Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

3/5

Pin Niyara

52, Thalawathugoda road, Mirihana, Kotte


A popular rice and curry spot in Pitakotte, that does some excellent rice and curry for a decent fare.



“අයියෙ, ඔතනින් දකුණට දාලාවත් බලමු.” ජුබලි කණුව පාරෙ ඉඳන් පිටකෝට්ටෙටම ඇවිල්ලත් බත් කඩයක් නැති තැන මම ඩ්‍රයිවර් අයියට කිව්ව තලවතුගොඩ පැත්තටවත් දාලා බලමු කියල. වැඩේ කියන්නෙ ඒ පාරෙත් එනවා එනවා… එක, හරි හමන් කඩයක් නෑ කියන්නකො බත් ටිකක් කන්න. ඒ මදිවට තියෙන තැනුත් වහල.

“මේක මාර මගුලක් වුණානෙ. යකෝ, බත් ටිකක් කන්න කඩයක් නැති වුණානෙ.” තලවතුගොඩ පාරෙත් බැද්දගාන පහුවෙනකම් ම ඇවිල්ල කඩයක් නැති තැන… මට මාර මළ. ඊටත් වඩා මම එක්කගෙන ආපු ලමිදුයි, විශ්වියිත් නිකම් අමුතු බැල්මට් එකක් දාන්න ගත්තනෙ. කරන්න දෙයක් නැතිම වුණොත් කිඹුලාවල ‘රසැඹුලට’ හරි එක්කගෙන යනව කියල හිත හදාගෙන, කට පියාගත්ත මම… එක පාරටම නින්දෙන් ඇහැරුනා වගේ හැසිරුනේ ඊට මීටර 50ක් විතර ඉස්සරහින් පේන්න ගත්ත පොල් අතු ටිකක් නිසා.

“ඔන්න අයියෙ ඉස්සරහ ඉස්සරහ, වම් පැත්තෙ. හම්මෝ.. නවත්තන්න නවත්තන්න.” මට නිකම් ඉහේ මලක් පිපුණා වගේ. අඩියට දෙකට වාහනෙන් බැහැපු මම සෙනික කඩේ ඇතුලෙ.

“හුටා.. මාර සෙනඟක්නෙ ඉන්නෙ!” කොටින්ම කියනව නම් වළං ටිකේ තියෙන්නෙ මොනවද කියලවත් පේන්නෙ නෑ. ‘විනය තකන්න ගියොත් පුතේ අද කන්න වෙන්නෙ නෑ’ කියල හිතපු මම හෙමින් සැරේ අස්සෙන් අස්සෙන් කිට්ටු කළා කෑම බෙදන තැනට.

ෂැහ්! පෝර්කුත් තියෙනව කියන්නකො. “අද නම් දෙසනව නසරාණි වෙන්න.” පටස් ගාලා ඔළුව උස්සල බලල විශ්විට ඉඟියක් දුන්න මම, ඈත තියාම කිව්ව පෝර්ක් කෑම 1යි (රු. 200) චිකන් කෑම 1යි (රු. 180), ඉස්සො කෑම 1කටයි (රු. 180) බිලක් දාගෙන එන්න කියල. ඒ කියල ඉතින් විනාඩි 10ක් විතර පෝලිමේ... වැඩේ කියන්නෙ පෝලිමේ හිටියටත් පාඩුයි කියන්නකො, බිල ඇවිල්ල විනාඩි 5ක් ගියේ නෑ බත් ඉවරයි!

මට නේද…

අන්තිමට කඩේට ගොඩවෙලා පැය බාගෙකටත් වැඩියි අපේ කෑම ටික මේසෙට එන්න. ඊටත් උණු උණුවෙන් ආවට මොකද බැලූ බැල්ටම නෑනෙ කිසි ගතියක්. කමක් නෑ, ඔන්න ඔහෙ ගත්ත එකනෙ, කනවා.. කියල, මම පටන් ගත්ත පෝර්ක කෑල්ලකින්ම වැඩේ.

චැහ්! ඒ මොකක්ද අප්ප ඒ. පෝර්ක්වල හරි අමුතු රසක්. මට හිතෙන්නෙ මොකක් හරි රස කාරකයක් දාන්න ගිහින් අවුල් කරගෙන වගේ. එහෙම නැත්නම් ෆීස් කරපු පෝර්ක් වෙන්න ඕන. මොකද ඒකෙ කිසිම පෝර්ක් රසක් නෑ. ඒකත් ඉවසන්න තිබ්බ අඩුම තරමෙ මිරිස්, තුනපහ රසක්වත් තිබ්බ නම්. එහෙමත් නෑ කියන්නකො. අනික හොද්දෙ තියෙන තුනපහ ටික මස් කෑලිවලට අල්ලන්න තරම්වත් ලිපේ තියල නෑ. හදිස්සියට බාලා. අපරාදෙ ඉතින්..

පෝර්ක් එක එහෙම වුණාට හැබැයි චිකන් එක එහෙම නෑ. චිකන් කෑල්ලට හොඳ හැටි මිරිස් තුනපහ අල්ලල, හොද්දත් ටිකක් ඝනට, රස පදමට තියෙනව. ඒ වගේම තමයි චිකන් කෑල්ලෙ සයිස් එකත්.. නරකම නෑ. අනික චිකන් හොදියි පරිප්පුවයි එකතු වුණාම රස ඩබල් ත්‍රිබල්නෙ. මොකද පරිප්පු එකටත් නියම ගාණට කිරි දාලානෙ බාගෙට හිඳෙන්න හදල තිබ්බෙ.

ඔක්කොමත් හරි අඹ ව්‍යංජනය... ටොපේ ටොප් ආ..! නියම පදමට, පැණිරසයි ඇඹුල් රසයි. මිරිස් තුනපහත් මදි නොකියන්න. බත්වලට විතරක් නෙවෙයි පාන්, රෝස් පාන් වගේ දෙයක් කන්න වුණත් කියාපු. ඒ වගේම තමයි මෙයාලගෙ කංකුං තෙල් දැමුමත්. තෙල් ටිකක් අඩුවෙන්න, ලුණු ගම්මිරිස් ගාණට තියෙන්න.. එතකොට කංකුං එහෙමත් ගොඩක් මැලවෙන්නෙ නැති වෙන්න, කොළ පාටට හදලා. ෆ්‍රෙෂ් ගතියට තලු මර මර කන්න පුළුවන්.

ආයෙ බෝංචි එකයි ඉස්සො එකයිත් එලෙසමයි. හොඳ හැටි කිරි දාලා තිබුනට බෝංචි ගොඩක් තැම්බෙන්න තියලා නෑ. ඒ නිසා ෆ්‍රෙෂ් රස හොඳ හැටියට. සුදු බතට වගේ නම් නැගලම යනවා. අනික ඔය ඔක්කොමත් එක්ක බැදපු මිරිස්, පපඩම් එහෙමත් තියෙනවනෙ.

අමතර කටගැස්මකට කියල අපි ගත්ත බැදපු මාළු කෑල්ල (රු. 50) පංකාදු පහයි. කූරියා 3ට කපපු ලොකු කෑල්ලක් තමයි ගැඹුරු තෙලේ බැදල උණු උණුවට මේසෙට ආවෙ. ඊටත් ඒකෙ විශේෂත්වය කියන්නෙ මාළු කෑල්ලෙ ඇතුල කර කුට්ටං නොවෙන්න හොඳ ෆ්‍රෙෂ් ගතියට බැදිලා තිබ්බ එකනෙ.

කොහොම හරි ඉතින් 3 දෙනාම පිං නියරෙන්, බඩ පැලෙන්න කෑවා. එකම අවුල තිබ්බෙ අපි ආසම ‘පෝර්ක්’, රහට තිබ්බ නැති එක තමයි.

“මොනව කරන්නද, නේ මල්ලි”

මූණ නිකම් පොල්බෑමූණ වගේ කරගෙන ඉඳපු ලමිදුවත් අරගෙන මම කඩෙන් එළියට බැස්සෙ, ඒකගෙ මූඩ් ෆික්ස් කරන්න, කේක් කෑලි 2ක්වත් ගේන්න කියල විශ්විව ආයෙ කවුණ්ටරේ පැත්තට යවලා. හැරත් ඒ වෙද්දි වාහනෙත් ඇවිල්ලනෙ තිබුනෙ ඉතින්...


TIP

Try Prawns!

Artwork for Frimi Shoutout banner
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment