Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Pink Platter

66B/11/A, Windsor Park, Sri Maha Vihara Rd, Kalubowila, Dehiwala


Cakes, bakes, savories and platters.



පින්ක් ප්ලැටර් කියන්නෙ ෂෝටීට්ස් වගේ ම බ්‍රවුනි වගේ ජාතිත් තියන බේකරියක්. මේක තියෙන්නෙ දෙහිවල. අපි ගෙන්නගත්තේ පික්මී ෆුඩ් හරහා. මේ තියෙන්නේ ඒ විස්තරේ.

කෑම

අපි ගත්තා චීස් ඇන්ඩ් පොල් සම්බල් රෝස්ට් පාන් පෝෂන් එකයි (රු. 230) චිකන් සමෝසා පෝෂන් එකයි (රු. 240) චිකන් ෂවර්මා එකයි (රු. 420) එක්ක බ්‍රවුනීස් (රු. 290).

චීස් ඇන්ඩ් පොල් සම්බල් රෝස්ට් පාන් එක හොඳට ම ෆ්‍රෙෂ්. රසට හදපු, ගාණට ලුණු ඇඹුල් සැර එහෙම දාපු පොල් සම්බෝලෙකින් පුරවලා ස්ටෆ් කරලා තිබුණට, චීස් නං දාලා තිබුණෙ ම නැති තරං. ඒත් පාන් ටික සුමුදුවට රසට තිබුණා හැබැයි.

චිකන් සමෝසා පෝෂන් එකට සමෝසා තුනක් එනවා. මේ සමෝසා පුංචි වුණාට මාර රසයි. හොඳ ක්‍රිස්පි ගතියයි. ඇතුළට දාල තිබුණ චිකන් ෆිලිං එකත් රසෙන් සෑහෙන සරුයි. 

ෂවර්මා එක සයිස් එකෙන් ගොඩක් ලොකුයි. ගෝවා එක්ක චිකන් මික්ස් කරපු ෆිලිං එකකින් තමයි පුරවලා තිබ්බෙ. හොඳට සෝස් එහෙමත් දාලා රස කරලා. රැප් එකට තෙල් ගතියක් අල්ලලා තිබුණට මොකද රස අතින් අඩුවක් නෑ.

මේක තමයි අපිට වැඩියෙන් ම හිතට ඇල්ලුවෙ. පෝෂන් එකට බ්‍රවුනි දෙකක් ආවා. හුඟක් ඩ්‍රයිත් නැති, හුඟක් තෙතත් නැති, මොයිස්චර් එක නියම ගාණට තියෙන, රසට බේක් වුණ මරු බ්‍රවුනි එකක්. පැණි රස වැඩිත් නෑ, සයිස් එකෙනුත් ලොකුයි. 

අවසන් වශයෙන් 

උදේ කෑමකට හරි ස්නැක් එකකට හරි, එහෙමත් නැත්තං පොඩි බඩගින්නකට වුණත්, පින්ක් ප්ලැටර් එකේ කෑම මරු.

Address

66B/11/A, Windsor Park, Sri Maha Vihara Rd, Kalubowila, Dehiwala

Contacts

E-Mail Facebook Instagram

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment