Artwork for Sampath Top - June

3/5

Pink Lotus Restaurant

746/2 Kaduwela Road, Thalahena, Malabe


Pink Lotus Restaurant is one of the most popular family restaurants in Malabe area. They've got some okay Chinese food with a Sri Lankan twist.



වේගයෙන් ම දියුණු වෙන ලංකාවේ සබර්බ් ඒරියා ගැන කතා කළොත්, අනිවාර්යෙන් ම මතක් කරන්න ඕනේ පැත්තක් තමයි මාලබේ නගරය. වෙන අනං මනං ඕනේ නෑ, පහුගිය අවුරුද්ද දෙක ඇතුළත මේ පැත්තේ හැදුණු රෙස්ටෝරන්ට් ටික ම ඒකට සාක්කි. අන්න ඒ අතරේ තියෙන තවත් රෙස්ටෝරන්ට් එකක් තමයි “පින්ක් ලෝටස්”.

තැන

පින්ක් ලෝටස් රෙස්ටෝරන්ට් එක තියෙන්නේ මාලබේ හන්දිය පහු කරගෙන බත්තරමුල්ලට පැත්තට එද්දී. මාලබේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා මෙතැනට කිලෝමීටරයක්වත් නැහැ. තට්ටු දෙකකට හදලා තියෙන මේ රෙස්ටෝරන්ට් එකේ පහළ තට්ටුව වෙන්කරලා තියෙන්නේ සෙට් මෙනුවලට. උඩ තට්ටුවේ තමයි මෙනුවකට අනූව කෑම ගන්න පුළුවන්.

කොහොමින් කොහොමහරි අපි මෙතැනට ගොඩ වුණු දවසේ වැඩි සෙනඟක් හිටියේ නැහැ. ඉඳපු දෙතුන්දෙනාත් හිටියේ පහළ තට්ටුවේ. ඒ නිසා වැඩි කලබල ගතියක් පේන්න තිබුණේ නැහැ. මේකේ ඉඩකඩ නම් බොහොමයි. පිළිවෙළට අහුරපු සුව පහසු පුටු මේස ටිකයි, ලා දුඹුරු පාට බිත්ති ටිකෙනුයි, වෝල් ඩෙකරේෂන්වලිනුයි මෙතැන ඉන්ටීරියර් එක හැඩ වෙලා තියෙනවා.

කෑම බීම

මේ කට්ටියගේ මෙනුවේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලංකාවේ ට්විස්ට් එකකට හැදෙන චයිනීස් කෑම වර්ග. ඒ හැරුණා ම තායි සහ ඉන්දියන් කෑම කීපයකුත් දැකගන්න ලැබුණා. බීම වර්ග විදියට තියෙන්නේ කෝක්, ස්ප්‍රයිට් වගේ ජාති.

අපි කෑමට ඕඩර් කළේ “ලෝටස් ස්පෙෂල් මික්ස් රයිස්” (රු.755) එකකුයි, “තායි ග්‍රීන් කරි පෝර්ක්” (රු.785) එකකුත් එක්ක “හොට් බටර් කට්ල්ෆිෂ්” (රු.755) එකක්. බීමට කොකාකෝලා එකක් ගත්තා. ගොඩක් චයිනීස් රෙස්ටෝරන්ට්වල වගේ මෙයාලගෙත් ස්මෝල් පෝෂන් එක දෙන්නෙක්ට බෙදාගන්න ඇති. ඕනේ නම් තව දෙතුන්සීයක් දුන්නම මේවයේ ලාජ් පෝෂන් එක ගන්නත් ඇහැකි.

මේ කට්ටියගේ ස්පෙෂල් මික්ස් රයිස් එක චිකන් සහ පෝර්ක් දාලා හැදෙන කහබතක්. හැබැයි වැඩියෙන් ම තිබුණේ චිකන්. පෝර්ක් කෑලි චුට්ටකුත් එහෙන් මෙහෙන් තිබුණා. බෙල් පෙපර්, ලූණු කොළ එහෙමත් යහමින් එක්කාසු කරලා. හැබැයි මේ බත් එකේ තෙල් ගතිය පොඩ්ඩක් විතර වැඩියි. මොනවා වුණත් ඔය සුප් කැට, අජිනෝමොටෝ වගේ ජාති දාලා නොතිබුණු එක නම් සෑහෙන්න ලොකු දෙයක්.

හොට් බටර් කට්ල්ෆිෂ් එක හරි ම ක්‍රන්චි. එවෙලේම හදපු එකක් බව හොඳින් ම තේරුණා. ඒත් අවුල කියන්නේ මේකේ ලුණු වැඩියි. ඒ නිසා පොඩ්ඩක් කන්න අමාරුයි.

තායි ග්‍රීන් කරි පෝර්ක් එක නම් නැගල ම ගියා. මාර ම සිරා මේක. අමු මිරිස් සහ නයි මිරිස්වලින් හදපු මේකේ සෝස් එක පංකාදු පහයි. හොඳ ස්පයිසි. අනික තෙල් කෑලි තිබුණේ හරි ම අඩුවෙන්.

ඩෙසර්ට් එකට අපි ගත්තේ වටලප්පන් (රු.250) කෑල්ලක්. තඩි වටලප්පන් කෑල්ලක් මේසෙට එනවා දුරට දකිද්දී ම අපේ තොල කටවල් ලෙව කැවිලා ඉවරයි. අනේ වැඩේ කියන්නේ මේක හෙන ම ස්වීට්. මොකක්දෝ අමුතු ටොෆී රසක් තිබුණා. මං හිතන්නේ මොකක් හරි ෂුගර් සිරප් එකක් දාලා හදන එකක්දෝ කොහේද.

සර්විස් එක

ෂහ්! අපරාදේ කියන්න බෑ මෙතැන ඉන්න මැනේජර් මහත්මයාගේ සපෝර්ට් එක නියමයි. ඉක්ඉක්මණින් අපේ කෑම ටික ලෑස්ති කරලා දුන්නා විතරක් නෙවෙයි, කෑම බීම ගැන රෙකමදාරුත් දුන්නා. හරි ම ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් ලැබුණු බව අමතක නොකර ම කියන්න ඕනේ.

අවසාන වශයෙන්

අපට දැනගන්න ලැබුණු විදියට පින්ක් ලෝටස් එකේ උඩ තට්ටුව පොඩිපොඩි පාටිවලට එහෙමත් බුක් වෙනවලු. අපි ගිය දවසට කලින් දවසේ තිබුණු පාටියක් ගැනත් අපට මැනේජර් මහත්මයාගෙන් දැනගන්න ලැබුණා.

අර පහුගිය දවසක අපි ගිය ලොබ්ස්ටර් චයිනීස් රෙස්ටෝරන්ට් එකත් එක්ක සංසන්දනය කරලා බැලුවම, පින්ක් ලෝටස් එකේ කෑම තව පොඩ්ඩක් දියුණු වෙන්න ඕනේ කියලයි අපේ අදහස. ඒත් මේ පැත්තෙන් යන වෙලාවක චයිනීස් කෑම බඩගින්නක් ආවොත්, නිකමට වගේ ගොඩ වෙලා බලන්නකෝ. මතක ඇතුව අර තායි ග්‍රීන් කරි පෝර්ක් එක ගන්න හොඳේ. ඒක පට්ට.


TIP

Thai Green Pork curry is the bomb!

Artwork for Sampath Content Sep generic

Address

746/2 Kaduwela Road, Thalahena, Malabe

Directions

It's near the Power World gym at Malabe.

Contacts

Facebook

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment