Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Pinnawala Elephant Orphanage

Kegalle-Rambukkana Rd, Rambukkana


The Pinnawala Elephant Orphanage is one of the most popular excursions and tourist destinations since it's inception back in 1975. It's a rare opportunity to get up close and personal with the elephants, which makes for a memorable experience.



අලින් ට ම වෙන් වුණු නිවහනක් වෙන පින්නවල අලි අනාථාගාරය, ලංකාවට එන සංචාරකයන් බොහොමයක් ඇද බැද තබාගන්න තැනක්. කොළඹට නුදුරින් තියෙන තැනක් නිසා එක දවසෙන් ගිහින් ඇවිදින් විනෝද වෙන්න පුළුවන් තැනක් විදියටත් මේක ප්‍රසිද්ධයි. පහුගිය දවසක ඒ පළාතේ ගිය අපේ අත්දැකීම සහ අපි එක්කාසු කරගත්ත විස්තර ටිකක් තමයි මේ.

පිහිටීම

පින්නවල අලි අනාථාගාරය පිහිටලා තියෙන්නේ රඹුක්කන කරඬුපොන පාරේ. මේක අක්කර 25ක විතර පැතිරිලා තියෙන ඉදි කිරීමක්.

තමන්ගේ වාහනෙකින් කොළඹ පැත්තේ ඉඳලා එන කෙනෙක්ට නම් හයිවේ එකේ කටුනායකට ආවොත් ඉක්මනින් ම එන්න ඇහැකි. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්වල එනවා නම්, ලේසිම වැඩේ කෝච්චියෙන් එන එක. මොකද රඹුක්කන ස්ටේෂන් එකෙන් බැස්සම, එතැන ඉඳලා අලි අනාථාගාරයට තියෙන්නේ කිලෝමීටර් 3 1/2ක් වගේ දුරක්. ස්ටේෂන් එක ළඟින් ටුක් එකක නැග්ගොත් වියදම් වෙන්නේ රු.200ක් වගේ.

ඉතිහාසය

පින්නවල අලි අනාථාගාරය ආරම්භ වෙලා තියෙන්නේ 1975 අවුරුද්දේ, එවකට සත්ත්ව විෂය භාර ඇමැතිවරයා වූ කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පී. බී. ජී. කළුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධානත්වයෙන්. රැළ මඟහැරෙන අලි පැටවුන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීම, අනතුරුවලට බඳුන් වන අලි ඇතුන්ට ප්‍රතිකාර සහ රැකවරණ ලබා දීම මේ අනාථාගාරය පිහිටුවීමේ පරමාර්ථය වුණා.

මේ අනාථාගාරයට මුල පිරුණේ පුංචි අලි පැටව් පස් දෙනෙක්ගෙන්. මව්වරු අහිමි වෙලා රැළෙන් තනි වුණු මේ අලි පැටව් පස්දෙනා හැඳින්වුණේ නීලා, කදිරා, මාතලී, විජය සහ කුමාරි වශයෙන්. සාමාන්‍යයෙන් අලි පැටවෙක්ට කැලයේ තනියම ජීවත් වෙන්න නම්, තමන්ගේ මවගේ රැකවරණය යටතේ අවුරුදු 5ක්වත් ඉන්න ඕනේ. ඉතින් මේ අලි පැටව් පස් දෙනාට ඒ රැකවරණය ලැබුණේ පින්නවල අලි අනාථාගාරයෙන්.

1984 දී තමයි මුලට ම මේ අනාථාගාරයෙන් ඊළඟ පරම්පරාවේ අලි දරුවන් ඉපදෙන්න ගත්තේ. මේ වෙනකොට ඒ වගේ අලි දරුවන් 71කට අධික ප්‍රමාණයක් පින්නවල ඉපදිලා තියෙනවා. මේ අලි ටික රැක බලාගැනෙන්නේ ඇත් ගොව්වන්, පශු වෛද්‍යවරුන් ඇතුළු 181කට අධික කාර්ය මණ්ඩලයක් මඟින්.

ඔය විදියට පටන් ගැනුණ පින්නවල අලි අනාථාගාරය, අද වෙද්දී අලි 93 දෙනෙක්ගේ නිවස බවට පත්වෙලා. ඉතින් මේ පැත්තට ආවොත්, දවස පුරා මේ උදවිය කරන කියන වැඩ ටික බලා කියාගන්න පුළුවන්.

අලින්ගේ වැඩ

අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑ කියනවනේ. උදේ ඉඳලා හවස් වෙනකම් මේ අලියෝ කරන වැඩ ටික බලබල ඉද්දී දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ගත්තොත් අලි නැරඹුම් කොටස් තුනකට බෙදෙනවා. ඒ අලි පැටවුන්ට කිරි දීම, පලතුරු කැවීම සහ නෑවීම විදියට.

Image Courtsey : travelphoto.net

මව අහිමි වුණු අලි පැටවුන්ට කිරි පෙවෙන්නේ පින්නවල අනාථාගාරයේ කාර්ය මණ්ඩලයේ අයගේ අතින්. දවසකට පස් වතාවක් මේ විදියට කිරි පොවනු ලබනවා. ඒ පාන්දර 6.30, උදේ 9.15, දහවල් 1.15, පස්වරු 5.00 සහ රාත්‍රී 8.00යි. උදේ 6.30 සහ රාත්‍රී 8.00 හැරුණාම, අනිත් වෙලාවල්වල දි මේ කිරි පොවන වැඩේ බලාගන්න අපටත් පුළුවන්. ඒ සඳහා ම වෙන් වුණු ස්ථානයක් මෙතැන තියෙනවා.

අලින්ට පලතුරු කවන්න, අලි අනාථාගාරය බලන්න යන අයටත් අවස්ථාව ලැබෙනවා. සාමාන්‍යයෙන් මේක සිද්ධ වෙන්නේ උදේ 9.00 - 9.45 සහ දහවල් 12.00 - 1.45 යන කාලය ඇතුළතයි.

ඊටපස්සේ තියෙන්නේ අලි නෑවීම. උදේ 10.00 - 12.00 සහ හවස 2.00 - 4.00 කියන කාල වේලාවල් වෙන් වෙලා තියෙන්නේ මේ වැඩේට. අනාථාගාරයට නුදුරින් තියෙන මා ඔයේ තමයි මේ කට්ටිය නාන්නේ. සාමාන්‍යයෙන් නාන වෙලාව ළඟා වෙනකොට මහ සද්දෙන් සයිරන් නළාවක් නාද වෙනවා. ඒ අලි ටික අනාථාගාරයේ සිට මා ඔයට අරගෙන යන පාර දෙපැත්තේ ඉන්න නරඹන්නන් ව දැනුවත් කරන්නයි. අනික ඔය සයිරන් නාදේ ඇහුණාම, අලි ටිකත් දන්නවා නාන වෙලාව හරිය කියන එක. ඒ වෙලාවට මේ කට්ටිය හරි උද්යෝගයෙන් පෙළ ගැහෙන හැටි දැකගන්න පුළුවන්.

රැලත් එක්ක සම්බන්ධකම් නොපාන අලියන් වගේ ම, රෝගී වෙලා ඉන්න අලියන් ව නාවන්නේ වෙනම වෙලාවක. ඒ උදේ 8.30 - 9.45 සහ දහවල් 12.00 - 1.45 කියන කාල වේලාවන් ඇතුළේ.

ඔය අවස්ථා තුන හැරුණා ම, නිදහසේ කන බොන, සැරිසරන, මඩේ දඟලන සහ පොකුණෙන් වතුර නාන අලියන් ඕනෑ තරම් නරඹන්න හැකියාව තියෙනවා. ඒ සඳහා වෙන්වුණු තැන හැඳින්වෙන්නේ නිදහස් අලි අරණ නමින්.

සුවිශේෂී අලියන්

*මිගාර

මේ දවස්වල සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගෙන ඉන්න අලියන් වෙන්නේ අනුරාධා, පණ්ඩුල, මිගාර, නිල්ගල සහ වරුණ කියන අලි පැටවුන් පස් දෙනායි. කිරි බීමත් පැත්තක තියලා මඩ නාන මිගාරගේත්, ඔහුත් එක්ක සෙල්ලමට යන පණ්ඩුලගේත් දඟ වැඩ අපටත් දැකගන්න ලැබුණා.

*පණ්ඩුල 

දැනට අලි රංචුවේ නායකත්වය දරන්නේ මාතලී නමැති ඇතින්නයි. පින්නවල අලි අනාථාගාරය පටන් ගැනුනෙත් ඇය ඇතුළු තවත් අලි පස්දෙනෙක්ගෙන්. ඔය අතර ම ඉඳපු කුමාරි,  මුලින් ම පින්නවල අලි පැටියෙක් බිහි කරපු ඇතින්න බවට සඳහන් වෙනවා. ඒ විජය නම් අලියාට දාව ලැබුණු “සුකුමලී” නම් අලි පැටවායි. සුකුමලීත් දැන් පින්නවල ඉන්න අලි මවක්. 1996 අවුරුද්දේ ක්‍රිකට් ලෝක කුසලානය ජය ගැනීම නිමිත්තෙන් නම් තබපු “අර්ජුන” නම් අලි පැටවා බිහි කළෙත් කුමාරි. දැන් ජීවිතේ සැඳෑ සමය ගෙවන මාතලී සහ කුමාරි තමන් ජීවත් වෙලා ඉන්න කාලය තුළ පැටවුන් 5 දෙනා බැගින් බිහි කරලා තියෙනවා.

2009 අවුරුද්දේ අග භාගයේ ඉපදුණු අලි පැටවාට නම ලැබුණේ “දිනුදා” වශයෙන්. ඒ අවුරුදු 30ක් තිස්සේ උතුරේ තිබුණු යුද්ධය අවසන් වීමේ සතුට නිමිති කරගෙනයි. අනාථාගාරයේ ඉන්න හැම අලියෙක්ට ම මේ විදියට නමක් ලබාදෙන්නේ ඒ වගේ විශේෂ අවස්ථාවන් හෝ, ඔවුන් ව මුණගැහුණ පළාත, හැඩරුව වගේ දේවල් සැලකිල්ලට ගනිමින්.

අනෙකුත් කාරණා

අලි අනාථාගාරය නැරඹීමට දේශීය වැඩිහිටියෙක්ට වියදම් වෙන්නේ රු.100ක් වගේ මුදලක්. ඒක ඇතුළත් වීමේ දොරටුවෙන් මිලදී ගන්න ඇහැකි. පොඩි දරුවන්ට සහ, පාසල් විනෝද චාරිකාවන් සඳහා එන අයට රු.30 සහ රු.20 වශයෙන් අය වෙනවා.

හැකි තාක් තොප්පි, කුඩ එහෙම අරගෙන යන්න පුළුවන් නම් හොඳයි. මොකද අලින් ගැවසෙන ගොඩක් තැන් තියෙන්නේ ගස් කොළන් අඩු, අනාවරණිත ප්‍රදේශ විදියට. ඒ නිසා අව්ව එක එල්ලේම වැටෙනවා. ඒ වගේ ම, නියම කරලා තියෙන සීමාවන් පහුකරන්න තැත්කරන එකත් ඇඟට ගුණ නැහැ. මෙතැන ඉන්න බොහොමයක් අලි අර්ධ වශයෙන් හීලෑ වුණු අය නිසා තමන්ගේ පරිස්සම ගැන තමන් ම වගබලාගන්න ඕනනේ.

කෑම බීම සපයා ගන්න ඕනේ නම්, අලි අනාථාගාරයෙන් පිටත් පාර හරියේ ඕනෑ තරම් රෙස්ටෝරන්ට්, පෙට්ටි කඩවල් වගේ ම සුපර් මාර්කට් එකක් එහෙමත් දැකගන්න පුළුවන්. ඒ නැතත්, ගෙදරින් ගෙන කෑම කන්න ගස් වවලා හෙවන කරපු, ගල් බැංකු සවි කරලා තියෙන පොඩි පාක් එකක් වගේ කොටසක් අනාථාගාරය ඇතුළේ භූමියේ ම තියෙනවා. ඇවිදලා ඇති වෙන මහන්සිය යවාගන්නත් මෙතැන හොඳයි. මොකද ගස් කොළන්වලින් වට වෙලා තියෙන නිසා හරි ම සිසිලසක් දැනෙනවනේ.

පින්නවලට ගේන කිසිම අලියෙක්, කිසිම හේතුවක් උඩ කැලයට මුදා හරින්නේ නැහැ. මොකද මේ ඉන්න අලියන් කැලෑවට වඩා මනුෂ්‍ය ආශ්‍රයට හුරු නිසා කැලයට අනුවර්තනය වෙන්න යද්දී ගැටලු ඇති වෙන්න පුළුවන් නිසයි. අලි අනාථාගාරයක් විදියට නම් ලැබුණත්, අලි සම්පත සුරකින්න තැත් කරන තැනක් විදියටත් පින්නවල හඳුන්වන්න පුළුවන්.

Address

Kegalle-Rambukkana Rd, Rambukkana

Contacts

Report Inaccuracy

Open 8.30 AM - 6.00 PM

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
P
7

5/5

0

PrasadM

Really love this place. Need to visit again.

P
7

5/5

0

PrasadM

Really love this place. Need to visit again.

See 4 Comments