනසාල්, කුරුඳු වගේ අඩුම කුඩුමත් තොගයක්ම දාලා. මොන මොනවහරි මැදපෙරදිග වගේ කුළුබඩු ටිකකුත් දාලා තමයි ඉදවල තියෙන්නෙ.

ඒකත් අවුලක් නෑ. බත එහෙම ඉදෙද්දි තඩි කුකුළෙකුත් හතරට පලල ඒකටම මික්ස් කරල කිව්වාම, කොහොමද? හිතා ගන්න පුළුවන්නේ රස!

ඊටත්, එච්චර රස බතක්..

මීකිරි සම්බෝලෙ එක්ක කද්දි නම් හුරු පුරුදුයි කිව්වහැකි.

ජෑම් එක්ක?

කිරි කජු වගේ යාළු, කිරි කජු වගේ.

සත්තයි මම පළවෙනි පාරට ජෑම් එක්ක බත් කෑවෙ. හැබැයි ඒ වගේම තමයි, ආයෙත් ඒ ජාතියෙන් බතක් හම්බවුණොත්.. ජෑම්ම තමයි.

ම්.. ඔය විදියට ඉතින් අපි 10, 12 දෙනෙක්ට වැඩිය කෑවා කෑමක්.. බඩකට පිරිල ඉතිරිලා ගිහින්, රසනහර ඉලිප්පෙන ගානට. කාලා ‘හුම්..’ කියාගන්න බැරි තැන මම.. 

“ඒ.. මේවා කොහෙන්ද ගේන්නෙ? මේවයෙ නම මොනවද? මේවයෙ ගාණ කීයද?”

“ආ.. මේවද? මේවා ගේන්නෙ පර්සියන් කෝව් එකෙන්. ගෙදරක. එයාලගෙ කඩයක් නෑ. කෝල් කරල ඕඩර් කරන්න ඕන. නොම්මරේ උඩට ගියාම දෙන්නං. ආයෙ මුකුත් අහන්න එපා..

ආහ්, මේකෙ නම ‘මක්ලූබා’. ගාණ රු. 5000. 

හුම්...”

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment