Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

4/5

Sulthan Palace

45A, C W W Kannangara Mawatha, Colombo 7


Sulthan Palace (formerly Rahumania) is a great spot at the Town Hall hub to get a delicious, cheap range of biriyanis, meats and even Sri Lankanized Chinese.



අපේ කොල්ලෙක් ඉතින්…

මොනව කරන්නද, දුරස් වෙන්නනෙ යන්නෙ. ඔය රට යනව කියන්නෙ.

වැඩේ තියෙන්නෙ ඒකා රට යන එක නෙවෙයි, ඊට කලින් කරන්න තියෙන වැඩ ටික කරන එකනෙ…

කිව්වට විශ්වාස කරන්න යාළු කොටුවෙ ම පැය 4ක් හොඳේ. අඩුමකුඩුම, බඩුමුට්ටු ඔක්කෝම ගන්නව පාරක් පාරක් ගානෙ ගිහින්. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඔයාලට මේ දවස්වල දවාලක කොටුවෙ බැස්ස කිව්වාම. ආයෙ ගිනි කාස්ටකේ, දාඩිය දාගෙන, දූවිල්ල නාගෙන… හැබැයි කට්ටියම, ෆුල් බොක්කෙන් සප් එක දුන්න ඈ. කෙළින් ම හැන්දෑවෙ 4 වෙනකම් නෝ කතා, වැඩ ඔන්ලි.

අන්න ඊට පස්සෙ තමයි ආවෙ දවසෙ වැදගත් ම කොටස. යාළුවගෙ කෑම පාර්ටිය.

“මොකා් බං කරන්නෙ?”

ඇත්තටම අපි ඒ වෙද්දි හිටියෙ ටවුන්හෝල් ඔඩෙල් එකට ඇවිත්. ඊටත්, කාගෙවත් අයිඩියා එකක් තිබුණෙත් නෑ, තව ඇවිදින්න යන්න.

“හම්බෝ මෙ.. ළඟපාත තැනකින් කමු හොඳේ. මට නම් බෑ තව යන්න” ගත් කටට ම එකෙක් කියාපි.

“බුද්ධිය, ඒනම් උබට තමයි තැනක් කියන්න වෙන්නෙ. මම නම් දන්නෑ මේ ලයින් එකේ කඩ”

“වැඩේ කියන්නෙ බං.. මං දන්නෙත් නෑනෙ ඒ හැටි. මෙතන එහා පැත්තෙ නම් තියෙනව සුල්තාන් පැලස් කියල, සාමාන්‍යයෙන් හොඳ ප්ලේස් එකක්. ඕන මසක් මාළුවක් එහෙමත් තියෙනව එතන.”

“එළ එළ. සුල්තාන් නැතත් කමක් නෑ අපි එතනින් කමු. ඒක ලේසියි.. මං කියන්නෙ!”

තනි කොලේට ම වැඩේ පත්තු වුණ නිසා මමත් වැඩිය දඟලන්න ගියේ නෑ. සනික, පිරිසත් අරගෙන ගියා එතට. ගිහින් කෙළින්ම ගොඩවුණේ උඩ තට්ටුවෙ සුවපහසු කෑම කාමරේට. ගොඩවෙලා ඉතින් දන්නැද්ද, නිදහස් මුල්ලක් අල්ලගෙන, හෙමින් සැරේ වාඩිවෙලා ඕ..න්න කතාවකට මුල පුරන්න හැදුව විතරයි… වේටර් මල්ලියෙක් ආවා කියන්නකො මෙනුවකුත් අරගෙන. ඊට පස්සෙ එයා හැඳි ගෑරුප්පු, පිඟන් කෝප්ප ටික ගේන්න ගියා. මැනේජර් මහත්තය වගේ කෙනෙක් ආවා ඕඩරේ ලියාගන්න.

“තන්දුරි චිකන් බිරියානි එකයි (රු. 490), මට්න් කොත්තු එකයි (රු. 600), සුල්තාන් ස්පෙෂල් චිකන් නූඩ්ල්ස් එකයි.”

“හරි මහත්තය. එතකොට බොන්න?”

“බොන්න…

මට ලයිම් එකක්, කූල් නැතුව.” කියල, වැඩේ බාරදුන්න යාළුවට. කොහොම හරි යාළුව ඕඩර් කළෙත් ලයිම් එකක්. ඒකට අපේ අනිත් එකා, ගත්ත ගමන් වැඩ දාලා අයිස් කෝපි එකක් ඉල්ලුව කියන්නකො.

එතනින් පස්සෙ ඔන්න කෑම එනකම් කියල අපි ලෑස්ති වුණා රට යෑමේ විස්තර පොඩ්ඩක් කතා කරන්න. එත් කොහෙද විනාඩි පහට බීම ටික මේසෙ උඩනෙ. ඒකත්, අපේවුණ්ට තිබ්බ තිබහට උගුරට දෙකට ඉවරයි.

ඇත්තටම, කියන්න වචන නෑ යාළු, වෙලාවෙ හැටියට.. සුප්ප ලයිම් එක. හැබැයි සීනි ටිකක් වැඩියි. අනිත් කාරණය තමයි අයිස් කැට දාලා නිසා අන්තිම හරිය බොද්දි ඉතින් තනිකරම වතුර. ම්ම්… අඩුවක් නැතුව දෙහි නම් දාලා තිබ්බ. ඒත් මගෙ හිතේ අර ලයිම් රස කාරකත් දාලා වෙන්න ඕන, පොඩි දැනෙන නොදැනෙන රසකුත් නොතිබ්බම නෙවෙයි.

යාළුව කියපු විදියට අයිස් කෝපි එකත් හොඳ වෙන්න ඕන. වැඩේ තිබ්බෙ ඒකට පාවිච්චි කරපු කෝපි එක ටිකක් කොලිටි මදිලු. හැරත් එයාට නම් කිරි ගතියත් වැඩියිලු. ඒක නිසාම වෙන්නැති නිවීගෙන එනකොට සීනි කට්ටෙටලු.

කෙහොමහරි බීම බීලා කට ගන්න හම්බවුණේ නෑ කෑම ටිකත් මෙන්න මේසෙ උඩ. ෂැහ්! මම හිතාගෙන හිටියෙ කොත්තුවට තනියෙන්ම වැඩේ දෙන්න. ඒත් කොහෙද, ඒකෙ සයිස් එක දැක්කාමනෙ පසුබෑමට ලක්වුණේ. පස්සෙ වෙනම පිඟානක් අරගෙන ඒකට බෙදාගත්ත කොත්තු ටිකක්, තඩි මට්න් කෑලි තුන හතරකුත් එක්කම... බෙදාගෙන බැස්ස වැඩේට හැන්දකුත් අරගෙනම.

ම්ම්… පිස්සු කොරනෙ. පළවෙනි කටෙන් ම නිකම් දිව පිනාගියා වගේ. මට්න් එක නම් සුපිරි ම ඈ. කොත්තුවටත් දාලා තියෙනව හොඳ හැටි කැරට් ලීක්ස් අඩුමකුඩුම එක්ක මිරිස්, ගම්මිරිස් ටිකකුත් පදමට සැර තියෙන්න. වැඩිය ඕන නෑ, උණු උණුවෙ ඒකෙන් කටක් දෙකක් කෑවා කියන්නෙ, ආයෙ ඔළුව උස්සන්න හිතෙන්නෙ නෑ. කාගෙන කාගෙන ගියහැකි එක හුස්මට බඩ පැලෙන්න. බොරු කියන්න ඕන නෑනෙ යාළු, කොත්තුවට තඩි මට්න් කෑලි දාලා තියෙනව ලෝබ නැතුව. ඊටත් ඒව හොඳ හැටි මිරිස් තුනපහ එක්ක කරිය වගේ හදල වෙන්න ඕන, හරිම රසයි.

ඒකට දෙවනි නැති එයාලගෙ බිරියානි එක. ඒකෙ චිකන් පළුව! කෙළින්ම කුකුළගෙන් 1/4ක්. තන්දුරිවල පදම් කරලා, ගැඹුරු තෙලේ බැදලා, හොඳ හැටි ලුණු ඇඹුල් පදමත් තියෙන්න, වැඩිය ඕන නෑ බයිට් එකට වුණත් කියාපු හොඳේ. අනික බත් එක.. ටොපේ ටොප්. කීරි සම්බා හාලෙන් හදල, පදමට බිරියානි තුනපහ, මසාලා ටික දාලා.. ස්ටොක්වලින්ම තම්බලත් එක්ක. ඊටත් කොත්තුවෙ සයිස් එකටම බතත් තියෙනව, ගින්නක් නැතුව දෙන්නෙක්ට ඇති වෙන්න.

කිරිගහට ඇන්න වගේ නූඩ්ල්ස් එකත් එලෙසමයි යාළු. මිරිස්, ගම්මිරිස්, ලුණු රසකාරක පදම වගේම කැරට්, ලීක්ස් එහෙමත් නියම ගාණට. එතකොට… ඒකටත් තියල තිබ්බෙ අර බිරියානි එකට තියපු තඩි තන්දුරි චිකන් පළුවම තමයි. ඒ නිසාම, නූඩ්ල්ස් එකට හොදි පොඩ්ඩකුයි, චිලිපේස්ට් පොඩ්ඩකුයි එකතු වුණාම පංකාදුයි පහයි හොඳේ!

හිතන්න අපේ හොඳම කාබාසිනියෙක්ටත් කාලා ඉවර කරගන්න බැරිවුණා කියන්නෙ, මං කියන්නෙ එච්චර රස වෙලත්..!


TIP

Although all of their dishes are full of promise, ask what their specials are. They pay great attention to a few dishes that are mind-blowing. Try not to walk out of there without a slice of muscat.

Address

45A, C W W Kannangara Mawatha, Colombo 7

Directions

It's almost opposite the Dewatagaha Mosque.

Contacts

Report Inaccuracy
Similar Places

User Reviews
See 19 Comments