Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

3/5

Qahwah (Almonds)

313, Galle Road, Colombo


Qahwah is Almonds Exclusive's own coffee station, but really it's just a part of the restaurant. There's nothing that sets it apart from the place itself other than some rather interesting coffee options.



මතකද ආමන්ඩ්ස් එක? අර කොල්ලුපිටිය හන්දිය කිට්ටුව, ගාලු පාර අයිනේ කාලයක් තිස්සේ නමක් නොගහපු තඩි රෙස්ටෝරන්ට් එකක් තිබුණේ. ඔන්න දැන් ඒ රෙස්ටෝරන්ට් එක ඔෆීෂියල් විදියට පටන් අරගෙන. ඒ විතරක් නෙවෙයි, උඩම තට්ටුවේ කෝපිවලට ම වෙන් වුණු කැෆේ එකකුත් දාලා. ඉතින් පහුගිය දවසක මායි, සාරායි, කවිඳුයි ගියා මේකේ වගතුග බලාගෙන එන්න.

තැන

මේ කෝපි කඩේට තියෙන්නේ පොඩ්ඩක් දිව උලුක් වෙන නමක්; “ක්වාහ්”. අරාබි භාෂාවෙන් කෝපිවලට හඳුන්වන්නේ ඔහොමලු. කොහොම වුණත් මේක තියෙන්නේ ආමන්ඩ්ස් එකේ උඩම තට්ටුවේ. අපරාදේ කියන්න බෑ තැන නම් හරි ම හැඩයි. කුෂන් කරපු පුටු, මේස පිළිවෙළට අහුරලා, පැද්දෙන පුටු (Swing Chairs) කීපයකුත් දාලා; සෑහෙන්න රිලැක්සින් ගතියක් දැකගන්න පුළුවන්. අනික වහලේ එල්ලලා තියෙන පුංචි ලයිට් එකින් එක පත්තුවෙද්දී තවත් ලස්සන වෙනවා.

එක ම පරහ වුණේ අපට මේකේ ඒසී දැනුණේ හෙන හොරට. ඒ නිසා යන්තමට එන රස්නයක් තිබුණා.

කෑම බීම

බේසික් කෝපි වර්ග හැරුණා ම, කෝපි පදනම් කරගෙන හදපු බීම වර්ග තොගයක් ක්වාහ් එකෙන් ගන්න පුළුවන්. ඕවා අතරින් අපිත් කෝපි ජාති හතරක් ඕඩර් කළා. ඒ Americano (රු. 500), a 'Srifogato' (රු.490), Iced Hazelnut Latte (රු.570) සහ Cappuccino (රු. 570).

හප්පොච්චියේ! මෙච්චර උස ඇමරිකානෝ වීදුරුවක් දැක්කම ද කොහෙද. ඔය දකුණු පැත්තේ තියෙන්නේ ඒක. සාමාන්‍යයෙන් ඇමරිකානෝ පිළිගැන්වෙන්නේ පොඩි වීදුරුවලනේ. ඒ වුණාට ක්වාහ් එකේ දෙන්නේ මේ වගේ උස වීදුරුවක් පිරෙන්න කෝපි. එච්චර ස්ට්‍රෝන්ග් ගතියක් නොතිබුණත්, මේක තනියෙන් බොන්න නම් ටිකක් අමාරුයි.

අපි ගත්ත ලාටේ එක ගොඩක් හොඳයි. හේසල්නට් රස හොඳට ම තිබුණා. ඔය වම් පැත්තේ තියෙන්නේ ඒකනේ. ඔය හැමතැනින් ම ගන්න ලැබෙන ජාතියේ අයිස්ඩ් ලාටේවලට වඩා උකු ගතියෙන් වගේ ම කෝපි රසින් මේක අනූනයි. රස්නේ දවසට වගේ ම බඩගින්නටත් නියම බීම.

එනසාල් රස අයිස්ක්‍රීම් කාලා තියෙනවද? ජොලීස් අයිස්ක්‍රීම් එක පැත්තේ ගියොත් නම් අපේ රසට ගැලපෙන අයිස්ක්‍රීම් ජාති තොගයක් කන්න පුළුවන්. වාසනාව කියන්නේ මේ ක්වාහ් එකෙත් තියෙනවනේ ජොලීස් අයිස්ක්‍රීම්. නිකනුත් නෙවෙයි, කෝපිවල ගිල්ලපු අයිස්ක්‍රීම්. ඔය  Srifogato කියන්නේ ඒක. තමන්ට කැමති අයිස්ක්‍රීම් එකක් දාලා මේ කෝපි වර්ගය ගන්න පුළුවන්. ඉතින් අපේ තේරීම වුණේ එනසාල් අයිස්ක්‍රීම් එක. හප්පේ! මේක නම් මාර සිරා බීම ඈ! කෝපිවල තිත්ත රස කැපිලා අයිස්ක්‍රීම්වල තියෙන පැණි රසෙන් කැපිලා යනවා. මේ කෝපි එක අපට නියමෙට ම අල්ලලා ගියා.

කැපුචිනෝ එකත් ශේප්. පොඩ්ඩක් කෝපි වැඩිපුර වැටුණා නම් මීට වඩා රස වෙන්න තිබුණා. මොකද මේකේ රස හැදුණේ උඩට එකතු කරලා තිබුණු චොකලට් ටිකෙන්.

අහ්! අමතක වෙන්න කලින් මේකත් කියන්නම්කො.අපි කෑමට ගත්තේ Mousse Cup (රු.200) එකකුයි, එකක් රු.100 ගාණේ මිල වෙන Ginger, Pistachio සහ White Chocolate and Almond කුකීස් තුනකුයි.

මූස් කප් එක නියමයි. හෙන ම ක්‍රීමි චොකලට් රසක් මේකේ තිබුණා. අඩිය හරියට යනකොට චොකලට් චිප්ස් එහෙමත් එකතු කරලා. වැඩේ කියන්නේ මේක වටේ තියෙන දවටනේ හදලා තියෙන්නෙත් ඩාක් චොකලට්වලින්. චොකලට් කෑදරයින්ට සුපිරියට ම ගැලපෙන කෑමක් තමයි මේ.

කුකීස් වර්ග තුනෙන් අපට හොඳට ම අල්ලලා ගියේ පිස්ටාෂියෝ එක. මොකද මදි නොකියන්න මේකට පිස්ටාෂියෝ එකතු කරලා තිබුණා. කුකී එකේ එන කිරි රස තවත් වැඩි වෙනවා ඒකෙන්. ජින්ජර් කුකී එකත් වරදක් නැහැ, හැබැයි ඉඟුරු රස මදි. ආමන්ඩ් කුකී එකත් සෑහෙන්න හොඳයි. ඇති වෙනකම් ආමන්ඩ් සහ වයිට් චොකලට් දාලා තිබුණා.

සර්විස් එක

ක්වාහ් එකේ සර්විස් එක හොඳයි. අපේ කෑම බීම ටික මේසෙට ආවේ විනාඩි 10ක් යන්නත් කලින්. ස්ටාෆ් එකේ අයගේ සුහදශීලී ගතිය වෙලාවකට ඕනෙවට වැඩි වගේ කියලත් නොහිතුණා ම නෙවෙයි. කොහොම වුණත් මේකේ කට්ටිය මෙනුවේ හතර දිග් බාගේ ම හරි අපූරුවට දන්න අය. ඒ නිසා කෑම බීම ගැන සැකයක් තියෙනවනම් ඒ ගැන අහලා බලන්නත් පුළුවන්.  

අවසාන වශයෙන්

අපට දැනගන්න පුළුවන් වුණු විදියට, මේ කට්ටිය පාවිච්චි කරන්නේ Beans කියන ලෝකල් කෝපි බ්‍රෑන්ඩ් එක. හැමදාම කෝපි බොන, ඒ පිළිබඳ විශේෂඥයින්ට නම් මේ කෝපි එච්චරට ම හරි යන එකක් නැහැ. හැබැයි ඉඳලා හිටලා කෝපි රස විඳින කෙනෙක්ට මෙතැන ගැලපෙනවා. එහෙනම් ඉතින් මේ පැත්තෙන් යන එන වෙලාවක ඔයාලත් ගොඩ වෙලා බලන්නකෝ.


TIP

Their Srifogatos are quite good and I'd highly recommend the Cardamom and Coffee combo.

Address

313, Galle Road, Colombo

Contacts

Facebook

Report Inaccuracy

Open until 02:00 AM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment