Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

3/5

Pub Sinhara

340, Galle Road, Ratmalana


Pub Sinhara gets brownie points for its menu and decor, but the cocktails let it down.



“උබ ඉඳල හිටල පිං වැඩත් කරනව නේ..”

“ඉඳල හිටල? ඉඳල හිටල නෙවෙයි බොල, හැකි සෑම අවස්ථාවකම, ඕං...”

“එහෙමෙයි…! ඒනම් යමංකො දැං, කලින් කතා කරගත්තු පිං වැඩෙත් කරන්න.

ඔන්න පිචර් එකක්ම ඕන හොඳේ”

“හා.. හා… ඉතින්. අරන් දෙන්නම්. යමංකො යමංකො ඔතනින් ඇතුලට”

ඇත්තටම පහුගිය සෙනසුරාදා අඩියක් ගහන්න කියල රත්මලාන පබ් සින්හාරා එක ලඟින් බැහැපු මට, මුලින්ම සෙට් වුනේ පින් අතේ වැඩක් කරන්න. ඒ කිව්වෙ, එතන ඉඳපු ආබාධිත සීයා කෙනෙක්ට බත් පාර්සලයක් ගෙනත් දෙන්න. ඉතින්.. හිත සන්තෝසෙන්ම ඒ වැඩේ කරපු මම ඊලඟට යාළුවත් එක්ක පබ් එක පැත්තට ගොඩ වෙන්න කල්පනා කලා. කල්පනා කරල තමයි අඩියක් දෙකක් ඉස්සරහට තියල පාර පැන්නෙ. පැනලා සින්හාරා එක පැත්තට කිට්ටු කලා. කිට්ටු කරල හිටං, හුරේ කියල ඔන්න දෙන්නම, කෙලින්ම.. රූෆ් ටොප් එකේ.

ෂැහ්! අඩියට දෙකට ගියාට පාඩු නෑනෙ. ගිහින්ම බලන්න ඕන එතන ගතිය. බැස යන හිරු කිරණින් මුළු එළිමහන් බාර් එකම එළිය වෙලා, පොඩි හුලං පාරකුත් එක්ක, අඩියක් ගහන්න කියාපුම ප්ලේස් එක ඈ… ඊටත් ඔය අතරෙ සේවක මිත්‍රයෙක් ඇවිල්ල මෙනු දෙකක් දීලා බයිටුත් තෝරන්න උදව් කලාම? පිස්සු කොර වෙනවනෙ! සේවාවත් සුප්ප.

ඊට පස්සෙ ඉතින් දන්නැද්ද, සනික බයිට් ජාති 3ක් තෝරපු අපි, බියර් පිචර් එකකුයි පොඩි අරක්කු ෂොට් 2කුයි තමයි ගේන්න කිව්වෙ. ඒ කියලා.. සෙට් වුනා පොඩි චැටකට, බඩු ගේන්න පරක්කු වෙයි කියල. ඒත් කොහෙද ඕඩරේ දාපු අනික් පැත්තට හැඳි ගෑරුප්පු, පිඟන් කෝප්පත් එක්ක මෙන්න සේවක මිත්‍රය මේසෙ ලඟ. ඒ ටික තියල මේසෙ හදල දීලා බීර අඩුම කුඩුම ටිකත් පටස් ගාලා ගෙනාවා.

“බයිට් ඕනම නෑනෙ බං බොන්න. ඔන්න ඔහෙ චියර්ස් පාරක් දාමු”

“සහතික ඇත්ත. බං

ඒනං චියර්ස්, ඕං ඈ…”

සව්දිය පුරල, බයිට් එනකම් කියල වැඩේ පටන් ගත්තට මොකද... අපි නොහිතපු ඉක්මනට ආවා කියන්නකො කඩල ඩෙවිල් එක මේසෙට. හප්පේ… දෙන්නගෙ ඉහේ මල් පිපිලා වගේ. ඊටත් ඒකෙ පාට? පිස්සු හැදෙනව ඈ… ආයෙ දැක්කාම කන්න ආස හිතෙන ගාණයි. කැරට්, අමු මිරිස්, කෑලි මිරිස්, ළූණු, තක්කාලි.. කොටින්ම කියනව නම් රම්පෙ කරපිංච පවා දාලනෙ. අනික කඩල එකට චීස්ද කොහෙදත් එකතු කරලා, පංකාදු පහයි!

ඒත් ඊට පස්සෙ ආපු පෝර්ක් එක නම් එච්චරම රස නෑ. මොකද ඒකෙ ගොඩක්ම තිබ්බෙ සෝස් රස. අනික මොකක්දෝ ලා.. දියාරු ගතියකුත් තිබ්බ. කියන්න තේරෙන්නෙ නෑ මොකක්ද කියල. කොහොමහරි පෝර්ක් එකේ තෙල් කෑලිත් තරමක් වැඩියි. ළූණු, අමු මිරිස්, මාළු මිරිස්, කැරට්, තක්කාලි, රම්පෙ කරපිංච එහෙමත් දාලා තිබුනට පෝර්ක් කෑලි බැදල නෑ. මගෙ හිතේ ඒ නිසා වෙන්න ඕන පොඩ්ඩක් රස අප්සෙට් වෙලා තියෙන්නෙ.

දෙයියනේ කියල ඕක්කෝටම හරියන්න බයිට් රයිස් එක තිබ්බා ලෙසටම. තඩි ඔම්ලට් එකක් උඩින්ම, ඊට පස්සෙ දවටල බැදපු ළූණු කෑලි, සුලු ළුණු, තම්බපු ඉස්සො, චිකන්, සොසේජස්, කැරට්, ලීක්ස්… එක තොගයයි. අනික ඒකෙ බතත් බාස්මතීනෙ. චිලි පේස්ට් ටිකක් එකතු කරගත්ත කියන්නෙ, නොම්මර එකයි ආයෙ.

කෙසේ වෙතත් වැඩි දෑ අඩු දෑ එළෙසින් යන අතරට, අපිත්…

දන්නැද්ද!

මද පවනෙ. අර, වැඩේ කියන්නෙ ලාගර්නෙ පානය කලේ. ඒ නිසා වෙනදට වඩා නුහුරු අමුතුම ලෙවල් එකක. නිකම් වැදිලා නෑදිලා වගේ. එහෙමයි කියල අපි වැඩේ අත ඇරියෙ නෑ. අවසානය අල්ලල අරක්කු සොට් දෙකකුත් වනාගත්ත. ඒකත් වනාගෙනමයි විසික් වුනේ.

බොරු කියන්න ඕන නෑනෙ, ඒක වනාගත්තාම නම් විසික්ම වුනා හොඳේ. ආයෙ කෙලින්ම, පියවි සිහියට එද්දි වීල් එක ගේ ලඟ, ඕං…!


TIP

If you'd like to use the pool table, it costs Rs. 200 for half an hour and Rs. 350 for one hour.

Artwork for Frimi Shoutout banner

Address

340, Galle Road, Ratmalana

Directions

Pub Sinhara is located on the seaside of Galle Road. It's past the Pilawoos, but if you reach the Maliban biscuit factory, you've gone too far.

Contacts

Website

Report Inaccuracy

Open 11 AM–11 PM

Dish Types

Seafood Beverages Bites

Cuisine

Fusion

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Service Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
Avatar for Imaad
7

1/5

0

Imaad

They water down the beer. Seriously, the draught Lion beer is watered down. Also, the staff occasionally misbill you. Avoid.

Avatar for Imaad
7

1/5

0

Imaad

They water down the beer. Seriously, the draught Lion beer is watered down. Also, the staff occasionally misbill you. Avoid.

See 2 Comments