Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF 200 Offer sidebar banner Artwork for PMF essentials sbb 2

4/5

PJ's Cafe

No. 10 R. A. De Mel Mawatha, Colombo 05


One fine coffeehouse experience for the most affordable price tag.



නිදහස්, හරි ලස්සන පොඩි තැනක්. විශේෂයෙන් ම එයාලගෙ අභ්‍යන්තර අලංකරණය... කියල වැඩක් නෑ යාළු. කැෆේ එකක තියෙන්න ඕන හොඳම විදියට තමයි හදල තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, සේවාව!

ෂැහ්, අපි ඇතුළට යනකොටම...

දොර ඇරලා, ‘ගුඩ් ආෆ්ටනූන්’ කියලා, මේසෙට වාඩිණඅනික් පැත්තට මෙනු දෙකත් ගෙනැල්ල තිබ්බ.

ඒත් වැඩේ කියන්නෙ, විශ්වි මට කලින් ම කියලනෙ එක්කගෙන ගියේ...

“එතන චීස් කේක් තියෙනව. හැබැයි ගාණ වැඩියි. ඒ නිසා ඒක නෑ කියල හිතාගෙන කෑම තෝරන්න කියල”

ඉතින්... ගත්ත ගමන් මම ටිෂූ එකකින් වැහුව මෙනුවෙ ‘චීස් කේක්’ ටික. වහල හෙමින් සැරේ බලලා...

ඔන්න ගැලපුව ටූනා සැන්ඩ්විච් එකක් (රු. 420). ඒකයි බොන්න අයිස් මොකා එකයි (රු. 580). ඒ අතරට විශ්විත් බලල කරල ගත්ත ෆ්‍රෙන්ච් ටෝස්ට් එකයි (රු. 450), පිකෝලෝ ලටේ එකයි (රු. 420). ඊට පස්සේ... දෙන්නගෙ ම ආසවට, බ්‍රවුණි විත් අයිස් ක්‍රීම් එකකුත් (රු. 620) ගත්ත.

ඇත්තට ම... වැඩේ පොඩ්ඩක් කොටඋඩ ගියෙත් එතනින් ම තමයි. මොකද ඉස්ඉස්සෙල්ලා ම කියල මේසෙට ආපු කෝපි දෙක හැරුනාම අපි වැඩේ පටන්ගත්තෙ බ්‍රවුණි එකෙන්.

එකෙන් කිව්වට... ඒකෙ කෑලිදෙකක් ම තිබ්බ, වැනිලා අයිස්ක්‍රීම් හැන්දක් මැදි වෙන්න. ඒකත් අවුලක් නෑ, වැඩේ කියන්නෙ බ්‍රවුණිය කඩද්දිනෙ... යාළු පට්ට හයියයි කියන්නකො ඒක. කොටින් ම කිව්වොත් මම හැන්දට දාපු බරට, බ්‍රවුණිය කැඩුනෙ උදැල්ලෙන් පස් කැඩෙනව වගේ. තඩි කුට්ටි. ඒකත් අර අයිස් ක්‍රීම් තිබ්බ නිසා ටිකක් හොඳයි මිසක්...

හැරත් ඒකේ... චොක්ලට් රසත් ඒ හැටියට ම නෑ වගේනෙ. අනේ මන්දා...

හැබැයි ඒකට, අයිස් මොකා එක රස බලන්න තිබ්බෙ යාළු. බ්‍රවුණියෙ අඩුපාඩු කෙහෙන්  ගියාද නෑ. හිතන්නකො සීනිත් නොදා රස බලන්න තරම් ඒක කොලිටි කිව්වාම. අර ලා... පැණිරසක් එනව යටටම දාපු චොක්ලට් ටිකෙන්. ඒ අතරට සුපිරිම ‘මොකා’ කෝපි රසකුත් මැදින් මැදින්. ඊටත් කූල් එක?

ගානටම කියන්නෙ යාළු, හිතා ගන්න බෑ අන්තිම වෙනකම් ම ඒකෙ රස නොම්මර එකටම තිබ්බ.

ඒ වගේම තමයි විශ්වි ගත්ත පිකෝලෝ ලටේ එකත්. හොඳම ‘ලටේ’ කෝපි රස. එතකොට... කිරි රසත් හොඳ හැටියට. හැබැයි රස්නෙ තමයි ඒකෙ ටිකක් මදි වගේ තිබ්බෙ.

ඒ කොහොම වුණත් අන්තිමට බඩකට පිරෙන්න පදම සෙට් වුණේ නම් ටූනා සැන්ඩ්විච් එකෙන්.

හ්ම්...

ඒක ගැන විස්තර කරන්න කලින් අනිවා... තරු 5 දීලම ඉන්න ඕන.

ඔන්න අහගන්නකො, හොඳ පෝරණු පාන් ගෙඩියක්. පෙති කපල ඇඟිලි පුරුකක් විතර ඝනකමට තියෙන්න. ඊට පස්සෙ ඒක ළාවට ටෝස්ට් කරලා... මැද්දට දාලා තියෙනවා...

මදි නොකියන්න, මදි නොකියන්න ටූනා එක්ක, තක්කාලි, සලාද, ලූනු, ලුණු ගම්මිරිස් ටික. නිකම් නෙවෙයි, ඒකත් ඇඟිලි පුරුක විතර ඝනකම අතුරල.

හප්පේ... කට දෙක කද්දි, රස නහර පිනා ගිහින්... පිස්සු ආ...

ඒ විතරක් නෙවෙයි ඒකට බඩකටත් හොඳහැටි පිරෙනවනෙ.

ම්… ටූනා සැන්ඩ්විච් එක එහෙම ගියාට...

ඇත්තටම අන්තිමට ම ආපු ෆ්‍රෙන්ච් ටෝස්ට් එක පොඩ්ඩක් අවුල් වගේ. වෙන දෙයක් නිසා නෙවෙයි, ඒක කිරිවල පොඟවල තියෙනව වැඩියි. කොටින් ම කියතොත් පාන් පෙත්ත නිකම් දියවෙලා යන තරම්. නැත්නම් ඇත්තටම ස්ට්‍රෝබෙරියි, ක්‍රීමුයි එක්ක පැහැදිලි රසක් බලන්න තිබ්බ.

ඒත් මොනව කරන්නද.

එහෙම තමයි නේ... ඔය කොයි කඩේක වුණත් ගන්න හැමදේම, සුපිරියටම තියෙන්නෙත් නෑනෙ, නේ...

Address

No. 10 R. A. De Mel Mawatha, Colombo 05

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 08:00 PM

Cuisine

Western American

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sweets Chicken Sandwiches Coffee Iced Tea

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment