Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

Podium Restaurant

290 U, Weerasekara mawatha, Thalawathugoda

  • Closed right now


Calm & cool place to chill with beer & delicious food, bites. Specially Sri Lankan food.



යාළුවෙක් නෙවෙයි සහෝදරයක් වගේ එකෙක්, රට ඉඳන් ඇවිල්ල පොඩ්ඩක් සෙට්වෙන්න කතා කරද්දි බෑ කියන්නද ඈ…

“කොහෙටද බං එන්නෝනි” තනි වචනෙට ම මම වැඩේ කන්ෆර්ම් කලා.

“මචං... හංදියෙ පෝඩියම් එක හොඳයිනේ. බීර එකක් ගහල පොඩි කයියක් දාලා... අපේ වයිෆුත් එනව කිව්ව. ධනුකයටයි, බච්චටයි කට්ටියටත් කිව්ව බං මං. ඒනම් වරෙං හොඳේ”
“අනිවා බ්‍රෝ. ටයිම් එකට, මම ඉඳී එතන ම”

ආයෙ වචනෙ දුන්න වගේ... මම හය වෙද්දි ම පෝඩියම් එකේ. මොකද කන බොන දේවල්නෙ යාළු. පරක්කු කරන්න හොඳ නෑනෙ. හැබැයි වැඩේ වුණේ, මම යද්දි අපේ එකා විතරයි කියන්නකො ඇවිල්ල හිටියෙ.

“අඩේ... උඹ ආවැයි. එළ එළ. මං බියර් ටිකකුයි බ්ලැක් පෝක් (රු. 1100) එකකුයි, ස්පෙෂල් රයිස් (රු. 1300) එකකුයි ඕඩර් කලා කෝකටත් කියල. ධනුකයත් මග කිව්වෙ”

“හප්පට, සිරාවට! ඒනම්... අපි දෙන්න පටන්ගමු නේ බං”

“ඔව් ඔව්. උන් එන්නැතෑ”

ගැම්මටම ‘චියර්ස්’ පාරකුත් අල්ලපු යාළුවයි මායි හෙමින් සැරේ මුලපිරුවෙ ලොකූ කතාබහකට. ඒකත් නිකම් නෙවෙයි අවුරුදු ගාණක ආගිය තොරතුරු තොගයක් එක්ක.

වැඩේ වුණේ ඉතින් වැඩි වෙලා කතාබහ ගලාගෙන යන්න ඉඩක් හම්බුවෙච්ච නැති එකනෙ. රසබර හරියට එනකොටම ඊට උඩින් ආවා පෝක් එකයි, රයිස් එකයි. ඇත්තටම එතනින් එහාට නම් නෝ කතා නෝ සිනා. දෙන්න බෙදාගත්ත පිඟන් දෙකට, දෙසාබානව රඹටි හැලෙන්න.

අවංකයෙන්ම, ඒක නම් සුප්ප පෝක් එක හොඳේ. ආයෙ ශ්‍රී ලංකන් කියන්නෙ රියල් ම ශ්‍රී ලංකන්. දාලා තියෙනව මිරිස් තුනපහ, මස් කරි එක්ක රම්පෙ කරපිංච, ඉඟුරු සුදුලූනු සියඹල මදි නොකියන්න. ඒ විතරක් නම් බැරියැ, හොද්ද හොඳ පදමට හින්දල, වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම ‘කළු’ පාටට තියෙන්න...

උණුඋණුවට සුවඳ එද්දි... බලාගෙන ඉද්දි කටට කෙල උනන්නෙ යාළු. අර එකම අවුල තිබ්බෙ ගාණෙ හැටියට පෝෂන් එකේ සයිස් එක පොඩ්ඩක් මදි එක තමයි. ඒකත් හැබැයි මුළු  කරියෙ ම තනිකරම මස් නිසා වරදක් කියන්නත් බෑ. මගෙ හිතේ තෙල් කෑලි දෙක තුනකට වඩා තිබ්බෙ නෑ, ෂුවර්.

කොටින්ම කිව්වොත් කටක් දෙකක් කද්ද මට හිතුනෙම, පෝරණු පාන් ගෙඩියක් ගෙන්න ගන්න අප්ප.

අනික ඒ පෝක් එකත් එක්ක රයිස් එකත් හොඳ හැටියට නැගල යනවනෙ. සීෆුඩ් තමයි, හැබැයි ඔක්කොම පදමට තම්බල, ලුණු ගම්මිරිස් දාලා ටොප් ආයෙ. රයිස් එකත් කීරි සම්බ හාලෙන්... දාලා තියෙනව කැරට්, ලීක්ස්, ලූනු හොඳ ෆ්‍රෙෂ් පිටින් ම තියෙන්න. ඒ හැරුණාම මොනවහරි සෝස් ටිකකුත් දාලා තියෙනව රස පොඩ්ඩක් ඉස්මතු වෙන්න. ම්ම්... හැබැයි එකක්, රයිස් එකට මික්ස් කරල තිබ්බ සීෆුඩ් ප්‍රමාණය නම් ටිකක් මදියි වගේ.

කිරි අප්පට බල්ලු බුරපි කියවුනේ, කට්ටිය ආවට පස්සෙ ඕඩර් කරපු මික්ස් ග්‍රිල් (රු. 1750) එක දැක්කාම. හප්පේ... ඒක! ලොකු ලෑල්ලක තියපු සිස්ලින්ග් ප්ලේට් එකක් හොඳේ. ඔන්න යටින්ම තියෙනව තඩි පෝක් පෙති දෙකක්. ඊට පස්සෙ චිකන් පලුවක්. ඊටත් පස්සෙ තඩි මාළු පෙත්තක්. ජම්බො සොසේජසුත් දෙකක්ම. බුල්සායි එකයි, අන්නාසි පෙත්තයි, ෆ්‍රෙන්ච් රයිස් ටිකකුයිත් අයිනට වෙන්න. ඔක්කොමත් හරි ඒවයෙ රසවලුත්, ෂැහ්, ටොප් ආ...

ම්ම්... පෝක් පෙති දෙක නම් තව ටිකක් කුක් වුණත් අවුලක් නෑ. හැබැයි හොඳ ෆ්‍රෙෂ් රසක් එක්ක ග්‍රිල් පේස්ට් එකේ හොඳහැටි පදම් වුණු ගතිය නම් උපරිමයෙන්ම තිබ්බ. කුකුල් පලුවත් එලෙසමයි. හැබැයි පෝක් එක වගේ නෙවෙයි ගානට කරවෙලා. ඒ අතරට බලන්න එපැයි මාළු පෙත්ත. තනි තෝර මාලු කෑල්ල. පේස්ට් එකෙයි වැඩිපුර ගම්මිරිස් පදමෙයි රස වෙලා, නූලට තැම්බෙන අතරට වටේ පිච්චිලා.. ආයෙ දැක්කාම තොල කට පිස්සු නටනව යාළු. ඔය අතරට කට්ටිය සිංසිං ගාලා වාෂ්ප කරල තිබ්බෙ ජම්බො සොසේජ් දෙක. ඇත්තටම හිතාගන්න බෑ අපේ වුන් එච්චරටම සොසේජස් කෑවා කිව්වාම. හැබැයි එකක්, ඒ සොසේජස් දෙක, පදමටමට පදම් වෙලා කරවෙලා තිබ්බෙ. අර... රස්නෙට පුපුරල වගේ තියෙන්න. ඉතින් කොච්චරවත් දැක්කාම කන්නමයි හිතෙන්නෙ. ඒ හැරුණාම... බුල්සායි එකේ රස ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කොහොම හරි අන්තිමටම ගියෙත් බුල්සායි එකම තමයි.

වැඩේ වුණේ ඒ වෙද්දි බීර බෝතල් හත අටක්ම ඉවර වෙලා තිබ්බ එකනෙ. කාටවත් ලොකුවට වෙරි නොතිබ්බට... අඩ අඳුරෙ ගිලුණ, සීතලෙන් පිරුණ, කාමර මුල්ලක සුවපහසු කවිච්චිවල වාඩි වෙලා කට්ටිය...

අතීතය නම් කතා කළා…

යාළුව ආයෙත් රට ගියාට, ඇත්තටම ඒ මතකය නම්…

හ්ම්ම්…!


TIP

Try Black Pork Curry

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment