Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Pot Kottu

37C Vihara Mawatha, Pepiliyana Rd, Boralesgamuwa


A streetside eatery specialised in homemade kottu and fried rice served in clay pots.



මැටි හට්ටියේ දෙන ෆ්‍රයිඩ් රයිස්, කොත්තු? දෙන්නම් ජම්බු කිව්වලු! දැක්ක ගමන් දැම්මා ඕඩර් එක පික්මී ෆුඩ් එකෙන්.

කෑම 

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු විතරක් නෙවෙයි, නූඩ්ල්ස්, නාසි ගුරන් එහෙමත් මේ කට්ටිය ළඟ තියෙනවා. ඔය කොයික වුණත් එන්නේ මැටි හට්ටිවල දාලා. අනික ඕනේ මසක් මාළුවක් තියෙන පාටයි.

කොත්තු සයිඩ් එකෙන් අපි ගත්තේ පෝක්, බේකන්, චීස් සොසේජ් කොත්තු (රු. 875) එක. ඇත්ත ම කිව්වොත් මේක දෙන්නෙක්ට ඇති. හට්ටියේ කට පිරෙන්න රොටි! ඊට උඩින් බුල්සායි බිත්තරයයි, තඩි චිකන් සොසේජස් එකයි, චිලී පේස්ට් ටිකකුයි, පාස්ලි අහුරකුයි, පිපිඤ්ඤා පෙත්තකුයි තියලා.

හැඩේට තිබුණට මොකද රස තමයි මදි. චීස් කියලා නමේ තිබුණට කිසිම චීස් ගතියක් නැහැනේ. කොත්තුවත් බොහොම ඩ්‍රයි. අනික කුළුබඩු එහෙමත් අඩුවෙන් දාපු ගතියක් තිබුණේ.  ඉතින් යන්තමට හරි අපට රසක් දැනුණේ චිලී පේස්ට් එකෙනුයි, බිත්තරෙනුයි, සොසේජස් එකෙනුයි. චිලී පේස්ට් එකේ කූනිස්සෝ යහමින් දාලා තිබුණා. බිත්තරේටත් පාස්ලි පොඩ්ඩකුයි, කෑලි මිරිසුයි දාලා නිසා රස හොඳයි. 

අනික බේකන් ටිකක් නම් උඩින් ඉහලා තිබුණා. හැබැයි පෝක් යහමින් තියෙන වගක් පේන්න තිබුණට, ඒ සේරම තඩාර තෙල් කෑලි! 

පොට් කොත්තු කියලා නම දැම්මට, මෙයාලගේ ෆ්‍රයිඩ් රයිස් තමයි රස. අපි ගත්ත චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු. 570) එකට බැටර් දාලා ෆ්‍රයි කරපු ලොකු චිකන් කෑල්ලකුයි, බුල්සායි බිත්තරෙකුයි,  චිලී පේස්ට් ටිකකුයි, පාස්ලි අහුරකුයි, පිපිඤ්ඤා පෙත්තකුයි ලැබුණා. කීරි සම්බා බත හොඳට උයලා, ලුණු ගම්මිරිස් ගානට දාලා තමයි මේක හදලා තිබුණේ. එහෙන් මෙහෙන් හැපෙන ලූණු කොළයි, කැරට් කෑලියි එක්ක එද්දී තවත් හොඳයි. ඔය ඔක්කොටම වැඩිය අපට අල්ලලා ගියේ අර වොක් එකේ හැදුවා ම එන සුවඳයි, රසයි. ඒක මරු!

අවසාන වශයෙන් 

අපේ රසට, බඩ පිරෙන්න ෆ්‍රයිඩ් රයිස් බතක් කන්න හොඳ තැනක් මේක. කොත්තුව නම් මීට වැඩිය රසට හදන්න තිබුණා. ඉතින් ඔය කොයික වුණත් එන්නේ ගෑස් වළඳක දාලා නිසා ඒ වාසියත් තියෙනවා. මොකද කෑවට පස්සේ ඒ වළඳ ගෙදර පාවිච්චියට ගන්නත් පුළුවන්නේ. 

Address

37C Vihara Mawatha, Pepiliyana Rd, Boralesgamuwa

Contacts

Facebook Instagram

Report Inaccuracy

Cuisine

Sri Lankan Street Food

Dish Types

Kottu Fried Rice Pork Chicken

Ratings Breakdown

Overall Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment