Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Pho Vietnam

71 Rosmead Pl, Colombo

Pho serves up simple and healthy Vietnamese food.

වියට්නාමය කිව්වම අපි ගොඩක් දෙනකුට එක පාරට ම මතක්වෙන්නෙ වියට්කොන් ගරිල්ලන් සහ එයාලා ඇමරිකන් හමුදාවත් එක්ක කරපු යුද්ධය ගැන. මේ දවස්වල ලංකාවේ පත්තරවල වියට්නාම් යුද්ධය ගැන තියෙන තරම් විස්තර වියට්නාමේ පත්තරවලවත් නැතුව ඇති.

වියට්නාමේ නම් දැන් ඒ අතීතය පහුකරලා ගොඩක් ඉස්සරට ගිහින්. වියට්නාම් කෑම ලෝකය පුරා ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නෙ අඩුවෙන් තෙල් පාවිචිකරලා හදන ලෝකයේ තියෙන සෞඛ්‍යසම්පන්න ම කෑම වර්ග හැටියට.

චීන, මැලේ කෑම කඩ හැමතැන ම තිබුණත් වියට්නාම් කෑම කන්න පුළුවන් කොළඹ පැත්තෙ අඩුයි. ඒත් තිඹිරිගස්යායෙ තියෙන 'ෆාහ් වියට්නාම්' එකට ගියොත් නම් ඔරිජිනල් වියට්නාම් කෑම කන්න පුළුවන්. ගාණත් නරක ම නෑ.

තැන

තිඹිරිගස්යාය හංදියෙන් ජාවත්ත පැත්තට යන පාරේ තමයි ෆාහ් වියට්නාම් එක තියෙන්නේ. කැලරි කවුන්ටර් එකට එහා පැත්තෙ, පාරෙන් පොඞ්ඩක් ඇතුලට වෙන් තියෙන තට්ටු තුනේ බිල්ඩිමක්.

සේර (ලෙමන් ග‍්‍රාස්) සුවඳ එයා ෆෙෂ්නර් එකත්,  බිත්තියේ ගහලා තියෙන කෙසෙල් කොළ වගේ චිත‍්‍රයත් නිසා පොඩි වියට්නාම් ගතියක් ඇතුල් වෙද්දිම දැනෙනවා. වාඩිවෙන්න තියෙන චූටි ලී මේසයි පුටුයි දැක්කම මගේ යාළුවට මතක් වුණේ ඉස්කෝලෙ තියෙන ඩෙස් පුටු.

වේටර් මල්ලිට මෙනු එකේ තියෙන දේවල් ගැන එච්චර තේරුමක් තිබුණෙ නැති නිසා අපි මුලින් ම ‘බෝ ක්‍යුන් ලා ලොට්’, ඒ කියන්නෙ බුලත් කොළවල ඔතපු බීෆ් රෝල් එකක්  ඕඩර් කළා.

ඊට පස්සෙ මම ගත්තෙ ‘චා කා හා නොයි’, ඒ කියන්නෙ පෑන් ෆ‍්‍රයිඩ් මාළුත් එක්ක රයිස් වර්මිචෙලි නූඩ්ල්ස්. කකුළුවො කන්න පෙරේත මගේ යාළුවා ගත්තෙ ‘මීන් සවු කූ’ එකක්: ග්ලාස් නූඩ්ල්ස් එක්ක කකුළුවො. අනිත් යාළුවා ගත්තේ ‘බුන් නෙම්’, ඒ කියන්නෙ වියට්නාම් ක‍්‍රිස්පි ස්ප‍්‍රින් රෝල් එක්ක රයිස් වර්මිචෙලි නූඩ්ල්ස්.

කෑම

බුලත් කොලේ ඔතපු බීෆ් එක මේසෙට ආපු ගමනේ අපේ බීෆ් කන්නැති යාළුවා කීවේ ‘‘අපෝ. ඒකෙ හැටි’’ කියලා. පෙනුමෙන් ටිකක් අවුල් වගේ වුණාට කාලා බැලූවම තමයි තේරුණේ මේකේ රස: අඹරපු බීෆ් එක හරිම සොෆ්ට්. මේකත් එක්ක ගාගෙන කන්න දෙන වයින් විනගර්වලින් හදපු සෝස් එකේ ඇඹුල් රසත් එක්ක එකතුවුණාම මාර ම ගති.

මෙයාලගේ නූඩ්ල්ස් එක සාමාන්‍යයෙන් කන්න තියෙන්නෙ චොප්ස්ටික්වලින්. ඒත් මං වගේ චොප්ස්ටික්වලින් කාලා පුරුදු නැති අයට ඕන නම් ගෑරුප්පුවෙන් කන්නත් පුළුවන්. (චොප්ස්ටික් වලින් කන විදිය ඉගෙනගන්න  ඕන නම් මේක බලන්න. මුලින් ටිකක් අමාරු වුණත් පුරුදු වුණාම ගාණක් නෑ)

මගේ මාළු නූඩ්ල්ස් එකයි, යාළුවා  ඕඩර් කරපු ස්ප‍්‍රිං රෝල්ස් නූඩ්ල්ස් එකයි දෙක දෙක ම එන්නෙ ලොකු දීසි දෙකක. මාළු නූඩ්ල්ස් එකට මම ආසයි. නූඩ්ල්ස් එක එන්නේ පොඩි හොද්දක් වගේ එකක් එක්ක. ඒකට හීනියට කපපු කැරට්, ඇඹරැල්ලා, රටකජු එහෙමත් කලවම් කරලා. නූඩ්ල්ස් වැහෙන්න උඩින් දාලා තියෙන අමු කොත්තමල්ලි කොළයි මින්චි කොළයි නිසා තවත් රසයි.

ස්ප‍්‍රිං රෝල්ස් නූඩ්ල්ස් එකෙත් පෙනුම නම් සෑහෙන දුරට මාළු නූඩ්ල්ස් එකේ වගේ ම තමයි. ඒත් ඒකේ නූඩ්ල්ස් එකට අර වගේ හොද්දක් එන්නෙ නෑති නිසා ටිකක් කන්න අමාරුයි. ස්ප‍්‍රිං රෝල් නම් රසයි. ඒත් හොදි වගේ මොනවහරි නැතුව නිකම්ම නූඩ්ල්ස් ස්ප‍්‍රිං රෝල් එක්ක කන්න අමාරුයි. මේ නූඩ්ල්ස් දෙකටමත් අර වයින් විනගර් සෝස් එක දෙනවා. මේකට ඒක දාගත්තම නම් ටිකක් ෂේප්.

කකුලූවෝ එක්ක ග්ලාස් නූඩ්ල්ස් එක නම් එන්නෙ පිඟානක. ටිකක් ප‍්‍රයිඩ් නූඩ්ල්ස්වලට කිට්ටු රසක් තමයි තියෙන්නෙ. කකුළු මස් රසත් හොඳට තියෙනවා. ඒත් ලංකාවේ කකුළු කරිය වගේ ගොඩක් සැර නම් නෑ.

අපි ගිය වෙලාවෙ නම් කඩේ අයිති වියට්නාම් කෙල්ලත් හිටියා. එයා එන අයත් එක්ක හරි ම සුහදයි. කතාකරල බලනවා කෑම කොහොමද, එයාලා කැමතිද  කියලා. අපි ෆෝටෝ ගන්නව දැක්කම එයා ඇහුවා ‘‘අයියෝ ඇයි, මොනව හරි කෑමවල අවුලක් තියෙන නිසාද ෆොටෝ ගන්නෙ?’’ කියලා. හොඳ වෙලාවට මගේ යාළුවා වැඩේ ෂේප් කළා, අපි කෑමවලට ආසා නිසා ෆේස්බුක් එකේ දාන්නයි ගන්නෙ කියල.

අවසාන වශයෙන්

නිවාඩු පාඩුවේ පවුලේ අය, නැත්නම් යාළුවෝ එක්ක රෑ කෑමකට (දවල් කෑමකට වුණත්) යන්න හොඳ තැනක්. මෙතන 'ෆාහ් සුප්' එකත් රසයි කියල ගොඩක් අය කියනවා. 'ෆාහ් වියට්නාම්' කියන නම දාලා තියෙන්නෙත් ඒ සුප් එක නිසානේ. අපි කාල බලපු ඒවයින් නම් මම ආස ම මාළු නූඩ්ල්ස් එකටයි බුලත් කොලේ ඔතපු බීෆ් එකටයි තමයි.

TIP

There is parking for about three vehicles inside.

Address

71 Rosmead Pl, Colombo

Contacts

Facebook Twitter

Report Inaccuracy

Open 10 to 11 PM, Closed On Mondays

Price Range

Between Rs. 1000 - Rs. 1500

Cuisine

Vietnamese

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
B
2

1/5

0

bam_boo_sten

If there was a spice called ‘zero taste’ this place has an exclusive on it. Every dish we tried was bland and boring…and limp. The dishes are apparently having an identity crises as they felt like a poor mix of the most simple Asian dishes from the region. Is it Thai? Indonesian? Malay?! Oh yeah there’s no taste to it so it’s impossible to tell. Classifying this as Vietnamese though is a gross stretch of the imagination, or it could qualify as false advertising. If you really enjoy Vietnamese food, don’t disappoint yourself with a visit here.

D
3

5/5

0

Duminda

Absolutely love this place.

G
9

4/5

1

GayanP

It's just like eating street food in Vietnam. Even the tattered menus look just the same. The choice is limited and communicating with the Vietnamese staff is a challenge. The food arrives very fast and as and when each dish is ready.

They don't serve alcohol but you can bring in your own bottles corkage free. However as communication is an issue, once the order is placed they bring it on straight away even though you have asked for a 20 minute delay to sip the drinks.

I suppose the only place in Colombo for Vietnamese coffee. The coffee is not as strong as in Vietnam but its still Robusta coffee and the flavour is distinct.

This restaurant is quite inconspicuous and we discovered it only when we came in search of the so called Moroccan restaurant Tajine which is located above this restaurant. Tajine was abandoned; no diners and no waiters. The owner had locked himself up with a cat in the front room. He was more keen about us shutting the door than welcoming us. So we came downstairs and discovered this place.

See the photos for their offerings and prices

See 27 Comments