Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Pizza Napolitana (Moratuwa)

9, A2 Mendis Ln, Moratuwa


The Moratuwa branch of the Pizza Napolitana.



Pizza Napolitana එක අපේ රේඩාර් එකට වැටුණේ දැන් අවුරුදු කීපයකට උඩින්. අර වින්ටේජ් ස්ටයිල් එකට හදපු, දැක්ක ගමන් හිනා යන ජාතියේ ෆේස්බුක් පෝස්ට්වලින් තමයි අපට ඒ කට්ටියව මීටර් වුණේ. ඊටපස්සේ ඒ පැත්තේ ගිහින් ආව අපේ චතුර කිව්වේ ඒක පංකාදු පහේ පීසා ප්ලේස් එකක් කියලා. මස්, මාළු විතරක් නෙවෙයි කොච්චි එහෙමත් යහමින් දාලා දෙනවලු. 

ඉතින් ඒ කට්ටිය මොරටුවෙත් අලුතෙන් රෙස්ටෝරන්ට් දැම්මයි කියලා අපට ආරංචිය ලැබුණේ බොහොම මෑතකදී. කල් යල් බලලා, අපි මේ ගමන ගියේ දැන් සතියකට දෙකකට කලින්. ඔය සංචරණ සීමා එහෙම නැති දවස්වල. 

තැන 

මොරටුවේ මෙන්ඩිස් ලේන් එකේ තමයි මේක තියෙන්නේ. බොරලැස්ගමුවේ තියෙන අවුට්ලට් එකට වඩා ඉඩකඩ ඇතුව හදපු තැනක්. අවුට්ඩෝර් ස්ටයිල් එකේ ඩයින්-ඉන් එහෙමත් තියෙනවා. මේ දවස්වල සංචරණ සීමා දාලා නිසා ඩිලිවරි විතරයි කරන්නේ. ඒකම මදැයි නේ!

කෑම

දර පෝරණුවේ හැදෙන තින් ක්‍රස්ට් පීසා තමයි මේ කට්ටිය හදන්නේ. චිකන්, බීෆ්, පෝක්, සීෆුඩ් දාලා හදන පීසා වර්ග දහපහළොවක් මෙයාලගේ මෙනුවේ තියෙනවා. ඔය ඕනේ එකකට මදි නොකියන්න නයි මිරිස් අහුරු එකතු කරගන්නත් ඔයාලට පුළුවන්.

මේ තියෙන්නේ Meat Lovers (රු. 1750, බාගයක් රු 875) සහ Pepperoni (රු. 1600, බාගයක් රු 800) දාලා හදපු පීසා එක. පීසා එකේ ක්‍රස්ට් එක මරුවටම තිබුණා. ගොඩක් ක්‍රිස්පි. පීසා සෝස්, මොසරෙල්ලා චීස් එහෙමත් අඩුපාඩුවක් නැතිවෙන්න දාලා. 

බේකන්, හොඳට සීසනින් කරපු පෝක්, සහ ග්‍රිල්ඩ් චිකන් එක ගොඩක් රසයි. නමේ හැටියට ම ඕනේ මසක් කන කෙනෙක්ට ගැළපෙන ම පීසා එක. හොඳ ස්මොකි ගතියකුත් තිබුණා.

 Pepperoni එකෙත් කන කටක් කටක් ගානේ හැපෙන තරමට පෙපරෝනි එකතු කරලා. මේගොල්ලෝ පාවිච්චි කරන්නේ ඕස්ට්‍රේලියන් පෙපරෝනි එක. ඒ නිසා තවත් රස වැඩියි. 

මේක තනිකරම චිකන් පීසා එකක්. එක පැත්තක Grilled Chicken (රු. 1450, බාගයක් රු 725), අනිත් පැත්තේ Spicy Chicken With Herbs (රු. 1600, බාගයක් රු. 800). දෙක ම සිරා. 

Grilled Chicken සයිඩ් එකේ තිබුණේ ජාති දෙකයි - ග්‍රිල් කරපු චිකන් සහ ලූණු කොළ. ඒ වුණාට මේක රසයෙන් අනූනයි. Spicy Chicken With Herbs එකත් කිව්ව විදියට ම ස්පයිසි. අනික බ්ලැක් ඔලිව්ස්නුත් දාලානේ.

සර්විස් එක

මේ කට්ටියට ඕඩර්ස් සෑහෙන්න එනවා. ඩිලිවරි සහ ටේක්අවේ දෙකම. හැබැයි විනාඩි 30-40ක් වගේ යද්දී අපේ කෑම ටික රෙඩී. හොඳම ඔප්ෂන් එක තමයි ඕඩර් එක කලින් දීලා පස්සේ ඇවිල්ලා කලෙක්ට් කරගන්න එක. ස්ටාෆ් එකේ අයත් ගොඩක් සුහදශීලියි.

අවසාන වශයෙන්

මොරටුව පැත්තේ හොඳම පීසා තියෙන්නේ Pizza Napolitana එකේ කිව්වොත් හරියට ම හරි. ගණනුත් ගොඩක් ෂේප්. අපට දැනගන්න ලැබුණු විදියට කොට්ටාවෙත් අලුත් බ්‍රාන්ච් එකක් පටන්ගන්න කටයුතු සූදානම් වෙමින් තියෙනවලු.


Similar Places

User Reviews
See 1 Comment