Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Plummy Dale

Tissa road, Kataragama


Good place to stopover while going a safari at Yala for lunch



සත්තයි! මැණික් ගඟ හිඳිල හොඳේ. ඇයි ඉතින් පෑවුම් කාලෙන කතරගමට. ඊටත් බොන්න වතුර ටිකක් හොයාගන්නත් හරිම අමාරුයි. ඇයි අප්ප... ෆිලටර් කරල තියෙනව කිව්වට ඒවත් අම්බානක කිවුල්නෙ.

“මොකෝ බං කරන්නෙ. මේවා දිගටම බිව්වොත් නම් වකුගඩු අමාරුව තමා. මං කියන්නං. යමං ටවුමට. ගිහින් බෝතල් වතුර ටිකකුත් අරගෙන කෑමත් කාල ම එමු”

“අඩේ... ඒක නම් හොඳ අදහස ඈ. පට්ට අව්වෙ කට්ට කාලා මටත් එපා වෙලා තියෙන්නෙ”

කිව්වට විශ්වාස කරන්න යාළු, යාල සෆාරි යනවයි කිව්වට ඉතින් දවස් තුන හතරක් තිස්සෙ? එපා වෙනව හොඳේ. ඉතින් එළියට ආපු ගමන් ම හොයන්නෙ හොඳ වතුරයි කෑමයි තමයි.

හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම අපි අනික් පැත්තට, ආපු ජීප් එකට ම ගොඩවුණෙත් ඒකමයි.

“අයියෙ, අල්ලමු කෙළින්ම කතරගමට”

එහෙම කියල අපිත් නිකම් හිටියෙ නෑ. හොඳ විමසිල්ලෙන් බැලුව වටපිට. මොකද බත් කඩයක් දුටු තැන නවත්තන්න එපැයි. වැඩේ කියන්නෙ ඉතින් එහෙම එකක් සෙට්වුණෙත් කතරගමට කිට්ටු කරලමයි.

‘ප්ලමි ඩේල්’ “අවුලක් නැතිවෙයිද බං?”

“අවුල්ද නැද්ද කියල බලන්න බැහැංකො එළියට”

ඔන්න දෙන්න හෙමින් සැරේ කඩේ ඇතුළට.

‘පෙනුමෙන් නම් අවුලක් නෑ වගේ... කෝකටත් බලමුකො මෙනුව’ කියල මම කිට්ටු කළා බුෆේ එක ළඟට. ම්ම්… මාළු, චිකන් දෙකම තියෙනවනේ මිරිසට හදල. එතකොට පරිප්පු නිවිති, පොලොස්, හතු තෙල්දාලා... හොඳයි ඈ.

“මොනවද බං ගන්නෙ” මම යාළුවගෙන් ඇහුව.

“මම තෝසෙ, වඩේ මොනවහරි ගන්නව බං බං (රු. 400)”

“එහෙමද. ඒනං මං ගන්නව චිකන් (රු. 350) එකක්”

දැම්ම ඕඩරේ. දාලා කෝක් එකකුයි ඊජීබී එකකුයිත් ගේන්න කිව්ව.

කියල කෙළින්ම ගියේ කෙළවරේ තියෙන මේසෙකට. ඇයි ඉතින් කෑම එන්න කලින් මහන්සි අරින්න එපැයි. ඊටත් ග්‍රීස්මෙ නිසා ඔළුව කැක්කුමත් වගේ.

හැබැයි හිතුවට වඩා ඉක්මනට කෑම දෙක මේසෙට ආවා. අනික ඒවා දැක්කාමත් හරි ආසයි. මොකද බතේ පාටයි, එළවළු මාළු ටිකයි හරි ලස්සනට ගැළපෙනවනෙ.

කොහොමහරි ඉස්ඉස්සෙල්ලාම කියල මම කෑවෙ චිකන් කෑල්ලක්. මගෙ හිතේ කරි චිකන් වෙන්න ඕන. හැබැයි රසයි. ඒ වගේම සැරයි පැලෙන්න. වැරැද්දක් කියන්නත් බෑ. මොකද ඒක දකුණෙ ස්ටයිල් එකනෙ. කොහොම වුණත් මස් කෑල්ලට හොඳහැටි මිරිස් තුනපහ අල්ලල නිසා කන්න කන්න ආසයි. පරිප්පු නිවිති එකත් හරිම රසයි. කිරි තුනපහ අඩුම කුඩුම ටික දාලා තියෙනව මදි නොකියන්න. ඊටත් ඒකෙ සුවඳ? හප්පේ... බත් කට ළංකරනකොට තොල කට පිනාගිහින්. ඒකට චිකන් හොදි ටිකකුත් වැටුනාම, තරු 5යි. 

හතු තෙල් දැමුමත් බත් එකට තකටතක. මොකද උණුඋණු කැකුළු හාලෙ බතනෙ. ලොකු හතු කෑලි එක්ක රතු මිරිස්, තෙල් අඩුමකුඩුම ටික හොඳ හැටි ගැළපිලා, සුප්ප ඈ…

යාළුව කියපු විදියට තෝසෙ, උලුඳු වඩේත් සුපිරිම! විශේෂයෙන්ම සාම්බාරු හොද්දයි, සම්බල් එකයි. වට්ටක්කා, මුරුංගා, බෝංචි, පරිප්පු හොඳහැටි දාලා.. අමු මිරිස්, කිරි, තුනපහ, ලූණු, සුදු ලූණු, රම්පෙ කරපිංච, සූදුරු, එනසාලුත් දාලා... ඉතින් රස නැතිවෙයිද කියන්නකො. අනික තෝසෙ එකත් රියල්ම උලුඳු දාලා හදල තිබ්බ කියල තමයි කිව්වෙ. වඩේ එකටත් මිරිස්, කරපිංච දාලා නිසා කටට සැරට හොඳ ෆ්‍රෙෂ් එකට රසට තිබ්බලු.

අනිත් කාරණය තමයි ඉතින්.. ගාණෙ හැටියට ඕන තරම් ඉල්ලල බෙදාගන්න පුළුවන් නිසා, වැඩේ නම් නියමෙටම හොඳයි හොඳේ!


TIP

Try rice & curry


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment