Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Philling Station

271 Old Kottawa Road, Embuldeniya


A fantastic option for Philippine-style BBQ.



පිටින් අරගෙන ගිහිල්ල, පංකාදු බයිට්, ඩයට් ටිකක් එක්ක හොඳ අඩියක් ගසන්න කියාපු තැන..

තියෙන්නෙ ඇඹුල්දෙණිය හන්දියට ඔහොම මෙහෙම හොඳේ!

ෆුල් ඔ්පන්..

ලස්සන, පැලට් මේස බංකු ටිකක් දාලා හදපු මේ ප්ලේස් එකේ.. සියළු වැඩකිඩ රන් කරගෙන යන්නෙ පිලිපීන් ජාතික කට්ටියක්. කොටින්ම කියතොත් සර්විස් එකේ ඉඳන් ඉවුම් පිහුම්, කැෂියර් වැඩේ වෙනකම්ම.. ඒ විතරක් නෙවෙයි, එතන කෑම සියල්ලම හැදෙන්නෙත් පිලිපීන් රෙසිපි වලටලුනෙ. ඉතින්.. කෑමට කෙසේ වෙතත් ඒවා, බයිට් එකට නම් කියාපුම!

කොහොමහරි ඔන්න අපි අදාළ තැනට ගොඩවෙද්දි ඊයෙ හවස 6.30ට විතර ඇති. ගිහිල්ල කරල හිටං ඒ අනික් පැත්තටම වාඩිවෙලා.. ලොකු දෙයක් කරන්න හම්බවුනෙත් නෑ. මොකද වාඩිවෙන අනික් පැත්තටම පිලිපීන් ගෑණු ළමයෙක් මෙනුවත් අරගෙන අපේ ලඟනෙ. ඊටත්.. මෙනුව හම්බවුනේ විශ්විගෙ අතට. ඉතින් එයා ඒක අරගෙන පොඩ්ඩක් බලලා කරලා, කලින් කතාවෙච්ච විදියටම දැම්මා ඔ්ඩරේ..

‘පිලිපීන් මික්ස් ග්‍රිල්’ එකක් (රු. 3500).

දාලා ඔන්න ගෙනිච්ච දේවල්වල මූඩි එහෙම කඩලා බැස්සා වැඩේට. ම්.. මතකෙ හැටියට විනාඩි 15, 20ක් විතර යන්න ඇති. හැබැයි දෙවනි වටේ යන්න කලින්..

බොලේ තඩි පිඟන් 3ක් මේසෙ උඩ. ඒ මදිවට තව දීසියකුත්…

එකක යාළු තනිකර පෝර්ක් පුරවලා. පෝර්ක් චොප්ස්, කෙබාබ් සහ සොසේජස්. අනිත් එකේ චිකන්. ලෙග්ස්, සොසේජස් සහ වින්ග්ස්. තව පිඟානක් තිබ්බ තනිකරම ගාලික් බ්‍රෙඩ්. අර දීසියේ.. බැටර් කරපු මෂ්රූම්.

ආයෙ ඉතින් පටන් ගන්නෙ කොහෙන්ද කියල හිතාගන්න බැරිවුනා යාළු ඒ පාර. අන්ත අසරණයි හොඳේ. කොහොමහරි වෙලාවට දිනේෂ් බැස්සෙ පෝර්ක් පැත්තෙන්. ඊට පස්සෙ තමයි මාත් කල්පනා කරලා ඒ පැත්තෙන්ම ඇල්ලුවෙ. 

පලවෙනි කට, පෝර්ක් සොසේජ්!

හොඳ මහත සොසේජ් එක කර නොවෙන්න ග්‍රිල් කරලා. වැඩේ තියෙන්නෙ ඒක නෙවෙයි, ඒකෙ රසනෙ. කිරි අප්පේ.. මොනව දාලා සීසනින්ග් කරලද මන්දා පුදුම රසක්. විශේෂයෙන්ම සුදුළූණු රස ටොප් එකටම. ඒකයි ඉඟුරු රසත් ලාවට. මදි නොකියන්න ගම්මිරිස් සැරත් තිබ්බා. හිතන්නකො ඒ ඔක්කොමත් එක්ක එයාලගෙම සෝස් රස කීපයකුත් ගැලපිලා එද්දි..

එහෙ බලලා මෙහෙ බලද්දි සොසේජ් 2 ඉවරයි.

ඊට පස්සෙ චොප් එක.. 

ආයෙ, කතා නෑ.. කෙටියෙන්ම කිව්වහැකි නොම්මර එකයි ආ.. නොම්මර එකයි. මස හොඳට දුමෙන් පදම් වෙලා, සීසන් කරපු සුදුළූණු, ඉඟුරු, ගම්මිරිස් රසවල් ටික තිතටම ඉස්මතු වෙලා..

හප්පේ..

ම්.. කෙබාබ් එකත් ටොප්. හැබැයි තෙල් කෑලි 2, 3ක් තිබ්බා. වැඩේ වුනේ කෙබාබ් එකේ පෝර්ක් කෑලිවල රස ටිකක් වෙනස්. ඒවයෙ ඒ හැටි ගම්මිරිස්, සුදුළූණු රස නෑ.. මොනවදෝ සෝස් රසක් එක්ක දුමෙන් පදමට තැම්බුණු මසේ රස තමයි..

ඒකට චිකන් වින්ග්ස් සහ ලෙග්ස්..

මට නම් හොඳටම සෙට්. මොකද ඒකෙත් අර ගම්මිරිස් සැර හොඳහැටි උඩ එන්න.. ඒ සැරත් එක්ක මොනවදෝ සෝස් ජාතියක ලා පැණි රසකුත් තියෙන්න.. මසේ තියෙන තෙල් ටික දුමෙන් පදම් වෙලා ගාණට බහින්න.. හදලා තිබ්බා..

බයිට් එකට නම් යාළු ආයෙ බලන්න දෙයක් නෑ ගත්තා කෑවා. ඒ චිකන් සොසේජ් එකත් එහෙමයි, ඔව්..!

ඔක්කොමත් හරි ඔය අතරට..

එක කෑල්ලයි කෑවෙ ගාලික් බ්‍රෙඩ් එකේ. ඊට පස්සෙ නිකම් දිගටම ඔ්න වගේ. මල් හතේ හතයි යාළු ඒක. කෙලින්ම ආයෙ ලෝස් නැතුව සුදුළූණු දාලා.. බටර් එක්ක පොඩ්ඩක් ටෝස්ට් කරලා. කනකොට සුවඳයි, රසයි..

හැබැයි ඒකට තියෙන්නත් ඔ්න එයාලම හදන පෙපර් සෝස් එකත්..

අන්තිමටම, මෂ්රූම් ස්නැක් එක.

ඒකට දෙන්න තරු නෑ හොඳද. කිව්වට විශ්වාස කරන්න බැටර් එකට දාලා.. සුදුළූණු, කරපිංචා තව මොනවහරි පොඩි සපයිස් ජාතියක්..

ඊට පස්සෙ හොඳ ඝනට තියෙන්න දවටලා එක පොඩි පොඩි හතු කෑලිවල, ගැඹුරුතෙලේ බැදලා..

මං හිතන්නෙ මේසෙට ආපු සියල්ල අතරින්.. එක ගන්නෙ ඒකද කොහෙද?


TIP

Try Mix Grill

Address

271 Old Kottawa Road, Embuldeniya

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Western

Price Range

More than Rs.1500

Dish Types

BBQ Pork Chicken

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
5
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment