Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

5/5

Rainforest Retreat

Gendagala, Ayagama, Kukuleganga


A beautifully secluded destination surrounded by the tranquil wilderness. Ideal for meditation, a weekend of serenity and to indulging in the blessings of nature and wellness.



ගහකොළත්, ඇලදොළත්, කඳුපන්තීන්ගෙනුත් වටවූ අපූරු නවාතැන!

මේ කතාව පටන් ගන්නෙ හරි අමුතුම විදියකට.. ගොඩක්දුරට ඔයාලත් බලයි ඇත්තටම, මම ඇයි එහෙම කියල. ඒත්.. ඒක මම කැමති විදියනෙ ඉතින්.

පහුගිය මාසෙ දෙකේම ලෝන්ග් වීක්එන්ඩ් කීපයක්ම ගෙදරට වෙලා ඉඳපු මට, පහුගිය සතියෙ ඔ්නවුනා කොළඹට නුදුරින් දවසෙ ගමනක් ගිහිල්ල එන්න. හැබැයි කැළයක් කොළයක්, ඇලක් දොළක් ගතට හිතට දැනෙන විදියට තියෙන තැනක. ඉතින්.. ඒ ගමනට තැන් බලද්දි තමයි මට මේ තැන අහම්බෙන් වගේ ඇහැ ගැටුණෙ. ඒකත් කෙලින්ම බුක් කරන්න පුලුවන් විදියකින් නෙවෙයි. නොම්මරේ හොයලා, කතාකරලා.. වැඩ තොගයක් තිබ්බා කරන්න.

හැබැයී.. තැනේ නිර්මාතෘවරියට මම කතා කලාට පස්සෙ තමයි මට තේරුනේ, ඇයි එයා මෙතන ඩිරෙක්ට් බුකින්ග් වලට පහසුකම් සලස්වන්නෙ නැත්තෙ කියල.

“මිස්ට.. මට ඔ්න මෙතනට පරිසරයට ආදරය කරන, පරිසරය රසවිදින, ඒක ආරක්ෂා කරගෙන අධ්‍යයනය කරන්න කැමති අය තමයි විශේෂයෙන්ම. මොකද මෙතන ගොඩක් දුර්ලභ සත්ව විශේෂ වගේම ඒ අතරින් අපිට ආවේණි සත්ව විශේෂත් සෑහෙන්න ඉන්නව. ඒ හැරුනාම මම, ඔය.. භාවනා කරන්න එන අය එහෙමත් ආදරයෙන් පිළිගන්නවා."

‘අනිවාර්යයෙන්ම යන්න ඔ්න තැනක්.. අනිවාර්යයෙන්ම’ මගේ හිතේ ඉතුරුවුනේ එච්චරයි.

ඒ ඉතුරුව පුරවන්න මට ඔ්න යාළුවො දෙතුන් දෙනාවත් මමම තෝරල කරලා අරගත්තා. අරගෙන තමයි සෙනසුරාදා දවස අල්ලල උදෙන්ම පිටත්වුනේ.

පාන්දරින්ම පිටත් වුනත් ගමනෙ, උදේ කෑමට නවත්තපු පුංචි කටුමැටි බත් කඩේ.. බත් කාලා ඉවරවෙලා හිටියත් අපෙන් ලොකු වෙලාවක් උදුරගත්තා. හ්ම්.. කඩේට එපිටින් පුංචි ඇල, ඉස්සරහින් මහ කන්ද.. යාළුවො තුන්දෙනාට සිහි නෑ, හරියට වෙනමම ලෝකෙකට ඇවිල්ලා වගේ. මමයි පෙරැත්ත කරලා වීල් එකට නග්ගගත්තෙ බොහොම අමාරුවෙන්. ඒ මදිවට මග එන ගමන් කුකුලේ ගඟ ඉවුරු යා කරන වැල් පාලමක් ලඟත් පැය බාගයක් විතර. මාකෙලි ඇල්ලෙත් වතුර පාර සැරට තිබ්බ නිසා ඈතට හරිම ලස්සනට පෙනුනා. බොරු කියන්න ඔ්න නෑනෙ, එතන නම් මමත් ටිකක් වැඩිපුර වෙලාවක් ගතකරනවට කැමැත්තෙන් හිටියෙ.

කොහොම කොහොමින් හරි ඔය කියන කාරණා නිසා අපි කුකුලේගඟ ප්‍රොජෙක්ට් ඔෆිස් එක පහුකරනවත් එක්කම තියෙන ගෙඳගල ආරණ්‍යය පාරට කිට්ටු කරද්දි උදේ 10 විතර වෙලා. වැඩේ වුනේ.. ඒ පාරනෙ, අනේ හරිම අබලන්. අබලන් කියන්නෙ ඇත්තටම බයිසිකලයකට, වීල් එකකට අමාරුවෙන් යන්න පුලුවන් වුනත් ආයෙ ජීප්, ලොරි වගේ වාහන හැරෙන්න, අනිත් වාහන වලට යන්න තියා හිතන්නවත් බෑ. ඊටත් අපේ වීල් එකත් පිටිපස්සෙ තුන්දෙනාම බැහැලා හෙමිහෙමිහිට ඉස්සර කරලා යැව්වෙ. යවලා පුලු පුලුවන් තැන්වලදි ගොඩවෙලා ආවා මිසක්..

අමාරුවෙන් අමාරුවෙන් ආවට මොකද.. කැළේ ඉමටම වගේ එනකොට, එක තැනක හමුවෙන ලොකු දොළ පාර, ඒකෙ තිබ්බ විශාල ස්වභාවික නාන තටාකය!

වාහනේ අමාරුව කොහෙන් ගියාද නෑ, අපේ හිතේ අමාරුවත් කොහෙන් ගියාද නෑ. අනික එතනම එපිට කන්ද මුදුනෙනෙ ‘රිට්‍රිට්’ වන අරණ.

හෙමින් සැරේ වාහනේ අයින් කරලා අපි බඩුමුට්ටුත් අරගෙන ගියා පිවිසුමට. යනකොටම.. අයිතිකාරිනිය ඔය එන්නෙ ඉස්සරහට, හිනාමුසු මූණක් හොවාගෙනම.

“හලෝ..

මම හිතුවා ඔයා එයි කියල. මොකද මම අර වචන ටික කිව්වට පස්සෙ මගෙන් මුකුත් ප්‍රශ්න ඇහුවෙ නෑනෙ”

මමත් හිනාවෙලා..

“ඔයා දුන්න උත්තරේ ඇතුලෙ මගේ ප්‍රශ්න ඔක්කොටම උත්තර තිබ්බා, ඒකයි”

අපිට හිමිවුනේ පඩි කීපයක් නැගගෙන උඩට යන්න තිබුනු කාමරයක්. ඇත්තටම ඒක හරි අපූරුවට නිමවුනු පුංචි කොටේජයක් කිව්වත් නිවැරදියි. කොහොමහරී.. වටිනාකම තියෙන්නෙ කාමරය ඇතුලෙ නෙවෙයි, ඉස්තෝප්පුවෙ. එතන ඉස්සරහට කෙලින්ම පේන මහ කැළේ.. රූස්ස ගස්වලින් පිරිලා. ඊට එපිටින් පුංචි දොළ පාර. දොළපාරෙන් හරවගත්තු පොඩි වතුර පාරකින් තමයි එයාලගෙම හුරුබුහුටි නාන තටාකය පිරිලා ඉතිරිලා යන්නෙ. අපේ කොටේජයෙ කෑම මේසය නම් එළිමහන් එකක්. ලොකු කලු ගලක් එක්ක, ලස්සන ලෑල්ලක් දාලා.. කියල වැඩක් නෑ ඉතින්.‌ කොටින්ම කියනව නම් එතනට ගිහින්, බඩුමුට්ටු ටික තියලා, ඉස්තෝප්පුවෙ වාඩිවෙලා.. ලොකු හුස්මක් අරගෙන පහලට දැම්මාම..

හිතට දැනෙන නිදහස!

විශේෂයෙන්ම කියන්න ඔ්න ඒ කොටේජය ඇතුලෙ නිමවුමත් හරිම සරලයි. ඩබල් බෙඩ් එකක් එක්ක බිත්තියටම අල්ලපු ඇඳුම් රාක්කයක්, උඩින් විවෘත කරපු සුවපහසු නාන කාමරයක්.. එච්චරයි. ඉස්තෝප්පුවෙ නම් තියෙනව පුංචි පිලක් හදලා. වාඩියක් දාගෙන කයියක් ගහන්න.. නැත්නම් උදේට හැන්දෑවට භාවනා කරන්න වගේ..

අපේ කොටේජයට උඩිනුත් පහලිනුත් ඒ වගේම තව කොටේජ දෙකක් තියෙනව. එතකොට.. ඊට පොඩ්ඩක් එපිටින් ලොකු හෝල් එකක් තියෙනව 20 දෙනෙක්ට වුනත් ඉන්න පුලුවන්. එයා කියපු විදියට නම් ඒක කන්ෆරන්ස් හෝල් එකක්. ගොඩක්ම භාවනා කරන්න එන අයට නැත්නම් කුරුල්ලො බලන්න, සොබාදහම අධ්‍යයනය කරන්න එන අයට දේශන තියන්න වගේ පාවිච්චි කරන.

ඔක්කොමත් හරි එයාලගෙ මැටියෙන් ඉදිවුණු පුංචි කුස්සියට තමයි මගේ හිත වැඩියෙන්ම ගියේ. ලොකු පහසුකම් නැතිවුනාට එතන හරි ලස්සනට, ගැමි විදියට වැඩේ යනවා. කතා මොකටද ඔන්න පින්තූරෙ තියෙනව අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක.. පංකාදු බෙලිමල් පොල්කට්ටයි, ටොප් කිතුල් හකුරු කෑලි ටිකයි!

ඔ්කෙන් හොඳහැටි සප්පායම්‌ වෙලා තමයි අපි පටන් ගත්තෙ කැළේ කොලේ රවුමක් ගහන්න. මුලින්ම කොටේජ වලට උඩපැත්තෙ විව් පොයින්ට් එකට.. ඊට පස්සෙ බටගාල් මැදින් දොල පාර පැත්තට..

තැන් දෙකේම ලොකු වෙලාවක් අපිට ගතකරන්න නොලැබුන එක ගැන නම් කණගාටුයි. කොහෙද මේ.. ලාවට තිබුන පොද වැස්ස අපි උඩට කිට්ටු කරනවත් එක්කම මහ වැස්සකට පෙරලුණානෙ. ඒත් හැබැයි ඒ.. මොහොතක මතකය ඇති, ආයෙ කාලගුණ ත්තවය හොඳ කාලෙක මෙහේ රවුමක් ගහනකම්.

තෙමීගෙන ආපු අපි ඒ ගැම්මටම පුංචි පූල් එකේ බැහැලා නාලා කෙලින්ම ආවෙ කෑමට..

ඉස්මුරුත්තාවට එනකම්ම කෑවා නොකිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. වැඩේ වුනේ.. කාලා ඉවරවෙලා පොඩි රෙස්ට් එකක් ගත්තත් හරි, මෙන්න ආයෙත් ඝන අන්ධකාරෙ..

“මේ වැස්ස කඩාපාත් වුනොත් නං බං අර පාරෙ ගිහින් හමාරයි වීල් එකේ. සනික අදිමුද?”

හ්ම්.. හිතක් නම් නෑ යන්න. ඒත්.. දවසක ගමනකනෙ ප්ලෑන් එක තිබුනෙ.

බඩුමුට්ටුත් අරගෙන අපූරු වන නිවහනට සමුදුන්නට කවුරුත්, ඒ හිතකින් නම් නෙවෙයි කියල විශ්වාසයි. පාරට යනකම්ම තිබ්බ නිහැඬියාවෙන් මට ඒක හොඳටම තේරුනා.. මටත් ඉතින් එහෙම්මම තමයි.

“කමක් නෑ.. ආයෙ ලඟදිම එනව දවස් ගාණක් ඉඳලා යන්න”

මම මටම කියාගෙන හිත හදාගන්නයි ට්‍රයි එක!


TIP

For Meditation & Bird watching!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment