3/5

Plunkett Posh Kottu

375 R.A. De Mel Mawatha, Colombo 3


Plunkett doesn't offer a significant improvement over roadside kottu, though the ambience and service are quite nice.


ලංකාවේ බත් තරමට ම ප්‍රසිද්ධ කෑමක් නේ කොත්තු කියන්නේ. කොටින් ම කිව්වොත් හවස් වරුවකට එළියට බැහැලා බත් කඩයක් හොයාගන්න බැරි තරමට මෙහෙ කොත්තු කඩ තියෙනවා. ගොඩක් වෙලාවට අපට කොත්තු කන්න ලැබෙන්නේ ඔය පාර තොටේ තියෙන ස්ට්‍රීට් ජෝයින්ට්ස්වලින්නේ. ඒ නැත්තන් ඔය සමහර හොඳ රෙස්ටෝරන්ට්වලත් කොත්තු ගන්න පුළුවන්. තව ඕනේ නම් තියෙනවා තරු පහේ හෝටල්වලත්. කොටින් ම කිව්වොත් කොත්තු කියන්නේ ඕනේ සමාජ මට්ටමක කෙනෙක්ට අඩුවක් පාඩුවක් නැතුව රස විඳින්න පුළුවන් කෑමක්.

කොහොමින් කොහොම හරි, කොත්තු සඳහාම වෙන් වුණු “පොෂ්” කඩයක් ගැන මීට මාසයකට වගේ කලින් අපට ආරංචියක් ආවා. කල්යල් බලලා, දිනිතියි මායි ගියා මේ අලුත් ම කොත්තු කඩේ ගැන වගතුග ටිකක් බලාගෙන එන්න.  

තැන

මේක තියෙන්නේ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ අයිනෙමයි. හරියට ම කිව්වොත්, ඩුප්ලිකේෂන් පාරෙන් ඇල්ෆ්‍රඩ් අවෙනියු එකට හැරෙන්න තියෙන තැනට පොඩ්ඩක් මෙහා පැත්තේ තියෙන බස් හෝල්ට් එක පිටිපස්සේ.

මෙතැන ලොකු ඉඩකඩක් නැහැ. ඇතුළේ තියෙන පුටු මේස ටිකේ එක සැරේකට 6 දෙනෙක්ට වගේ ඉඳගන්න පුළුවන්. ඒ නැතත් එළියේ තියෙනවා තව පුටු දෙකකුත්. හැබැයි මේ දවස්වල තියෙන තද අව්වත් එක්ක නම් එළිමහනේ තියෙන ඉඩකඩේ ඉන්න එක ටිකක් අමාරු වෙයි. සාමාන්‍යයෙන් ඔය වීදි අයිනේ තියෙන ස්ට්‍රීට් ජෝයින්ට්ස්වලට වඩා සෑහෙන්න සුවපහසු වාතාවරණයක් මෙතැනින් දැකගන්න ඇහැකි.

කෑම බීම

නමේ තියෙනවා වගේ ම, Plunkett Posh Kottu එකේ තියෙන්නේ කොත්තු ම තමයි. හැබැයි ලොකු විවිධත්වයක් කියලා එකක් නැහැ. වැඩි ම වුණොත් කොත්තු වර්ග 5ක් තියෙන්න ඇති. ඒ හැරුණා ම ඉතින් ස්ටාටර්ස් සහ ඩෙසර්ට් කීපයක් මේ කට්ටියගේ මෙනුවේ දැකගන්න ලැබෙනවා.

ඔය අතරින් අපි ඕඩර් කළේ Posh Kottu Nasi Goreng (රු.880) එක. ඇත්තම කිව්වොත් ඔය නම දැක්ක ම අපි හිතුවේ යටට නාසිගුරන් බතක් දාපු, උඩින් කොත්තු රොටී දාපු මොකක් හරි වෙන්න ඇති කියලා. ඒ වුණාට කියන්න තරම් අරුමයක් තිබුණේ නැහැනේ. මේක සාමාන්‍ය කොත්තුවක්. නාසිගුරන් ෆ්ලේවර් එකක් දැනෙන්නේවත් නැහැ. නාසිගුරන් කතාව පැත්තකින් තියලා, කොත්තුවක් විදියට ගත්තොත් නම් මේක ඇත්තට ම රස කොත්තුවක්. හොඳට එළවළු මික්ස්  කරලා, සීසනින් එකත් හොඳට ම තිබුණා. ඒ විතරක්යැ පොචඩ් එග් එකකුත් උඩින් දාලා තිබුණා. ඒත් රු.880ක් වගේ ගාණකට දෙන්න තරම් මේකේ තියෙන අරුම පුදුම ගතිය මොකද්ද කියලයි අපට තේරෙන්නේ නැත්තේ.

අපි ගත්ත Rosemary Infused Oven Roasted Chicken Kottu (රු.880) එක ගැනත් කියන්න තියෙන්නේ ඔය කතාවම තමයි. කොටින් ම කිව්වොත් මේකෙයි, අනිත් කොත්තුවෙයි තිබුණු එක ම වෙනස, නාසිගුරන් කොත්තුවේ ස්පයිසි ගතිය වැඩි එක විතරයි. මොනවා වුණත් රෝස්ට් කරපු චිකන් මේකට යහමින් දාලා තිබුණු එක සෑහෙන්න දෙයක්.

බීමට අපි ඕඩර් කළේ Mint and Lime Crush (රු.220). මේකේ හොඳ ස්ට්‍රෝන්ග් මින්ට් රසක් ආවා. ලයිම් රසත් බැලන්ස් එකට තිබුණා. පොඩ්ඩක් මීට වඩා කූල් වුණා නම් තමයි තවත් හොඳ.

ඩෙසර්ට් එකට අපි ගත්තේ Lightly Frozen Curd, Crumbled Hakuru & Palm Treacle (රු.350) එකක්. හප්පේ! මේක නම් ඇත්තට ම මාර රසයි. අපි සාමාන්‍යයෙන් කන මුදවපු කිරිවලට වඩා පොඩ්ඩක් ගනකම ටෙක්ස්චර් එකක් මේ කිරි එකේ තිබුණා. ඔය lightly frozen කියන්නේ එකයි. අපරාදේ කියන්න බෑ, උඩින් දාලා තිබුණු කිතුල් පැණි ටිකයි, හකුරු කැට ටිකයි ඉස්තරම්ම ජාතියේ ඒවා. ඒ නිසා පට්ට ම රසයි මේක.

සර්විස් එක

Plunkett Posh Kottu එකේ ස්ටාෆ් එකේ අය හරි ම ෆ්‍රෙන්ඩ්ලි. තුන් හතර දෙනෙක් එක්කාසු වෙලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ.

අවසාන වශයෙන්

අපට දැනගන්න ලැබුණු විදියට, දවාලට වඩා රාත්‍රියට මේ කට්ටියගේ කෑම රහයිලු. ඒ නිසා ඒ වැඩේ බලන්නත් එක්ක අපි ආයේ දවසක රෑ වෙලා යන්නයි ඉන්නේ.

Plunkett Posh Kottu එකේ කොත්තු රස බව ඇත්ත, ඒත් අපට නොතේරෙන්නේ රු.880ක් වගේ මුදලකට දෙන්න තරම් මේ කෑමවල තියෙන විශේෂත්වය මොකද්ද කියන එකයි. නිකමට හරි මේ පැත්තේ ගියොත්, ඔයාලත් කාලා බලලා ඒ ගැන අපට අදහස් කියන්නකෝ.


TIP

Try the Kiri Pani for dessert!

Address

375 R.A. De Mel Mawatha, Colombo 3

Contacts

Facebook

This place has closed down

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Kottu

Ratings Breakdown

Quality Rating
3
Service Rating
4
Ambience Rating
4


Latest