Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Pickle Food

No. 15 Railway Ave, Nugegoda

Get it delivered on Pickme Food

A small rice and curry spot down Railway Ave in Nugegoda.



පිකල් ෆුඩ් කියන්නෙ නුගේගොඩ රේල්වේ ඇවනිව් එකේ තියන බත් කඩයක්. රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස් වගේම ෆෘට් ජූස් වගේ දේවලුත් තියන ලස්සන පොඩි තැනක් කියලයි අහන්න ලැබුණේ. යමු ඔෆිස් එකේ ඉඳන් පයින් යන දුර නේ. ඉතිං අපි ගියා හොයාගෙන.

රයිස් ඇන්ඩ් කරි

මේගොල්ලො ගාව තියනව පෝක්, ෆිෂ් හෝ චිකන් එක්ක රයිස් ඇන්ඩ් කරි සහ ෆ්‍රයිඩ් රයිස්. සිකුරාදට නම් ෆ්‍රයිඩේ ස්පෙෂල් ගී රයිස් එකකුත් තියනව ලු. අපි ගියේ සඳුදාවක හින්ද මුලින් ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එකක් (රු. 180) ඕඩර් කරපු අපි, දෙවැනි චොයිස් එක විදිහට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් (රු. 270) ඕඩර් කළා.

ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එකට සුදු බතුයි මාළුයි එක්ක අපි ගත්ත කරීස් තමයි බීට්රූට්, පරිප්පු, කෙසෙල්මුව, වැටකොළු, පිපිඤ‍්ඤා සම්බෝල. ඊට අමතරව බෝංචි, වට්ටක්කා වගේ කරීසුත් මෙතන තිබුණා.

නියම ලංකාවෙ බත් පිඟානක් කියල හිත පුරෝගෙන ඔන්න අපි කන්න පටන්ගත්තා. කෙසෙල්මුව එකේ පෙනුම වගේම රහත් පංකාදුයි. පරිප්පු නං අපි හැමදාම කනව නේ! වැටකොළු කරියත් කහ පාටින් කොළ පාටින් ලස්සන වෙලා කිරි රසට තිබුණා. බීට්රූට් එක ගාණට තැම්බිලා ලස්සනට තිබුණට මොකද ලුණු මදි වගේ. කැරට් තීරු, ලූණු, අමුමිරිස් මිශ්‍ර කරලා හදල තිබුණ පිපිඤ‍්ඤා සම්බෝලෙත් හිතපු තරම් ෆ්‍රෙෂ් ගතියක් තිබුණෙ නෑ. හැබැයි ඉතිං ශේප් එකේ කන්න පුළුවන් බත් පංගුවක් කියල කියතහැකි.

ෆ්‍රයිඩ් රයිස්

ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එකට සාපේක්ෂව චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට අපි සෑහෙන කැමතියි. කැරට් ලීක්ස් කෑලි එක්ක ලොකු චිකන් කෑලි මිශ්‍ර කරල පදමට තෙම්පරාදු කරල තිබුණ ෆ්‍රයිඩ් රයිස් එක බඩ පිරෙන්න රහට කන්න පුළුවන්. අපි ඉල්ලන්නෙත් නැතුවම ෆ්‍රයිඩ් රයිස් එකටත් පිපිඤ‍්ඤා සම්බෝල ටිකක් බෙදන්න ඒගොල්ලො කැමති වුණා.

තැන සහ සර්විස් එක

කිව්වත් වගේ මෙතන හරිම පොඩියි. එක පාර වාඩිවෙන්න ඉඩ තියෙන්නේ හය හත් දෙනෙකුට වගේ. හැබැයි එළියෙන් දැක්කම වගේම ඇතුළට ගියාමත් හරිම පිළිවෙළයි පිරිසිදුයි. ඉඩකඩ අඩු වුණත් හොඳට එළිය වුණ තැනක්. ෂෝකේස් එකක් උඩ තියපු මැටි හට්ටිවල තමයි කරීස් දාල තියෙන්නේ. මෙතන සර්විස් එකත් කෑම වගේම සාමාන්‍යයි. 

අවසාන වශයෙන්

ෆ්‍රයිඩ් රයිස් එක තරම් නැතත් රයිස් ඇන්ඩ් කරි එකත් ශේප් ඉතිං. හැබැයි මේගොල්ලො කෑමවල රස ගැන තව ටිකක් උනන්දු වුණා නම් සෑහෙන හොඳ මට්ටමකට එන්න පුළුවන් බව ෂුවර්. කොහොම වුණත් සමස්තයක් විදිහට ගත්තම පිකල් ෆුඩ් එකේ කෑම හොඳයි කියල කියන්න පුළුවන්.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment