Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

1/5

Pork Paradise

Delivery only

  • Open until 09:00 PM


If you love pork, stay away from Pork Paradise.



ආයෙ ‘පෝර්ක් කනව’ කියන අමාරුව නිට්ටාවටම හොඳ කරගන්න...

ගන්න මෙතනින් පෝර්ක්!

අරගෙන... කන්න.

කන්න බැරි නම් දෙයියනේ කියල බල්ලෙක්ටවත් දෙන්න එපා යාළු, කෙළින්ම කුණු බක්කියට දාන්න. මොකද අපිට කන්න බැරි එකක් කොහොමද අප්පේ සතෙක්වත් කන්නෙ?

රෙද්දෙ පෝර්ක් මෙයාලගෙ. එක්කො බැරි මළගෙවල් නොකර ඉන්න ඕන...

අනේ යාළු ඉතින් ‘පෝර්ක් පාරාදිසය’නෙ කියල ඕඩර් කළා හොඳද. ඒකත් පෙපරෝනි පිසා එකයි. ඒක රු. 1875යි. බ්ලැක් පෝර්ක් කොත්තු එකයි. ඒක රු. 890යි. ආසාවට කියල ස්නැක් එකට පොටැටෝ වෙජස් දැම්ම. ඒක රු. 450ක්...

හිතන්නකො එහෙම ගෙවලා... මේසෙට ගෙනැල්ලා දිග අරිද්දි!

බාගෙට තම්බපු තඩි අල කෑලි තොගයක්, බාගෙට රත් වෙච්ච තෙලක බදින්න හදලා. කටේ තියන්න බෑ, මුඩු ගඳයි... අල ගෙඩිය මිරිකුවාම තෙල් කාලක් විතර පිඟානෙයි.

තූ විතරක්...

ඒ මදිවට කොත්තුව. සත්තයි ඒ කොත්තු බාසා හම්බවුණා නම් මට...

රබර් රොටි වගේ මොනවදෝ හීනියට කපපු මළ ජරාවකට, සෝස් වගයකුයි, කැරට් ලීක්ස් කෑලි ටිකකුයි, අන්වීක්ෂිය ප්‍රමාණයෙන් වූ මෙලෝ රහක් නැති පෝර්ක් කෑලි 6-7කුයි දාලා කලවම් කරලා. අඩුම තරමෙ තාච්චියකටවත් දාපු පාටක් නෑ. අඩේ නිකම්, මිනිස්සු සල්ලි ගෙවනවනෙ කියල පොඩ්ඩක් කටට රහකට හදන්න? එව්වා නෑ. තනි වතුර ගොඩ!

වාසනාවන්, ඉදෝකින් කිව්වලු... 

රෙද්දෙ පීසා එක... කෑවට වැඩිය හොඳයි, පොල් රොටියක සම්බෝල තලියක් අතුරගෙන කෑවා නම්. අඩුම තරමෙ කට හරි දනවා. අඩියයි විෂ්කම්භය. හැබැයි බබා වගේ කෑලි 8ට කපලා. ඒකත් කාරි නෑ හදල තියෙන්නෙ කොහොමද දන්නවද?

නිකම් රොටිය උඩට තක්කාලි බේස් ගාලා, ඒ උඩින් කෑල්ලකට 1 ගාණෙ වෙන්න පෙපරෝනි තියල. අවන් ඒකේ දාලාද, ආදාහනාගාරෙක දාලද දන්නෑ... උඩ පිටි ගතියයි, යට කරවෙලා...

ආයෙ තව කියන්න බෑ යාළු... කුණුහරුප එන්නෙ කටට.

අනේ සරලවම, කෙටියෙන්! මෙතනින් කෑම ගන්න එපා. දන්න අයටත් කියන්න, මොකද කාගෙ වුණත් සල්ලිනෙ, හරිය...

Address

Delivery only

Report Inaccuracy

Open until 09:00 PM

Cuisine

Italian Sri Lankan Chinese

Price Range

Between Rs. 500 - Rs. 1500

Dish Types

Pasta Kottu Fried Rice Pork Pizza

Ratings Breakdown

Overall Rating
1
Quality Rating
1

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment