Artwork for New PickMe Flash banner 18 May 2021
Artwork for Truly Ceylon Top banner 1 - 1 week only
Artwork for PMF Free delivery campaign Artwork for Coffee post sidebar 1-Aga coffee

5/5

Praneetha

201, Muhandiram's Road, Colombo 03


Praneetha is a small eatery that serves up a great rice and curry with the option of every kind of meat, from prawns to pork.



“අන්න ප්‍රනීත එක මුහන්දිරම් පාරේ අලුත් තැනකට ගෙනල්ලා"

මේ ආරංචිය අපට ලැබුණේ දැන් මාස කීපයකට කලින්. ආරංචියේ හැටියට පරණ තැන වගේ නෙවෙයි ලු. සෑහෙන්න අලුත් දේවල් එකතු වෙලාලු. කොච්චර ඕනේකම තිබුණත් වැඩ රාජකාරිවලට මුල් තැන දෙන්න එපායෑ. කොහොමින් කොහොමහරි ඉඩක් ලැබුණු හැටියේ ම මම කළේ නබීලාවත් ඇදගෙන අලුත් ප්‍රනීත එකට යන එක.

තැන

ඉස්සර තිබුණු හුණ්ඩුවක් සයිස් ප්‍රනීත එක වෙනුවට, අද තරමක් ඉඩකඩ ඇති කඩයක් හැදිලා. අත පය දිගෑරලා ඉන්න තරම් නම් ඉඩ නැහැ. ඒත් ශේප් එකේ මුක්කුව ගහගෙන කන්න පුළුවන් විදියේ සීට් දහ පහළොවක් තියෙනවා. වෙනදා මේක තිබුණේ හඩ්සන් පාර බේරේ වැවට විවෘත වෙන කෙළවරට පොඩ්ඩක් මෙහායින් නේ. අලුත් තැනට යන්න නම් එක ඒක පහු කරගෙන, හඩ්සන් පාර දිගේ මීටර් 100ක් වගේ ගිහින් වම් පැත්තට මුණගැහෙන පළමුවෙනි පාරෙන් හැරෙන්න ඕනේ. හැරිලා තව මීටර් 20ක් වගේ යන්නකෝ. පාරේ අයිනේ ම තමයි පොට් එක තියෙන්නේ.

අපි මේ පැත්තට ගියේ කන්තෝරු පැයේ. ඒ නිසා සද්ද බද්ද සෑහෙන්න වැඩියි. ඒසී දාලා තිබුණට ඒක හරියට දැණුනෙත් නැහැ. මොකද එච්චරට සෙනඟ. ඒ නිසා හොඳ ම දේ කෑම පාර්සල් කරලා අරගෙන ගිහින් කන එක. කන් කරච්චලයක් නැතුව නිස්කලංකේ කන්න බැරියෑ.

පෝලිමේ ගිහින් බත් දෙන කවුන්ටරේ වම් පැත්තේ ඉන්න අංකල් ට ඕනේ දේ කියලා, සල්ලි ගෙවලා බිලක් දාගන්න ඕනේ. ඊටපස්සේ එක ෂෝ කේස් එක පිටිපස්සේ ඉන්න කෙනෙක්ට දුන්න ම එයාලා කෑම එක ලෑස්ති කරලා දෙනවා. නබීලා වටපිටේ පින්තූර ටිකක් ගන්න අතරේ, මම පෝලිමේ අගට සෙට් වුණා.

කෑම බීම

මෙතැන තියෙන්නේ සාමාන්‍ය රයිස් ඇන්ඩ් කරි එක්ක, ෆ්‍රයිඩ් රයිස්. වැඩේ කියන්නේ මස්, මාළු බර ගණනක් තියෙනවා. චිකන් ගත්තොත් කරි චිකන්, ඩෙවිල් චිකන්, පෙපර් චිකන්, රෝස්ට් චිකන්; බීෆ් ගත්තොත් කරි බීෆ්, ඩෙවිල් බීෆ්, පෙපර් බීෆ්; පෝක්, තලපත් මාළු කරි, බැදපු තෝර පෙති, ඉස්සෝ, දැල්ලෝ; ඔය වගේ නා නා ප්‍රකාර විදියට හදපු ජාති ඕනේ තරම්. ඒ හැරුණා ම එළවලු, හොදි වර්ග තුන හතරක් එක්ක, මැල්ලුමකුත් මේ ප්‍රනීත බත් පිඟානේ වරදින්නේ නැහැ. කැමති නම්, සලාද කොළයක්, පිපිඤ්ඤා පෙත්තක්, බැදපු මිරිස් කරලකුත් නොමිලේ ම මේකට එක්කාසු කරගත්තෑකි. ඒ හැරුණා ම, රුපියල් 100ක් වගේ දීලා තඩි සොසේජස් කරල් දෙකකුත් බත් එකට දාගන්න පුළුවන්.

මම ඕඩර් කළේ චිකන් රයිස් ඇන්ඩ් කරි (රු.200) එකක්. නබීලාට ඕනේ කිව්වේ සීෆුඩ් තියෙන බත් එකක්. ඒ නිසා ම එයා ගත්තේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් (රු.600) එකක්.

චිකන් රයිස් ඇන්ඩ් කරි එක ආවේ සුදු බතට බෙදපු තඩි චිකන් අණ්ඩකුත් එක්ක. අඹ උයලා, පරිප්පු එක්ක කිරට හදපු කොස්, මැල්ලුම් තමයි  මේ පිඟානේ තිබුණා. බත් එක ගානට තැම්බිලා. හොඳ උණුවට තිබුණා. චිකන් කරියට නියම පදමට ගම්මිරිස් පහේ දාලා තියෙන බව තේරුණා. තරමක් ගනකම් ගතියට තිබුණු මේකේ හොද්දත් නියමයි. එළවලු, මාළු නැතත් මේ හොද්ද ඇති බත් මුට්ටියකට වුණත් වග කියන්න.

කිරට උයපු කොස් එකත් මරු. නියම ගමේ රස තිබුණා ඒකෙ. පරිප්පු හොද්ද ගැන නම් අපේ ඒ හැටි කැමැත්තක් නැහැ. මොකද ඒකෙ තිබුණේ කෑලි මිරිස්. තරමක් ලුණු වැඩිදෝ කියලත් හිතුණා. අඹ මාළුව නම් පංකාදු පහයි. ගානට පැණි රසකුත් තිබුණා. ලාවට එන ඇඹුල් රසයි, ස්පයිසි ගතියයි බතට එකතු වෙද්දී පට්ට ම ගති.

හප්පච්චියේ! නබීලා ගත්ත සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකේ තිබුණු මාළු ජාති තොගේ! තඩි ඉස්සෝ, ලොකුවට කපපු දැල්ලෝ රවුම්, බැදපු කකුළු මස්, තලපත් මාළු කෑලි ලෝබ නැතුව මේකට දාලා තිබුණා. අනික දෙන්නෙක්ට බඩ පැලෙනකන් කන්න පුළුවන් තරමට බත් මේ පිඟානේ. ෆ්‍රයිඩ් ගතියත් නියම ගානට. ඕනෙවට වඩා තෙල් ගතියක් ඇත්තෙත් නැහැ.

සර්විස් එක

කලින් කිව්වා වගේ ම කන්තෝරු කෑම පැයේදී මේක අතුරු සිදුරු නැතුව සෙනඟ පිරෙන තැනක්. මගේ බත් එක නම් විනාඩියෙන් ලෑස්ති කරලා දුන්නා. ඒත් නබීලාගේ ෆ්‍රයිඩ් රයිස් එක ගන්න පුළුවන් වුණේ විනාඩි 15කින් වගේ. අපට තේරුණු විදියට නම් ගොඩක් අය මෙතනට එන්නේ රයිස් ඇන්ඩ් කරිවලට. මොකද ගණන් හිලව් එහෙමත් සෑහෙන්න අඩුයිනේ.

අනිත් දේ තමයි, මෙතන බත් බෙදන හැමෝම අය ඉන්නේ කටේ මුකවාඩම් බැඳගෙන. ඒ නිසා පිරිසිදුකම අතිනුත් නරකක් කියන්න නැහැ.

අවසාන වශයෙන්

ප්‍රනීත කියන්නේ කොල්ලුපිටිය හරියේ තියෙන පට්ට ම බත් කඩවලින් එකක්. වෙජිටේරියන්  අයට වුණත්, කිසි ම අවුලක් නැතුව බඩ පිරෙන්න කන්න පුළුවන් තැනක් විදියට මේක ප්‍රසිද්ධයි. මස්, මාළු, එළවලු කරි වර්ග ගොඩක් තියෙන නිසා, කැමති ජාතිවලින් ගන්නත් පුළුවන්. මොකද රස ගැන සැකයක් තියාගන්න ඕනෙත් නැහැනේ.    

Address

201, Muhandiram's Road, Colombo 03

Directions

From the junction where Perahara Mawatha meets Hudson Road just walk into Hudson Road a few feet and turn left from the junction in to Muhandiram's Road and you'll find it on the left.

Contacts

Report Inaccuracy

Similar Places

User Reviews
S
1

1/5

0

Sandun05

Filled with thousands of flies and looks very unhealthy & unhygienic. I will never recommend this place to anybody.

S
1

1/5

0

Sandun05

Filled with thousands of flies and looks very unhealthy & unhygienic. I will never recommend this place to anybody.

See 10 Comments